එදා සින්හලේ රජවරුන්ගෙන් මෙදා රටේ පාලකයින් උගතයුතු පාඩම්
Posted on May 22nd, 2021

ආචාර්ය සුදත් ගුණසේකර, මහනුවර.

මහනුවර

2021.5.22.

(1972 දී පළමුවරට ඉන්ග්‍රීසීන්ගේ රිජු ග්‍රහණයෙන් මේ රට මුදාගෙන ජනරජයක් බවට ප්‍රකාශකොට අර්ධ ශත සන්වත්සරය නිමිත්තෙන් ලියන ලිපියකී} 

මේ රටේ පැරැණි රජදරුවන් තුල රාෂ්ට්රපාලනය පිළිබඳ  ඉතා  ගැඹුරු මානවහිතවාදී දර්ශනයක් තිබුණු බව පෙනේ. ඒ පෙළපතින් ලබන උරුමයෙන්, රාජගුරුන්ගෙන්, පොතපතින්, පුරෝහිතයින්ගෙන් සහ අත්දැකීමෙන් යන සිව්  ආකාරයෙන් ලබන දැණුම් සම්භාරයෙනි.

ඒ තුල ප්රධාන ලක්ෂණ 5 ක් මම දකිමි.

එනම්

1 තම රාජ්ය සහ රාජ්යපාලනය පිළිබඳ ඉතා පැහැදිළි හා පෘතූල දැක්මක්, පරිචයක් හා අව්භෝධයක් ඔවුන්තුල තිබීම

2 බුදු දහමේ දැක්වෙන දසරාජ ධර්මය සහ සතර සන්ග්‍රහ වස්තූන් ආත්මකොටගත් රාස්ට්රපාලන ප්රතිපත්ති ඊට පදනම වූ බව

 3 හුදු ආත්මලාභය, බල ලෝභය සහ රජසැප විඳීමට වඩා රටේ සහ රටවැසියන්ගේ ආරක්ෂාව, යහපත හා සුභසෙත අරමුණුකොට ගෙන තම රට හා රට වැසියන් වෙනුවෙන් සේවය කිරීමට මුල්තැන දීම

4 පරසතුරන්ගෙන් රට ජාතිය ආරක්ෂාකොට ගැනීම, තම රාජ්යය තුල නීතිය, යුක්තිය හා සාමය ස්ථාපිත කිරීම, රටවැසියා සුඛිත මුදිත කිරීම සහ බුදුසසුනේ චිරස්ථිතිය තහවුරු කිරීම රජුගේ මුලික කාර්යභාරයන් වීම.

5 සියදිවි දෙවැනිකොට තම මාතෲ භූමියට ආදරය කිරීම සහ ඉහත සඳහන් අරමුණු මුල්තැනලා දැහැමින් සෙමෙන් රට පාලනය කිරීම.

ලක් ඉතිහාසයෙන් බිහිවූ එවැණි ලෝකපූජිත රජුන් හා සිද්ධීන් කීපයක් මෙහි පහතින් දක්වමි.

එලාරගේ 44 වසරක පාලනයෙන් මුදාගෙන රට එක්සේසත් කළ ළoකා ඉතිහාශයේ ශ්රේෂ්ඨතර රජතුමා (ක්රි.පු. 161–137) වශයෙන් සලකන දුටුගැමුනු මහරජතුමා කීවේ මාගේ මේ වියායාමය හුදෙක් රජසැප පිණිස නොවේ සම්බුද්ධ සාශනයාගේ චිරස්චිතිය සඳහාය”කියාය.

සිරිසඝබෝ රජතුමා (ක්රි.ව. 252 – 254) රක්තාක්ෂි රෝගයෙන් (රතැසි යකා) රට වැසියන් මිය යමින් රට විනාශ වීමට වූ විට තම දැහැමි අධිෂ්ඨාන බලයෙන් සිරියහන් ගබඩාවට රතැසි යකා ගෙන්වාගෙන තම රටවැසියන් නොකා තමා කනමෙන් කියා යකා දමනය කල හැටි එලු අත්තනගළු වන්ශයේ රක්තාක්ෂි දමනයෙන් විස්තර කෙරේ.

 සිරිසඝබෝ රජතුමා එදා ඇමති මණ්ඩලය රැස්කොට කීවේ

ඉමන් සරත්තන් පිසිතන් සරීරන්-

     ධාරෙමි ලොකස්ස හිතත්ත මේව

    අජ්ජාතිතෙයත්ථමුපෙති තඤේව

    ඉතො පරන් කින් පියමත්ති මයිහන්”

මේ ලේ මස් සහිත මගේ ශරීරය මම ලෝක සත්වයාගේ (මගේ රට වැසියන්ගේ) හිතසුව පිණිසම දරමි එසේ හෙයින් මම අද දින  ඒ සරීරය රාක්ෂයාට දන්දී මගේ රටවැසියන් බේරාගමි මෙයින් බැහැර මට කවර ප්‍රියජනක කාරණයක් ඇද්ද?”  යි කියලයී.

නමුත් අද දේශපාලන ලෝකයේ සිදුවන්නේ එම සම්ප්‍රදායේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්ත නොවේද? ජනතාව චන්දය දීම පමණක් නොව ඉන් පසුව වුවද අන් සියළු දෙයක්ම ඔවුන් කළයුත්තේ පාලකයින්ගේ, ඔවුන්ගේ නෑදෑයින්ගේ සහ හිතවතුන්ගේ  පවැත්ම, හිතසුව  සහ  සුඛවිහරණය පිණිසය.

තවත් එක් අවස්ථාවක රට නියන් සායෙන් පෙලී ගොවිතැන් පාලුවී රටවැසියන් සහ සියළු සතුන්ට  බීමට පවා ජලය නොමැතිවු අවස්ථාවේදී අධිෂ්ඨාන්ග සීලය සමාදන්වී රුවන්වැලි මහසෑ මලුවට අවුත් ගේට්ටු වසාදමා අරමිණිය ගොතාගෙන වාඩිවී මේඝ තෙම හැමතන්හි පතලාවූ ජලධාරාවෙන් සියලු ලන්කාදීපය පිනවමින් වැසි වැස මහත්වූ ජල ප්‍රවාහයෙන් යම්තාක් කල් මා නූල්පවාද ඒ තාක් කල් මියෙම් නම්දු නැගී නොසිටිමි”යි අධිෂ්ඨානකොට වාඩිවී සිට වැහි වැස නියන් පහවූ පසු දැහැනින් නැගිට රට වැසියා සුවපත් කල බවද  එම කෘතියේම සඳහන් වෙයි. 

අවසානයේදි ගෝඨාභය කුමරුගේ බල ලෝභය නිසා තපසට ගිය සිරිසඝබෝ රජු නැවත ආපසු ඒවි යන බිය නිසා සිරිසඝබෝ රජ මැරවීමට සිතා ඔහුගේ හිස රැගෙන එන කෙනෙකුට කහවණු දහසක් දෙමි කියා අණබෙර ලූ හෙයින් ඝාතනයට ලක්වන අහින්සක රටවැසියන්ගේ ජීවිත බේරාගැනීම සඳහා තම හිස පවා සියතින් සිඳ ගොඨාභය රජුවෙත යැවීය.

වසර දෙකක් පමණක් සිහසුනේ සිටි ඒ උදාර මිනිසා මානව වන්ශකතාවේ රාස්ට්‍ර පාලනයෙන් සහ මිනිසාට සේවය කිරීමෙන් ලෝකයේම ශ්රේෂ්ඨතර නරපතියා වශයෙන් නම්ලත් අසෝක අධිරාජ්යයාට පමණක් දෙවැනිවන රජතුමා වශයෙන් ඉතිහාස ගතවිය. ඔහු ද සින්හල බෞද්ධ රජෙකු විම සින්හල ජාතියට කොතරම් අභිමානයක්ද?

මහින්දාගමනයෙන් පසු මේ රටේ ස්ථාපිතවූ සින්හල බෞද්ධ ශිස්ඨාචාරයට සහ නව රාෂ්ට්‍රපාලන ක්‍රමයට පදනම් දැමූ, මේ  මිහිතලය මත උපන් ශ්රේෂ්ඨතම අධිරාජ්යා වශයෙන් එච්. ජි. වෙල්ස් විසින් හඳුන්වනලද, ධර්මාශෝක මහ රජතුමා සියළු රටවැසියන් තමාගේ දරුවන් වශයෙන් සැළකූ බවත් රජතුමා රාජසභාවේ, සිටියත්, අන්තහ්පුරේ සිටියත්, වැසිකෙලියේ  සිටියත්, සිරියහන්ගබඩාවේ සිටියත් ජනතාවගේ ප්රස්නයක්  ආවොත් තමාට වහාම  දන්වන මෙන් කී බව පොතපතේ සඳහන් වෙනවා. එසේම සියළු රට වැසියන් තම දරුවන් මෙන් සැලකූ බවත් (සවේ පුරිසා මම පජා) ඉතා ප්රචලිතය. ඒඅනුවම යමින් මේ රටේ බොහෝ පැරණි රජවරුනුත් ක්රියාකළ බවත් කිවයුතුය..

මෑත ඉතිහාසයේද එවන් එක් පාලකයකු ගැන සඳහන්වෙයි. එනම් 1948 දී අපට ලැබුණායයි කියන අතපයට මෙන්ම  මනසටද විලන්ගු දැමූ අදටත් අධිරාජ්යවාදී බ්රිතාන්ය ජාතිකයින්ගෙන් පමණක් නොව ඔවුන්ගේ මිතුරන්ගෙන් පවා නිදහසක් නැති ඊනියා නිදහසින් පසු 1956 දී  පලමුවරට සින්හල බෞද්ධයින්ට නිදහසේ හුස්ම ගැනීමට අවස්ථාව ලබාදී 1815 න් පසු යලිත්  සින්හලයින්ට සින්හලකම ගැන අභිමානවත්ව සිතීමට අවස්ථාව ලබාදෙමින් මේ රටේ දේශපාලන ඉතිහාසයේ හැරවුම් ඉලක්කයක් සටහන් කල බන්ඩාරනායක ස්රීමතානන් ප්රකාශ කලේ ‘මිනිසාගේ පරම  යුතුකම මිනිසාට සේවය කිරීම”බවය.

ඒ මේ සින්හලේ රාජධානියේ එදා පැවැති රාජ්ය සම්ප්රදාය සහ රජවරුන්ගේ සහ මෑත භාගයේ පහලවූ එක් විරළ ජනනායකුගේ රාජ්ය දර්ශනයේ එක් පැතිකඩකි.

අද එබඳු පාලකයින් සොයාගැනීම කලුනික සෙවීමක් බඳුය

එහෙත් අද එසේ හිතන, පතන සහ දේශප්රේමයෙන් හා ජාත්යාලයෙන් ක්රියාකරන රාජ්ය පාලකයෙකු හෝ දේශපාලකයකු සොයාගැනීම කලුනික සෙවීමක් බඳුය. ඔවුන් තුල අද ඇත්තේ සුද්දන් විසින් අපව පක්ෂ, පාට, ජනවර්ඝ ආගම් ආදී වශයෙන් බෙදා විනාශකිරීම සඳහා හඳුන්වාදුන් මේ රටට කිසිසේත්ම නොගැලපෙන පක්ෂ ක්රමය තුල සිරකරුවන්වී එළුවා පසුපස ගොස් නැසුණු නරියා මෙන් නිලබල හා ධනබලය සඳහා කුළල් කාගනිමින් චන්ද හිඟමනේ යෙදෙන රට ජාතිය හා සසුන විනාශකරණ දේශපාලුවන් පමණි.

1977ජේ. ආර්. රජවීමෙන් පසු පොරොන්දුවූ ධර්මිෂ්ඨ සමාජයේ වැඩ ආරම්භකලේ, නව පාර්ලිමේන්තුවට ගෙන ආ, අන්ක 1 පනතෙන්ම මැති ඇමැතිවරුන්ට විශ්රාම වැටුපක් හදා ගැනීමෙන්ස. ඒ අවුරුදු පහක ඊණියා ජනතා සේවය වෙනුවෙන්. අනෙක් අතින් මුලු ජීවිත කාලයම ආණ්ඩුවට කඹුරන රජයේ සේවකයෙකුට, විශ්රාම වැටුප ලබාගන්නට අවුරුදු 30 ඉන්ට ඕනෑ. ඊට පෙර විශ්රාම ගියොත් වයඅවුරුදු 55 වෙනතුරු, විශ්රාම වැටුප ගන්ටත් බෑ. එසේ කලේ රජයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප් පනතද අමු අමුවේ උල්ලන්ගනය කරමින්ය.  ටික දව්සකින් ඒ විස්රාම වැටුප මන්ත්රී වරයාගේ නෝනාටත් හදාගත්තා. ඉන් නතර උනාද. නෑත. තව ටික දවසකින් මන්ත්රීවරයාගේ පුද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම් සහ මාධ්ය ලේකම්ටද අවුරුදු පහෙන් විශ්රාම හදා ගත්තා. ඊටත් අමතරව වසර පහෙන් පහට තීරුබදු රහිත වාහනයක් ගෙන්නා ගැනීමටද අවසර දුන්නා.  ඒ නිල රථයට අමතරව. මේ කිසිවෙක් ඒ රථ ගත්තේත් නෑ. බලපත්තරය ලක්ෂ ගනන්වලට වික්කා. පඩිනඩි දීමනා සහ වරප්‍රසාදද අසීමිත අන්දමින් වැඩිකරගත්තා.මැති ඇමතිවරුන්ගේ මේ මහජන මුදල් කොල්ල කෑමට බලය දෙන රජයේ උසස් සේවකයින් විරුද්ධවෙයි කියන බයට ඒ ඔක්කෝටමත් එම පහසුකම ලබා දුන්නා. මේ වැඩ පිලිවෙල අද දක්වාම අඛණ්ඩව පවතිනවා. ඊටත් අමතරව රජයේ කොන්ත්රාක්, මත්පැන් හල්, වැලි, පස්, ගල් බලපත්තර ඔක්කොමත් ඒ අය බෙදා ගන්නවා මේ රටේ දේශපාලනය හුදු ජාවාරමක් බවට පත්කලේ ඔහුය

දැන් ඔබට පහැදිළිව පෙනෙනවා නේද වර්තමාන පාලකයින් ප්රමුඛතාව දෙන්නේ තමන්ගේ බඩ ගෝස්තරයට සහ බලය රැකගැනීමට මිස රටට හෝ ජනතාවට සේවය කිරීමට හෝ සාශනයේ පැවැත්මට නොවෙයි කියන එක

1977 ජේ. ආර්. ආරම්භකළ ක්රමයෙන් පන්නරය ලැබු අද සිටින දේශපාලකයින්ද රටේ සහ ජනතාවගේ යහපත ගැන දක්වන සැලකීමේ ප්රමානය කොවිද් 19 එන්නත ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවේ දැනට ඉන්න 224 දෙනාට ගහ ගැනීමෙන්ම පෙනෙනවා නේද? මේ පරපුටු 224 න් එක්කෙනෙක් දෙන්නෙක් හැර අනෙක් සියලුදෙනාම මලත් රටට ලාභයක් මිස පාඩුවක් නම් නැති බව, හය හතර නොතේරෙන කුඩා ළමයෙකුට උනත් තේරෙනවා.

හැබැයි රට භාරව සිටින ජනාධිපති වරයා, අගමැති වරයා සහ රටේ සෞඛ්ය සේවයේ සියලුම දෙනා, පාලන යන්තරය ක්රියාත්මක කරන ජාතික, දිසා, ප්රදේශ සහ ගම් මට්ටමේ රාජ්ය  සේවකයින්,  ත්රිව්ධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් වැනි අයට සහ රට ජාතිය හා සාශනය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන සින්හල ජාතියේ අනුපණ වැනි සන්ඝරත්නයටද එය අනිවාර්යෙන්ම ඉස්සෙල්ලම දියයුතුයි මා සිතනවා. මන්ද රටත්  ජනතාවත් මේ රටත්  මේ වසන්ගතයෙන් බේරාගන්ට ඉන්නේ ඒ අය නිසා.

පාර්ලිමේන්තුවේ සිටින දෙතුන්දෙනෙකු හැර සෙසු බොහෝ දෙනෙකුට නම්  රටේ ජනතාවට ඉස්සෙල්ලා ඒක දීමේ කිසිම තේරුමක් නෑ. ඔවුන් එය පලමුවෙන්ම ලබාගැනීම මිනිසු ඔක්කොම මලත් අපි ජීවත් උනොත් ඇති” කියන ආත්මාර්ථකාමි ආකල්පයෙන් කළ වැඩක් කියන එකයි මගේ නම් අදහස.

දැන් ඔබට පේනවා නේද මේ රටේ එදත් අදත් පාලකයින් අතර තියෙන වෙනස. ඉතින් කොහොමද රටක් ජාතියක් ඉදිරියට යන්නේ? සසුනක් බේරාගන්නේ ?

මෙම ජරාජීර්ණ දේශපාලන සන්ස්කෘතිය වෙනස්කොට දේශයේ ශිස්ඨාචාරය පදනම්කොට ගත් පෙරදා රජවරුන් මෙන් මේ රට සින්හල බෞද්ධ රට යන සිද්ධාන්ථය පිළිගෙන ඒ අනුව දිවිහිමියෙන් ක්රියාකරණ දේශප්රේමී පාලකයින්ගෙන් යුත් පාලන ක්රමයක් බිහිකරන තුරු මේ රට කිසිදාක ගොඩගන්ට බැහැ.

එම පාලන ක්රමය සාර්කථව ක්රියාත්මක කිරීම සඳහා පහත සඳහන් කරුණු 15 අනිවාර්යෙන්ම සම්පූර්ණ කළ යුතුය.

1 පලමුව 1948 සිටම  සියලුම දේශපාලකයින් සිදුකළ පරිදි, පoචස්කන්ධයෙන් මිස මනසින් හා හදවතින්  මේ රටේ ජීවත් නොවෙන, මේ රට අල්ලාගැනිමට දිවා රාත්රි සිහින දකින  දෙමළ, මුස්ලිම් සුළුජන චන්ද මත යැපීමේ දේශද්රෝහි ජාතිද්රෝහී එළු අණ්ඩකෝෂය පසුපස යන කැනහිල් ප්රතිපත්තිය සියලුම සින්හල දේශපාලකයින් දැන්වත් වහාම අත්හල යුතුය. 

2 දෙවනුව 1987 දී අපගේ මව්බිම  නිර්ලජ්ජිතව ඉන්දියාවට පාවාදුන් 1987 ජූලි 29 ජේ ආර්, /රජිව් ගිවිසුම සහ ඉන් උපන් මේ රට 34 වසරක් පුරා ආර්ථික, පරිපාලන සහ සාමාජික වශයෙන් විනාශ කළ තවමත් එම සාපයේ අවජාතක දේශපාලන  කඳපනුවා වූ පලාත්සභා සුදුඅලියා සහ හුනියම අහෝසිකල යුතුය. එසේම දේශපාලන අනාතයින්ගෙන් පිරි එම කාලබෝම්ඹයේ තවමත් ශේෂව තිබෙණ  ඇටසැකිලිවන මේ රටේ සම්ප්රදායික දිසා පරිපාලනය 34 වසරක් පුරා අවුලෙන් අවුලට පත්කළ ඊනියා ආණ්ඩුකාරයින් වහාම ගෙදර යවා වසරකට කෝටි ගණනින් වසර 34 ක් පුරා කෝටි සහස්සර ගානක් රට්ට ජාතියට කිසිදු පලක් නැතිව මකරකටට යවා ඇති ආයතන ජාලයද වහාම අහෝසි කළයුතුය.

3 තෙවනුව දිසා, ප්රදේශ සහ ගම් මට්ටමේ පරිපාලන සේවාවන් පූර්ණ වෂයෙන් ප්රතිසන්විධානයකොට, ශක්තිමත්කොට ඒවා මේ රටේ ප්රාදේශීය පරිපාලනයේ සහ සන්වර්ධනයේ සජීවී පදනම් බවට පත්කළ යුතුය .

4 සිව්වනුව ජාතික රාජ්ය සභාවේ නියෝජිත සන්ක්යාව පැරැණි චන්දකොට්ඨාශ මට්ටමින් ජනතාවගේ රිජු චන්දයෙන් පමණක් තෝරාගණු ලබන නියෝජිතයින් 150 කින් සමන්විත ජාතික රාජ්ය සභාවක් ස්ථාපිත කිරීම සහ ඊට සම්ගාමීව පලාත්සභා සහ ප්රාදේශීය සභා වල සිටින පරපුටු අතිරික්ත දේශපාලකයින් මෙන්ම රාජ්ය සේවයේ සිටින අතිරික්ත ඊනියා රාජ සෙවකයින්ද එසේම අනවශ්ය රාජ්ය ආයතනද සේවා අවශ්යතාවන්ට සරිලන පරිදි අඩුකොට රටේ ආර්ථිකයට දැරිය හැකි පරිදි රාජ්ය යාන්ත්රණය ප්රති ව්යුහගත කිරීම සහ එසේ කිරීම නිසා රැකියා අහිමිවන පුද්ගලයින් කිසියම් නිශ්පාදන ක්රියාවළියකට යොමුකිරීම ( මුලු ලෝකයේම ජනගහනය අනුව වැඩිම දේශපාලකයින් ගණන සහ වැඩිම නිලධාරි සන්ක්යාව සිටින්නේ මේ රටේය. දැනට මේ රටේ සෑම මිනිසුන් 3232 දෙනෙකුට එක් දේශපාලකයෙක්ද සෑම මිනිසුන් 16 කට එක් රාජ්ය නිලධාරියෙක්ද සිටී. මීට අමතරව එක් මන්ත්රීවරයෙකුට අවම වශයෙන් රාජ්ය නිලධාරීන් 5 ක් පමණද ඇමති වරයෙකුට 30 පමණද සිටී. කිසිදු නිශ්පාදනයක නොයෙදෙන මොවුන්ද 2500 පමණ සිටි.

5 පස්වනුව වසර 2500 ක් පුරා 1815 වන තුරුම මේ රටේ තිබුනේ සින්හල ජාතිය පමණක් නිසා අදත් මේ රටේ ජාතීය සින්හල බව ප්රකාශකොට සෙසු සියළු දෙනා සුළුජන කොටස් වශයෙන් නම්කොට එය විවස්ථා ගතකළ යුතුය.

6 හයවනුව මේ රට හා ජාතිය ආරම්භවූ දා සිටම පැවති පරිදි සින්හල භාෂාව යලිත් මේ රටේ රාජ්ය භාෂාව කිරිම

7 හත්වනුව එසේම දේවානම්පියතිස්ස රජ දවස සිට පැවති පරිදි නැවතත් බුධාගම මේ රටේ රාජ්ය ආගාම වශයෙන් විවස්ථාගත කිරිම

8 අටවෙනුව මේ රටේ ජනාධිපති, අගමැති, ත්රිවිධ හමුදාපති වරුන් සහ පොලිස්පති, අගවිනිසුරු, සහ නීතිපති අනිවාර්යෙන්ම සින්හලයින් වියයුතු බවට විවස්ථාගත කිරීම.

9 නවවෙනුව 1815 සිට මෙතෙක් පැවති පෘතුගීසි, ඕලන්ද, සහ ඉන්ග්රීසි සම්ප්රදායේ අච්චාරු ආණ්ඩුකරම විවස්ථා වෙනුවට මේ රටේ වසර 2500ක් පැරණි, ඉතිහාසය, දේශීය පාලන සම්ප්රදායන්, සිරිත් විරිත් සහ නීති සම්පදායන් අනුව මේ රටේ ශිෂ්ඨාචාරයේ පදනම මත සකස්කෙරුණු ආණ්ඩුක්රම විවස්ථාවක් නිර්මානයකොට සම්මතකොට ගැනීම

10) දසවෙනුව එක නීතියක් යටතේ රට පාලනය කිරීම

11) එකොලොස්වෙනුව මේ රට තවදුරටත් ඉන්දියාව, අමෙරිකාව, එන්ගලන්තය චීනය, රුසියාව හෝ වෙනත් කිසිම රටක අතකොලුවක් හෝ යටත් විජිතයක් නොවන පරිදි රටේ හා ජාතියේ පූර්ණ නිදහස, ස්වාධිපත්ය, ස්වරීභාවය භෞමික අකණ්ඩතාව සහ අභිමානය ආරක්ෂාවන පරිදි කිසිම බල කඳවුරකට නොබැඳී මධ්යස්ථ විදේශ ප්රතිපත්තියක් අනුගමනය කරන  ලෝකයේ ඔනෑම රටක් සමඟ සමතත්වයේ රටක් වශයෙන් ප්රකාශකිරිම

12) දොලොස්වණුව ජනවර්ග, ආගම්, බෙදුම්වාදය නමින් පිහිටුවාගෙන ඇති  සියලුම දේශපාලන පක්ෂ තහනම්කොට සියලුම ජනකොටස් ජාතික පක්ෂ යටතේ මැති වරණ සඳහා  ඉදිරිපත්වන ක්‍රමක් ඇති කලයුතුය.

13 දහතුන්වනුව 1505 සිට පෘගීසි, ඕලන්ද සහ ඉන්ග්‍රීසින්ගෙන් මේ රට ආරක්ෂා කොට ගත් උඩරට සින්හලයින්ගේ ඉඩකඩම් ඇතුලු අහිමිවූ සියළු අයිතිවාසිකම් ඔවුන්ට නැවත ලබා දිමට 1951 උඩරට ගැමි කොමිසමෙන් නිර්දේශිත නිර්දේශිත උඩරට ගැමි පුනරුත්ථාපන අමාත්යාන්ශය සහ උඩරට සන්වර්ධන අධිකාරිය (2014 අහෝසිකල) නැවත පිහිටුවීම.

14 දාහතර වනුව මේ රටේ සමස්ථ ජීව පද්ධතියේ සහ ශිෂ්ඨාචාරයේ පදනම වූ දිවයිනේ සියළුම ගන්ගා ආරම්භවන අපගේ දේශයේ හදබිම වන මද්යම කඳුකරයපුරා  මු ම අඩි 8000 දක්වාම අධි සන්වේදී ඉඩම්වල ඉන්දීය දෙමළ වතුකම්කරුවන් සඳහා ගම්මාන හදමින් කෙරෙන මහා පරිසර විනාශය  වහාම නතර කොට රටේ භූගෝලීය හදවත ආරක්ෂාකර ගැනීමේ පුලුල් වැඩපිළිවෙලක් වහාම ආරම්භකළ යුතුය. 

15 පහලොස්වෙනුව සියලුම මිත්ර රටවලින් ආධාර ලබාගෙන ස්ව ශක්තිය මත පණගැන්වූ ජනතාවක් මෙහයවා වසරකට නැව් 36,000 සහ ජාත්යන්තර වෙලදාමෙන් 30% එහා මෙහා යන ඉන්දීය සාගරයේ 21 වන සිය වසේ සමස්ථ ලෝකයේම වැදගත්ම ආර්ථික, දේශපාලනික, තාක්ෂනික හා සන්ස්කෘතික කේන්ද්රස්ථානය බවට පත්කොට, උපරිම වශයෙන් වසර 10 ක් තුල හෝ  යලිත් අතීතයෙදි මෙහි පැවති ඒ සව්භාග්යමත් තුන් සින්හලේ නැවත ගොඩනගා, ශ්‍රී ලන්කාව නැවතත් පෙරදිග මුතු ඇටය බවට පත්කිරීම.

එසේ කිරිම සඳහා අව්ශ්ය  ගෝලීය පිහිටීම, ස්වාභාවික සම්පත් මෙන්ම කාර්යසූර මානව සම්පත් සහ බුදුදහමින් පෝෂනයවූ සන්ස්කෘතික පසුබිමද අපසතුව ඇත.

ඒ සඳහා අපට ඇති එකම අඩුපාඩුව මා මෙම ලිපිය ආරම්ඹයේදීම දැක්වූ ගුණාන්ගයන් ඇති මේ රටේ සැබෑ ඉතිහාශය, සින්හල බෞද්ධයින්ගේ අනුල්ලන්ගනීය අයිතිවාසිකම් පිළිබඳ නිවැරදි අවභෝධයක් සහ හැඟීමක් ඇති මුලු ලොවටම් ‘බොලව් මේක වසර 2500 තිස්සේ සින්හල බෞද්ධයින්ගේ පරම ජන්ම භූමිය බව දැනගනිව්” කියා අභීතව ප්රකාශ කිරීමට කොන්දක් හා කට්ක් ඇති දේශීය චින්තනයෙන් පරිපූර්ණවූ, සුලු ජන චන්ද හිඟමනේ නොයන දේශප්රේමී අභීත රාජ්ය නායකත්වයක් නොමැතිවීම

2019 අගෝස්තු සහ 2020 මැයි මැතිවරණ වලදී තම චන්දයෙන් මේ රජය පත්කොටගත් 70 ලක්ෂයකගේ එකම අපේක්ෂාව සහ ප්රාර්ථනාව වූයේද එම හිඩැස පුරවා ගැනීමය.

එම අරමුණ හිසේ මෙන්ම හදවතේද දරාගෙන වර්තමාන රජය බලයට පත්කිරීම සඳහා දර දිය අදිනලද, මහාසඟරුවන ඇතුලු 70 ලක්ෂයේ ලක් දූ පුතුන්ගේ එකම අපේක්ෂාව සහ ප්රාර්ථනාව වූයේ වර්තමාන ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් දැනට පව්තින මේ රජයෙන් එම උත්තුන්ඝ ජාතික මෙහෙවර ඉදිරි පස් අවුරුද්ද තුල හෝ ඉටුවනු දැකීමයි. එම මහාර්ඝ ප්රාර්ථනාව ඉටුවනතුරු සිය නෙත් සිත් පුරා එය දැකීමේ දෝරේ ගලායන ආශාවෙන්  නොඉවසිළිමත්ව ඔවුහු පෙරමඟ බලාසිටිත්.

ඒ වූ කලී 2019 ජන්නාධිපතිවරණයෙන් ජය ලැබීමෙන් පසු, සින්හල ජාතියේ ජය කොඩිය වූ අනුරාධපුර රුවන්වැලි සෑ මහරදුන් ඉදිරියේදි ජනාධිපතිවරයා විසින් මහසඟරුවන සහ ජාතිය ඉදිරියේ දෙනලද ප්‍රතිඤාව ඉටුකිරීම පමණක් බවද නැවතත් මෙහිදී සිහිපත් කරණු කැමැත්තෙමි.

මුලු ලෝකයම කිසිදාක පරාජය කිරීමට නොහැකියයි කී 30 වසරක් පුරා මේ රට විනාශකල  ලෝකයේම දරුණුතර කොටි ත්රස්ථවාදීන් 2009 ජූලි 18 දා පරාජය ක්රීමට සමත්වූ මහින්ද–ගෝඨාභය නායකත්ව සoයෝගය යටතේ වර්තමාන රජයට එයද ස්තිරවම කළහැකිවෙතැයි 70 ලෂයක රටවැසියෝ  තවමත් දැඩිව විශ්වාසකරත්. එමනිසා  එකී වීර දුටුගැමුණු සම්ප්රදාය ඉටුකොට ලන්කා ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසයේද සදා නොමැකෙන අයිතිහාසික සන්සිද්ධියක් බිහිකරණ මෙන් මුලුමහත් ජාතියම ඔබ දෙපලගෙන් ඉල්ලා සිටියි.

එම අයිතිහාසික වීරෝධාර සටන ජයගැනීමට ඔබ කලයුතුව ඇත්තේ මා මෙම ලිපියේ ආරම්ඹයේදීම සඳහන් කරලද පෙර රජ සිරිතට අනුගතවීම සහ දෙවනුව මා සඳහන් කොට ඇති 15 වැදෑරුම් පියවර ගැනීම පමණි. එසේම ඒ සඳහා ඔබ කළයුත්තේ තිර අධිස්ඨානයෙන් අභීතව 2009 කොටි පරාජය කිරීමේදී ක්රියාකළාක් මෙන් නොසෙලී මේ යුද්ධයද ජය ගැනීම සඳහා  විජිත්පුර සටනේදී දෙමළුන් විසින් කඩොලැතු පිටට වත්කළ කකියන ලොහො ගුළි සහ කකාළු මැළියම් ලූ කළ වේදනාවෙන් මිරිකී දියේ ගිලුණු ඇත්රජ වෙතට ගිය ගෝටයිම්බර සෙන්පතිගේ අණින් දියෙන් නැගී සිටගත්විට  ඇත්රජු  පිට නැගුණු දුටුගැම්ණු මහරජ  ඇතුගේ කුම්ඹ්හස්ථලය පිරිමැඳ දරුව කණ්ඩුලය මේ මුලු ලක්දිව රාජ්යය තට දෙන්නෙමි” කියා ඇත්රජු මෙහෙයවා විජිතපුර බලකොටුව බිඳ එළාර පරදා ලක්රජය එක්සේසත් කළා මෙන් වර්තමානයේ උතුම් සින්හල රට  දැය හා බුදු සසුන බේරාගැනීමේ අවසාන සටනට අවතීරණය වීමයි.

මේ වනාහී 2019 සහ 2020 දී ඔබ දෙදෙනා කෙරෙහි පුර්ණ විශ්වාශය තබා ඔබ රජය බලයට පත්කල 70 ලක්ෂය්ක සින්හලයින්ගේ විධානයක් බවද බගෑපත් යාඥාවක් නොවෙන බවද මෙහිලා වැඩිදුරටත් සඳහන් කරණු කැමැත්තෙමි.

ඔබ රජය එය ඉටුකිරීමට අපොහොසත් වන්නේනම් ඊනියා නිදහස ලබා වසර 73 ගතව ඇතත් මේ තාක් කිසිම රජයක් ඉතුකිරීමට අපොහොසත්වූ සින්හල බෞද්ධයින්ගේ එම අපේක්ෂාවන් ඉටුකරවා ගැනීම සඳහා දළදා සමිඳුන් හා මහා සන්ඝරත්නය ඉදිරියේ ඉටුකරණ බවට ලිඛිතව  දිවුරා සපථ කරණ  එසේම ඉටුකළ හැකී යයි ඔවුන් විශ්වාශකරන නව සින්හල බෞද්ධ නායකත්වයක් යටතේ එවැනි රජයක් පිහිටුවා ගැනීමට 2019 දී සහ 2020 ඔබට චන්දය දුන් 70 ලක්ෂයේ ජනතාව  සහ අද යන එන මඟක් නැතිව සිටින සින්හලයින් සියළුදෙනාද එක්ව පියවර ගනු නොඅනුමානය.

එය වූකළී තරමක් අසීරු දෙයක් බව අපි හොඳාකාරවම දනිමු. එහෙත් 70 ලක්ෂය ඇතැම්විට කෝටිය දක්වා නැගී නිරණුමානයෙන්ම එයට පෙළගැසෙනු ඇත. මන්ද දැන් එය නොකලහොත් යලිත් වසර 500 කට හෝ මෙපිට මෙවැනි අවස්ථාවක් නොලැබෙන බව ඔවුන් හොඳාකාරවම දන්නා බැවිනි.

මේ රටේ UNP. SLFP, JVP, LSSP.CP ඇතුලූ සියලුම සින්හල ජාතික දේශපාලන පක්ෂ මියගොස් පන්සකූලයද දී භූමධාන කොට අවසන් බැවින්ද, මියගිය එක්සත් ජාතික පක්ෂයේම වලිගකොටයක් වූ  සජිත්, රාජිත, හකීම්, බදුර්දීන්, චම්පික පොන්සේකා කැඳ හැලිය කිසිසේත්ම සින්හල බෞද්ධයින්ට ගැලපෙන  විකල්පයක් නොවෙන බැවින්ද, සින්හල මීසුන්ට ඊලඟ මැතිවරණයේදී තම චන්දය දීමට වෙනත් කිසිම විකල්ප දේශපාලන කණ්ඩායමක් නැති බැවින්ද, එසේම 2005 දී මෙන්ම 2010 දීද 1956 නැවත ඉපදීමක් වඩා ප්‍රබලව නැගීසිටීමක් මේ රටේ බහුතරය අපේෂාකලත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතින් එය එදාත් සිදු නොවූ බැවින්ද, චන්දය දීමට වෙනත් කිසිම විකල්ප දේශපාලන කණ්ඩායමක්ද නැති බැවින්ද, 1956 දී මෙන්ම අදද   එවැනි නව ජාතික ප්රබල සින්හල බෞද්ධ බලවේගයක දැඩි අවශ්යතාව වෙන කවර දාකටත් වඩා රට පුරාම සාකච්චාවට බඳුන්වි තිබේ.

එමනිසා 2019 දී සහ 2020 දී දහසකුත් එකක් බලාපොරුත්තු ඇතිව ඔබ බලයට පත්කිරීමට දිවා රාත්රි සටන්කළ සුන්වූ බලාපොරුත්තු ඇති මහසඟරුවන ඇතුලු මේ රට හා ජාතිය ගැන සැබෑ ආදරයක් ඇති සියලු දෙනාම මහ සයුර ගොඩට ගැළු සුනාමියක් මෙන් නැගී සිටීමේ ඉඩකඩ බොහෝ දුරට ඇති බව පැහදිළිව කිවයුතුය. .

ඔබට  2019 සහ 2020  චන්දය දුන් 70 ලක්ෂයේ සුන්වූ බලාපොරොතු ඉටුකිරිම්ම  තවමත් අවස්ථාව ඇත. ඒ සඳහා අවශය  ජනවරම හා විවස්ථාමය බලය ඔබ සතුව ඇත.

ඒ පහතින් දක්වමි

1.2019 අගෝස්තු සහ 2020 මැයි, මාස 9 ක් ඇතුලත 70 ලක්ෂයක මේ රටේ පරම භූමිපුරයින් වන සින්හල ජනතාව, (එනම් චන්දය ප්රකාශකළ 121 ලක්ෂයෙන් 58% ක්ම)  (70 ලෂයක්) අවස්ථා දෙකකදිම ජනවරම හා විවස්ථාමය බලය ලබාදී ඇත.

2 කුප්රකට් රනිල්-සිරිසේන සන්යෝගය හොරාගත් විධායක බලතලද 20 වන සන්සෝධනයෙන් ජනාධිපතිවරයාට නැවතත් ලබාදී ඇත

3 එක් දේශපාලන කණ්ඩායමකට රාජ්ය බලයද ලබා දී ඇත

4 පාර්ලිමේන්තුවේ 2/3 බලය ද ලබාදී ඇත

5 මේ සියල්ල්ටම වඩා ඒ සඳහා කෝටියකට ආසන්න රටවැසියන්ගේ පූර්ණ ආශීර්වාදයද තවමත් ඔබට ඇත

මඟ හොඳට තිබේනම්

යන්ට දෑසත් පෙනේනම්

කිම බැදිවල යන්නේ

මන්මුලාවූ එකෙකුසේ”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress