අග්‍රාමාත්‍යතුමා නෝනාගම වෝටර් පාර්ක් ජල උද්‍යානය විවෘත කරයි
Posted on February 27th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

නෝනාගම වෝටර් පාර්ක් ජල උද්‍යානය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද 2021.02.27 දින පස්වරුවේ විවෘත කරනු ලැබුවේය.

දකුණු පළාත් පරිසර අමාත්‍යංශය, රුහුණු සංචාරක කාර්යංශය සහ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ අරමුදල් සහ සම්පත් යොදා ගනිමින් රුපියල් ලක්ෂ 58ක වියදමෙන් මෙම ජල උද්‍යානය නිම කර තිබේ.

අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.ආර්.පී දර්ශන සංජීව මහතාගේ සංකල්පයකට අනුව කතරගමට-අතරමග ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් ලෙස මෙම උද්‍යානය සංවර්ධනය කර ඇත.

එහි ඇවිදින මංතීරු සහ ළමා උද්‍යාන ඇතුළු ජනතා ආකර්ශනීය ස්ථාන රැසකි.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන අජිත් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ, අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.ආර්.පී දර්ශන සංජීව මහත්වරු ඇතුළු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු හා ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress