අග්‍රාමාත්‍යතුමා අතින් “හොඳ හිත නෙළුම් බුදු කුලුන” විවෘත වෙයි
Posted on February 18th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

තිස්සමහාරාම, පොල්ගහවැලෑන, පන්නෙගමුව පාරේ පිහිටි හොඳ හිත සිතිවිලි මන්දිර පරිශ්‍රයේ ඉදිකළ අඩි 127ක් උස හොඳ හිත නෙළුම් බුදු කුලුන” ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද 2021.02.18 දින විවෘත විය.

හොඳ හිත නෙළුම් බුදු කුලුන” මස්තකයෙහි උසින් අඩි 16ක්, දිගින් අඩි 18ක් හා පළලින් අඩි 09ක් වූ ධර්මචක්‍ර මුද්‍රාවේ සමාධි බුද්ධ ප්‍රතිමාවකි. ශාසන කීර්ති ශ්‍රී කලාශූරි පුජ්‍යපාද රත්නපුරේ නන්ද හිමි මෙම බුදු පිළිම වහන්සේ නිර්මාණය කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හොඳ හිත නෙළුම් බුදු කුලුන” විවෘත කිරීමෙන් එම පරිශ්‍රයේ සල් පැලයක් රෝපණය කළේය. අනතුරුව මහා සංඝරත්නය උදෙසා පැවැති සංඝගත දක්ෂිණාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නයට දන් පිළිගැන්නුවේය.

බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, තිස්සමහාරාම රාජමහා විහාරාධිපති පූජ්‍ය දේවාලේගම ධර්මසේන හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, විද්‍යෝදය පරිවෙණාධිපති පූජ්‍ය බලංගොඩ සෝභිත හිමි, නැදිගම්විල විල්පිට රාජමහා විහාරාධිපති පූජ්‍ය උයන්වත්තේ සද්ධාරාම හිමි ඇතුළු මහා සංඝරත්නය මෙම පිංකමට වැඩම කළ වදාළහ.

මෙම අවස්ථාවට දකුණු පළාත් සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා, දේශබන්දු ලංකාපුත්‍ර,දේශාභිමානී දේශමාන්‍ය  ලංකා කීර්ති මානවතිලක වර්ෂාහැන්නැදිගේ මහතා ඇතුළු එතුමාගේ පවුලේ සමාජිකයෝ සහ බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress