විදේශ විනිමය ගෙන එන බෝග වගාව ඉහල නැන්විය යුතුයි – අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
Posted on February 21st, 2021

මාධ්‍ය නිවේදනය රාජ්‍ය ආරක්ෂක,ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය.

ජනතාවගේ ජීවන වියදම පහල දැමීමට අවශ්‍ය කටයුතු සැලසුම් කලයුතු බව වාරිමාර්ග අමාත්‍ය හා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ඊයේ (18) ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ජාතික සම්බන්ධීකරණ කෘෂිකාර්මික අනුකමිටුවේ දී ය.

විදේශ විනිමය ගෙන එන බෝග වැඩි වශයෙන්  වගාකිරීමට ගොවීන් පෙලඹ විය යුතු බව අමාත්‍ය වරයා මෙහිදී අදාල නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.දැනට වගා නොකර ඇති ඉඩම් යලි වාගා කිරීම සදහා ගොවීන්ට ලබා දීමට අවදාන යොමුකල යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලා.කෘෂිකාර්මික හා ආහාර නිශ්පාදයේ දී සතුන්ගෙන් සිදුවන හානි අවම කිරීම සදහා කඩිනමින් ක්‍රියා මාර්ග ගතයුතු බවට ද චමල් රාජපක්ෂ මහතා කියාසිටියා.

 රට හදන සෞභාග්‍යයේ දැක්මට අනුව වැඩ සමග යළි ගමට ජාතික වැඩසටහනෙහි කෘෂිකර්ම විෂය පද්ධතියට අදාළව ගැටලු මෙහිදී සාකච්ඡා කරන ලදී.

මෙම  අනුකමිටුව සඳහා  වාරිමාර්ග, වනජීවී, කෘෂිකර්ම , ඉඩම්, පරිසර හා වැවිලි කර්මාන්ත යන අමාත්‍යාංශ 6  ඇතුලත් වේ. එම අමාත්‍යාංශ වල අමාත්‍යවරු, ලේකම්වරු සහ අදාළ රාජ්‍ය නිලධාරීන් සමග කෘෂිකාර්මික ගැටලු සඳහා විසදුම් ලබා දෙන ලදී. 

2021 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම හා ක්‍රියාකාරී සැලැස්ම සහ ඊට අදාල ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ ගැනීම හා අන්තර් අමාත්‍යාංශයීය මට්ටමින් විසඳාගත යුතු ගැටලු මෙහිදී සාකච්ඡා කරන ලදී. 

ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ජාතික සම්බන්ධීකරණ කෘෂිකාර්මික අනුකමිටුවේ සභාපති වරයාවන්නේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතායි.

රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ  පැවැති ජාතික සම්බන්ධීකරණ කෘෂිකාර්මික අනු කමිටු රැස්වීම සඳහා  පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා , ඉඩම් අමාත්‍ය එස් එම්  චන්ද්‍රසේන  මැතිතුමා සහ  වැවිලි කර්මාන්ත අමාත්‍ය  වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා  එක්ව සිටියේය. 

ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ , සිරිපාල ගම්ලත්, අනුරාධ ජයරත්න , ඩී .බී හේරත් සහ එස්. වියාලේන්දන් මහත්වරු එක්ව සිටියේය.

කසුන් වීරතුංග (මාධ්‍ය ප්‍රධානී – 0713935936)
මාධ්‍ය ඒකකය.
රාජ්‍ය ආරක්ෂක,ස්වදේශ කටයුතු හා
ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress