යුනිවර්ස් හෙවත් ලෝක ධාතුව
Posted on August 8th, 2021

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

යුනිවර්ස් හෙවත් ලෝක ධාතුව තුල චක්‍රාවාට නොහොත් ගැලැක්සීස් බිලියන 125 (1.25×1011) පමණ තිබෙනවා. සත්‍ය අගය මීට වඩා වැඩි වෙන්නටත් පුලුවන්. මෙහි විශ්කම්භය ආලෝක වර්ශ බිලියන 93 පමණ. අපට පෙනෙන ලෝක ධාතුව එනම් ඔබ්සවර්බල් යුනිවර්ස් එකට වඩා තත්‍ය ලෝක ධාතුව අති විශාලයි. අපට පෙනෙන ලෝක ධාතුව ෆුට් බෝලයක සයිස් එකක් නම් තත්‍ය ලෝක ධාතුව ෆුට් බෝල් පිට්ටනියකටත් වඩා ලොකුයි. යුනිවර්ස් එකේ වයස වසර බිලියන 14 පමණ වෙනවා. ලෝක ධාතුව (යුනිවර්ස් ) එක  ප්‍රසාරණය වෙමින් පවතිනවා. 

යුනිවර්ස් එක ආරම්භ වුනේ බිග් බෑං හෙවත් මහා පිපුරුමත් සමග. මහා පිපුරුම වීමට ප්‍රථම යුනිවර්ස් එක ටීක් බෝලයක් තරම්. එය පිපිරීමෙන් තමයි තරු ඇතුළු චක්‍රාවාට හට ගත්තේ. පිපුරුමත් සමග අධි විශාල තාපයක් ඇති වුනා. මේ තාපය ක්‍රමක් ක්‍රමයෙන් සිසිල් වෙමින් පවතිනවා. තව වසර ට්‍රිලියන ගනනකට පසු මුළු ලෝක ධාතුව අධි ශීත වෙනවා. ඒ වන විට ලෝක ධාතුවේ සිටින ජීවීන් සියල්ල මිය ගිහින්. තරු , චක්‍රාවාට පවා මිය ගිහින්. ඒ වන විට ලෝක ධාතුව යළි සංකෝචනය වෙනවා. යම් කාලයකට පසුව  ලෝක ධාතුව  ඇරඹි අවස්ථාව වන අර ටීක් බෝලයේ ප්‍රමාණයට පත් වෙනවා. ඉන් පසු යලිත් වරක් බිග් බෑං හෙවත් මහා පිපුරුම ඇරඹිලා යලිත් තරු , චක්‍රාවාට ඇති වෙනවා. මෙය චක්‍රයක් වගේ ක්‍රියාවක් ඒ නිසා යුනිවර්ස් එකේ උපත කවදාද කියා කියන්න බැහැ.  

අපි යුනිවර්ස් හෙවත් ලෝක ධාතුවක් ගැන කතා කලාට තව ලෝක ධාතු තියනවා. සමහර තාරකා විද්‍යාඥයන් පැරලල් එනම් සමාන්තර යුනිවර්ස් එකක් පවතින බවත් කියනවා. නමුත් බොහෝ විට ලෝක ධාතු අති විශාල ප්‍රමාණයක් පවතින මල්ටිවර්ස් එකක් (බහු ලෝක ධාතුවක් තිබෙන්න පුලුවන්. තරුවක් මිය ගිය පසු බ්ලැක් හෝල් එකක් එනම් කළු කුහරයක් ඇති වුනු පසු බ්ලැක් හෝල් එක හරහා වෙනත් යුනිවර්ස් එකකට යන්න පුලුවන් බව සමහර තාරකා විද්‍යාඥයන් පවසනවා. යුනිවර්ස් හෝ මල්ටිවර්ස් එක දෙවියෙකු මවන ලද්දක් නොවෙයි. එය ඇති වූයේ ඉබේටම. උදාහරණයක් කියනවා නම් දිය ඇල්ලක් වැටෙන කොට දිය බුබුළු ඇති වෙනවා. ඒවා කිසිවෙකු මැව්වේ නෑ. එය හට ගත්තේ යම් හේතුවක් නිසා. මේ අපරිමිත විශ්වයේ දෙවියන් කියා ප්‍රපංචයක් නොමැති බව ස්ටීවන් හෝකින්ස් තම අවසාන කාලයේ කියා සිටියා. එඬේර යුගයේ මිනිසුන් විසින් තම පරිකල්පනය තුල නිර්මිත ඊෂ්වර,  ජෙහෝවා හෝ අල්ලා යන දෙවිවරු විසින් මේ නිමක් කොනක් නොමැති ලෝක ධාතුව මවන ලද බව කීම තර්කාන්විත නෑ.

පෘතුවිය හැරුනු කොට මේ ලෝක ධාතුව තුල විවිධ වර්ගයේ ජීවීන් සිටිය හැකියි. සමහර ජීවීන් ඉතා කුඩා ක්‍ෂුද්‍ර මට්ටමේ සිට ඩයිනසෝරයන්ටත් වඩා විශාල විය හැකියි. සමහරක් ජීවීන් ඔක්සිජන් නොව හයිඩ්‍රිජන් ආශ්‍රිත කොට ජීවත් වන ප්‍රභේදයක් විය හැකියි. එසේම ප්‍රභා සංස්ලේෂණය මගින් දිවි ගැට ගහ ගන්නා මිනිසුන්ට සමාන ජීවීන් ඉන්නටත් පුලුවන්. සමහර ජීවීන් මිනිසාට වඩා උසස් දියුණු – එනම් භෞතිකව සහ ආධ්‍යාත්මිකව දියුණු ජීවීන් විය හැකියි. තවත් සමහරක් ප්‍රිඩේටර් වර්ගයේ දරුණු ජීවීන් විය හැකියි. ඒ නිසා අපගේ පැවැත්ම පිලිබඳව විශ්වයට රේඩියෝ පණිවිඩ යැවීම ඉලාගෙන කෑමක් වෙන්නටත්  පුලුවන්. සමහර විට පිට සක්වල ජීවීන් පෘතුවියට ඒම ස්පාඤඥ ජාතිකයන් ඉන්කා මායා ශිෂ්ටාචාර සොයා ඒමක් වගේ ව්‍යසනයකින් කෙලවර වන දෙයක් වෙන්නටත් පුලුවන්. නමුත් යම් දිනක අපිට පිට සක්වල ජීවීන් සමග ගනුදෙනු කිරීමට සිදු වන බව නම් ඒකාන්තයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress