ලේ බැංකුවේ ලේ හිඟය පියවීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මුලපුරයි
Posted on May 19th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

කොවිඩ්-19 වසංගතය හමුවේ ලේ බැංකුවේ දැනට පවතින ලේ හිඟය පියවීම සඳහා ඉදිරි සතියක කාලය තුළ රට පුරා විසීරී තිබෙන ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානවලට පැමිණ ලේ පරිත්‍යාග කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (19) දින ඉල්ලීමක් කළේය.

ඒ සඳහා වූ පළමු පියවර ලෙස ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිණ ලේ පරිත්‍යාග කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ලේ දන්දෙමින් ජීවිතයක් බේරා ගැනීමේ මහඟු පුණ්‍ය කර්මයට දායකවන්නැයි පරිත්‍යාගශීලී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලේ හිඟයක් ද ඇතිව තිබෙන බව පසුගියදා ජාතික රුධිර මධ්‍යස්ථානය කළ නිවේදනයට අනුව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම වැඩසටහන ආරම්භ කළේය.

ඒ අනුව එම ලේ හිඟය කඩිනමින් පියවා ගැනීම අරමුණු කරගනිමින් තරුණ ප්‍රජාව සහ ඒ සඳහා හැකියාව ඇති පිරිස දිරිගැන්විමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගනිමින් සිටියි.

ලේ පරිත්‍යාග කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

කොරෝනා වසංගතයක් සමඟ ලංකාවේ බොහෝ තැන්වල ලේ පරිත්‍යග කිරීමේ සායන පැවැත්වීමට නොහැකි වුණා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ වෛද්‍යවරුන් ලේ හිඟයක් තිබෙන බව අප වෙත  දැනුම් දුන්නා.

ඒ වෙනුවෙන් අපට කළ හැකි දේ නම් පැමිණ ලේ පරිත්‍යාග කිරීමයි. ඉදිරි සතියක කාලයේ රට පුරා පිහිටි ජාතික යොවුන් සේනාංකය මධ්‍යස්ථානවලට පැමිණ ඔබ ලබාදෙන එම ලේ පරිත්‍යාගයෙන් වටිනා ජීවිතයක් බේරාගැනීමේ පුණ්‍ය  කර්මයට ඔබට දායක විය හැකියි.

 ඒ සඳහා හැකියාව ඇති සියලුදෙනාට ම මම ආරාධනා කරනවා ළඟම තිබෙන මධ්‍යස්ථානය සම්බන්ධ කරගෙන ඔබට හැකි පිරිස  ඒ සඳහා යොමු කර ඇතිව තිබෙන ලේ හිඟය කඩිනමින් පියවා ගැනීමට ලේ පරිත්‍යාග කිරීමට මැදිහත් වන ලෙසට.

රට තුළ සංචරණ සීමා පවතින හෙයින් වෙනදා මෙන් ග්‍රාමීය මට්ටමෙන් ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ නොහැකි නිසා ලේ වල හිඟයක් අපේ රටේ ඇතිව තිබෙන බවද අමාත්‍යවරයා කීවේය.

කොරෝනා වසංගතය හේතුවෙන් පවතින සංචරණ සීමා සහ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතවෙමින්  මෙම ව්‍යසනකාරී තත්ත්වය හමුවේ වුවද  ලේ පරිත්‍යාගය සඳහා එක්ව තමන්ට හැකි අයුරින් යුතුකම් ඉටු කරන ලෙසට සියලුදෙනාට මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා යැයි අමාත්‍යවරයා  ප්‍රකාශ කර සිටියේය.

මේ අනුව සංචරණ සීමා පවතින කාලය තුළ අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය , ජාතික රුධිර මධ්‍යස්ථානය ,ප්‍රජා පොලිස් ඒකක, ග්‍රාමීය කමිටුව සහ ජාතික යොවුන් සේනාංකය එක්ව කටයුතු කරනු ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව මෙම සද්කාර්යය රට පුරා ක්‍රියාත්මක වේ.

මාධ්‍ය ඒකකය

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

ලේ පරිත්‍යාග කළ හැකි මධ්‍යස්ථාන

ප්‍රධාන මධ්‍යස්ථානය –      කොළඹ – ජාතික යොවුන් සේනාංක මූලස්ථානය

නො.20, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.

ටෙලි. 0710 377 377 / 0112 688 885                                 

මධ්‍යම පළාත
ස්ථානය දුරකථන අංකය
ගම්පොල 081-2078177
නාඋල 066-2246204
නුවරඑළිය 052-3536332
හඟුරන්කෙත 081-2365849
සෙංකඩගල 081-2389134
යටිනුවර 081-2410026
වලපනේ 052-2050010
ඌව පළාත
ස්ථානය දුරකථන අංකය
බණෟඩාරවෙල 057-2222214
මහියංගනය 055-2257118
තණමල්විල 047-3220529
මොණරාගල 055-2055741
වැල්ලවාය 070-5923971
සියඹලාණ්ඩුව 071-3662328
නැගෙනහිර පළාත
ස්ථානය දුරකථන අංකය
කන්තලේ 026-2244088
කච්චවේලි 026-2228709
ගෝමරන්කඩවල 026-4549428
අම්පාර 063-2224810
සේරුවාවිල 026-4549439
ත්‍රිකුණාමලය 026-4549432
දෙහිඅත්තකණ්ඩිය 027-2056723
වාලච්චෙව්න 071-2518825
බස්නාහිර පළාත
ස්ථානය දුරකථන අංකය
කටුනායක 011-2260020
අත්තනගල්ල 033-2282232
දිවුලපිටිය 033-2272875
බුලත්සිංහල 034-2282322
යක්කල 033-2233534
උතුරු මැද පළාත
ස්ථානය දුරකථන අංකය
කැකිරාව 025-2263297
කලාවැව 025-2269946
අනුරාධපුරය 025-3852809
මැදිරිගිරිය 071-8289004
ගලෙන්බිඳුනුවැව 071-8289004
සබරගමුව පළාත
ස්ථානය දුරකථන අංකය
කෑගල්ල 035-2223260
නිවිතිගල 045-2279970
ගලිගමුව 035-2282993
ඇඹිලිපිටිය 047-2262399
බලන්ගොඩ 071-6300364
දෙහිඕවිට 071-8396013
දකුණු පළාත
ස්ථානය දුරකථන අංකය
සුරියවැව 047-2288169
ගාල්ල 091-2233182
අකුරැස්ස 041-3131216
වීරකැටිය 047-2257143
දික්වැල්ල 041-2255055
නෙළුව 091-3098911
අක්මීමන 091-3121736
ලුණුගම්වෙහෙර 070-4340716
වීරවිල 070-4340714
වයඹ පළාත
ස්ථානය දුරකථන අංකය
කුලියාපිටිය 037-3879228
වාරියපොළ 037-2268375
මාවතගම 037-2298668
පඩුවස්නුවර 037-2291803
දොඩම්ගස්ලන්ද 037-2252655
නාත්තණ්ඩිය 032-2050815
වෙන්නප්පුව 031-2277199
අලව්ව 071-8457013
උතුරු පළාත
ස්ථානය දුරකථන අංකය
මන්නරාම 023-2251917
වව්නියාව 024-2054558

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress