අ.පො.ස.(සා පෙළ) විභාග රාජකාරිවල නිරත වන 46000 ක් පමණ වන ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා අනෙකුත් කාර්යය මණ්ඩල එන්නත් කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස නොසැලකීම සම්බන්ධවයි.
Posted on February 23rd, 2021

ලංකා ගුරුසේවා සංගමය.

ගරු අධ්‍යාපන අමාත්‍ය,
ජී.එල්. පිරීස් මහතා,
අධ්‍යාපන අමාත්‍යංශය,
බත්තරමුල්ල

අමාත්‍යතුමනි,

අ.පො.ස.(සා පෙළ) විභාග රාජකාරිවල නිරත වන 46000 ක් පමණ වන ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා අනෙකුත් කාර්යය මණ්ඩල එන්නත් කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස නොසැලකීම සම්බන්ධවයි.

ක‍දඩසා-19 වසංගත අවදානම හමුවේ දිවයිනේ මධ්‍යස්ථාන 4513 කදී මාර්තු 01 වන දින ආරම්භ වන 2020, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරි සදහා කැදවීමට නියමිතව ඇති 46000 ක් පමණ වන ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් කාර්යය මණ්ඩල එදිනට පෙර ප්‍රමුඛ කාර්යයක් සේ සලකා එන්නත් කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කිරීමට මැදිහත්වන ලෙස ලංකා ගුරු සේවා සංගමය ඉතා ඕනෑකමින් හා වගකීමෙන් යුතුව ඉල්ලා සිටිමු.

02ග රට තුළ ක‍දඩසා-19 වසංගතය ආරම්භයත් සමග අධ්‍යාපන අමාත්‍යංශය, 43 ලක‍ෂයක් පමණ වන සිසු දරුවන් හා 3 ලක‍ෂයකට ආසන්න ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා අනෙකුත් කාර්යය මණ්ඩලවල ආරක‍ෂාව හා අවදානම පිළිබදව දැඩි අවධානයක් යොමු කරමින් පාසල් වසා දැමීමට කටයුතු කරන ලදි. නමුත් දිනපතා රෝගීන් සියගණන් හා මරණ කීපයක් වාර්තා වන තත්ත්වයක් තුළ සිසුන් 6 62352 ක් එකවර පෙනී සිටින අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ඔවුන්ගේ සෞඛ්‍ය ආරක‍ෂාව සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය මෙවර විධිමත් අවධානයක් මෙතෙක් යොමු නොකිරීම කනගාටුවට කරුණකි.

03ග එමෙන්ම විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද අ.පො.ස. උසස් පෙළ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව යන විභාගවලදී ගුරුවරුන් දැඩි අවදානම් තත්ත්වයක මහත් වු කැපවීමකින් කටයුතු කළ බව ඔබ හොදින් දන්නා කරුණකි. එහිදී ඔවුන්ගේ මෙන්ම සිසුන්ගේද ආරක‍ෂාව ඔවුනොවුන් විසින්ම සලසා ගැනීමට සිදු වුයේ මෙවැනි එන්නතක් ලොව හදුන්වා දී නොමැති තත්ත්වයක වුවද මෙම අවස්ථාවේ එවැනි ගැටඵවක් නොවන හෙයින් ඒ සදහා සෞඛ්‍ය අංශ සම`ග සාකච්ඡා කර එන්නත් කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් සැකසීම අධ්‍යාපන අමාත්‍යංශයට අත්හල නොහැකි වගකීමකි.

එහෙයින් තවදුරටත් රට තුළ ක‍දඩසා වසංගත ව්‍යාප්තිය හමුවේ ජාතික එන්නත් වැඩපිළිවෙලක අවශ්‍යතාව ද දැඩිව අවධාරණය කරන අප සංගමය, මේ මොහොතේ ප්‍රමුඛ හා කඩිනම් වැඩපිළිවෙලක් ලෙස විභාග රාජකාරිවල නිරත වීමට නියමිතව සිටින ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතු`ඵ අනෙකුත් කාර්යය මණ්ඩල එන්නත් කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස නැවතත් ලංකා ගුරු සේවා සංගමය ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,

මහින්ද ජයසිංහ,
ප්‍රධාන ලේකම්,
ලංකා ගුරුසේවා සංගමය.
සම්බන්ධීකරණය – 0718297022/0777685038
පිටපත් – 01. ලේකම් – අධ්‍යාපන අමාත්‍යංශය

  1. ලේකම් – සෞඛ්‍ය අමාත්‍යංශය
  2. විභාග කොමසාරිස් ජනරාල් – විභාග දෙපාර්තමේන්තුව
  3. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා – කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධන බලකාය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress