හැට නව ලක්ෂයක ජනවරම යනු කුමක්දැයි ඇතමුන් යළි කියවාගත යුතුයි – රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර
Posted on February 14th, 2021

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර

අෙ`ග් වාඩිවී කණ කෑම්, භාදා, දුෂ්කරතා, කුමන්ත‍්‍රණ, සියල්ල මැද යළිත් දේශ හිතෛෂී ප‍්‍රගතිශීලී බලවේගය වෙත ආණ්ඩු බලය ලැබී ඇති බවත්, ඉතිහාසයේ සිදුවූවාක් මෙන් එම ජයග‍්‍රහණය ආපසු හැරවීමට ඉඩ නොතබා, ආණ්ඩුව තුළ සිටින ඇතැමුන් හැටනව ලක්ෂයක් ජනතාව මේ ජයග‍්‍රහණයෙන් ආපේක්ෂා කරන්නේ කුමක්ද යන්න විවෘත මනසින් යුතුව කියවාගතයුතුව ඇතැයි ගුදම් පහසුකම්, බහාලූම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ප‍්‍රකාශකර සිටියේය.


ඒ මහතා මේ බව ප‍්‍රකාශ කලේ දිවන්ගත ආතර් වී. දියෙස් මැතිතුමාගේ 135 වන ජන්ම දින සමරුවට එක්වෙමිනි. 

එහිදී ජයන්ත සමරවීර මැතිතුමා මෙසේද ප‍්‍රකාශකර සිටියේය.
‘‘ මේ බලවේගය කියන්නෙ ආතර් වී. දියෙස් මැතිතුමන් නියෝජනය කරන බලවේගය. එතුම බලාපොරොත්තු වුන බලවේගය. එතුමා රටට අවශ්‍ය වන්නේ කුමන විදියෙ බලවේගයක්ද, ඒ බලවේගයේ පදනම් දැක්ම කුමක්ද, අධිරාජ්‍යවාදින්ගෙ න්‍යායපත‍්‍රය සැකසෙන්නෙ කොයි විදියටද කියන එක නිවැරදිව අවබෝධ කරගෙන හිටියා. ඒ නිසා තමයි ඞී. එස්. සේනානායක මහත්තය සුද්දන්ට පාවඩ එලල ඊනියා නිදහස පිලිගනිද්දි, දියෙස් මැති තුමා තමන්ගෙ ලේ වලින් ලිපියක් ලියමින් අහන්නෙ ‘‘ ඞී. එස්. මේ සැබෑ නිදහස නෙමෙයි. රාජ්‍ය පරිපාලන කටයුතු වලින් අපේ සංස්කෘතිය පිටමන් කරනවනම් ඒක සැබෑ නිදහසක් වෙන්නෙ කොහොමද ?’’ කියල. ඒ විතරක් නෙමෙයි එතුමා තමන්ගෙ හිතමිතුරෙක් වුන, එතෙක් නිදහස් සටනෙ තමන් එක්ක හිටිය, ඒ වනවිට රටේ අග‍්‍රාමාත්‍යවරය වුන ඞී.එස්. සේනානායක මහත්තයට ලියනව  ‘‘ඞී. එස්. තව දුරටත් අපි දෙන්නට එකම ගමනක් නෑ. අපි වෙන්වෙන්නට කාලය ඇවිත්. ඔබ ඔබේ ගමන යන්න. මම මගේ ගමන යන්නම්’’ කියල.
මොකක්ද එතුම කිව්ව මේ මගේ ගමන. ඒ ගමන තමයි වරායෙ නැගෙනහිර ජැටියත් රැකගෙන, ජාතික සම්පත් විදේශිකයන්ට විකුණන එකත් නවත්තගෙන අපි මේ යමින් ඉන්නෙ. ඒ ගමන තමයි 1952 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරමින් බණ්ඩාරනායක මහත්තය ආරම්භ කරන්නෙ. එතුම ස`ග වෙද ගුරු ගොවි කම්කරු කියල එකතු කරන්නෙ ඒ ගමනට අවශ්‍ය ජාතික බලවේගය. ඒ බලවේගය තමයි 1948 දි වෙච්ච වැරැද්ද නිවැරදි කරමින් 1972 ජනරජ ව්‍යවස්ථාව ගේන්න කටයුතු කරන්නෙ. ඒ බලවේගය තමයි බලය ලැබුන හැම අවස්ථාවකම මේ රට ජාතික ආර්ථිකයක් දෙසට මෙහෙයවාපු බලවේගය. ඒ බලවේගය තමයි බලය නොමැති දුෂ්කර යුගවල පාරට බැහැල, උද්ඝෝෂන කරල මේ රටේ ජාතික සම්පත් රැකගත්ත බලවේගය.
නමුත් මේ බලවේගය බලයට පත්වෙන හැම අවස්ථාවකම සතුර කලබල වෙනව. බලයට පත්වෙන එක නවත්වන්න බැරිනම් බලයට පත්වුන පසු අවුල් වියවුල් හැදීම ආරම්භ කරනව. කුමන්ත‍්‍රණ කරුවන්, ඇතැම් රාජ්‍ය නිලධාරින් යොදාගෙන ජනතා බලාපොරොත්තු වලට පිටුපාමින් කටයුතු කරන්න අවශ්‍ය න්‍යායයන් සම්පාදනය කරල දෙනව. 1970 ආණ්ඩුව 1975 වෙනකොට බි`දවට්ටවන්නෙ ඒ විදියට. 1994 චන්ද්‍රිකා ආණ්ඩුව කැලෑ පාරක ගෙනියන්නෙ ඒ විදියට.
2005 දි මහින්ද රාජපක්ෂ මැතිතුමාව බලයට ගේන්නෙ මම කලින් ස`දහන් කරාපු බලවේගය. එතුම මේ රට හරි පීල්ලට අමාරුවෙන් හරි දාගන්නව. ඒ නිසා තමයි අධිරාජ්‍යාවාදින්ගෙ සහය ලැබුන ම්ලේච්ඡු කොටි ත‍්‍රස්තවාදය පරාජය කරන්න අපේ රටට පුලූවන් වෙන්නෙ. හැබැයි 2015 අවුරුද්ද වෙනකොට විශාල අවලාද ව්‍යාපාරයක් දියත්කරල, එතුමව පරාජය කරන්න සතුර සමත් වෙනව. හැබැයි අවුරුදු පහයි. මේ රටේ ජාතිකවාදී ප‍්‍රගතිශීලී බලවේග වලට පුලූවන්වෙනම යලිත් රට මුදාගැනීමේ මාවතට අවතීර්න වෙන්න. හැටනව ලක්ෂයක ජනතා බලයකින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වරයා බවට පත්වෙනනෙත් 2/3 ක බලයක් සහිත පාර්ලිමේන්තුවක් නිර්මාණය වෙමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා අග‍්‍රාමාත්‍ය වෙන්නෙත් ඒ හරහා.
අනගාරික ධර්මපාල තුමා, ආතර් වී දියෙස් මැති තුමා, එස්.ඩබ්.ඞී.බණ්ඩාරනායක මැතිතුමා,ඞී.ඒ.රාජපක්ෂ මැතිතුමා වැන්නන් පෝෂනය කරාපු දාර්ශනික චින්තාව සහිත බලවේගය තමයි මේ හැම යුගයකම ජාතික ආර්ථිකයක් ඉල්ලමින්, ජාතික ආරක්ෂාවක් ඉල්ලමින්, රටේ ස්වයිරීත්වය රකින්නට බලකරමින්, රටේ අභිමානය ප‍්‍රාර්ථනා කරමින් මේ පෙරට එන්නෙ. ඉතින් අද දවස කියන්නෙත් ඒ බලවේගය යම් ජයග‍්‍රහණයක් අත්පත් කරගෙන ආණ්ඩු බලය හොබවන යුගයක්.
අපි කලින් ස`දහන් කරා වගේ අද මේ ජයග‍්‍රහණය ආපසු හරවන්න අෙ`ග් ඉදන් කන කන වැඩ සිද්ධ වෙමින් යනව. මේ බලවේග එකිනෙකා කොටවල වාසිගන්න උත්සාහ කරමින් ඉන්නව. අපි මේ හැමදෙයක් ගැනම අවබෝධයෙන් ඉන්නා බවත් මෙතනදි කියන්න  ඕන.’’
පෙබරවාරි 11 වන දින පානදුර නගරයේ පිහිටුවා ඇති ආතර් වී. දියෙස් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව පානදුර රන්කොත් විහාරස්ථ ධර්මශාලාවේ සමරු උත්සවය පැවති අතර ගෞරවණීය ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනූප පැස්කුවල් මහතා, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සහ ආතර් වී. දියෙස් මහතාගේ ඥාතීන් ඇතුලූ පිරිසක් උත්සවයට  සහභාගි වී සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress