ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු සම`ග පැවති සාකච්චාව මාධ්‍ය දැනුවත්කිරීමේ නිවේදනය
Posted on February 9th, 2021

ජාතික උරුම,ප්‍රාසාංග කලා හා
ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය.

පුරාවිද්‍යාව සහ පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව යාපනයේ ජීවත්වන ජනයා තුළ වැරදි මතයක් ගෙන යාමට සමහර ද්‍රවිඩ දේශපාලඥයින් කටයුතු කරනවා යැයි යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.
පුරාවිද්‍යාවට මුවා වී රජයේ හමුදාවන් දෙමළ ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කටයුතු කරන බවටද අසත්‍ය මත ප්‍රචාරය කිරීමකද ඔවුන් නියැලෙන බව අරුන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
අරුන් මහතා මේ බව සඳහන් කළේ ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර අද (08) අමාත්‍යංශයේදී පැවැති හමුවකදීය
යාපනය ප්‍රදේශයට පැමිණ මෙසේ විවිධ මත ගෙන යන පාර්ශවයන් හමුවී ඔවුන් සමඟ සාකච්ඡා කර සත්‍යතාව පැහැදිලි කරන මෙන් එහිදී අරුන් මහතා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ය.
අරුන් මහතාගේ ඉල්ලීමට සතුට පළකළ අමාත්‍යවරයා කඩිනමින් යාපනයට පැමිණ අදාළ පාර්ශවයන් හා සාකච්ඡා කිරීමට කටයුතු කරන බව එහිදී සඳහන් කළේය. මෙම අවස්ථාවට කොළඹ ත්‍රීවීල් රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ද සහභාගී වී සිටියේය.
මේ පිළිබ`දව ඔබතුමාගේ මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

කංචක අසේල ගාල්ලගේ
මාධ්‍ය ලේකම්,
ජාතික උරුම,ප්‍රාසාංග කලා හා
ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress