ඩිප්ලොමැටික් පරයා (2වැනි කොටස )
Posted on August 18th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

අධිරාජ්‍යවාදය ඉතා බලවත් යාන්ත්‍රණයක් වුවද, එහිද අවසානයක් තිබේ. මේ අවසානය ඉක්මන් කරවන්නේ,ඔවුන්ගේ, නොඉවසිලිමත්බාවයයි. වර්ෂ 1994 ජනාධිපතිවරිය ලෙස තමන්ගේ නියෝජිතවරියක් බලයට ගෙන, විපක්ෂ නායක ධුරයද තමන්ගේම නියෝජිතයාට ලබාදී තමන්ට අවැසි ආකාරයට මේ රට ඔවුන්ගේ ඉලක්කයන් කරා මෙහෙයවුවද, ඔවුන්ට තම ඉලක්කය වූ රනිල් ජනාධිපති කිරීම ඉක්මන් කිරීම ඉතා වැදගත් කාර්යයක් විය.

1994දී වැඩි චන්ද එකකින් පාර්ලිමේන්තු බලය අතැතිව සිටි චන්ද්‍රිකාගේ පළමුවෙනි ධුර කාලය නිදහසේ ගලායාමට ඉඩදුන් අධිරාජ්‍යවාදීන්ට,තවදුරටත් ඇය ජනාධිපතිවරිය ලෙස සිටිනු දැකීමට අවශ්‍ය නොවිය. ඒ අනුව 1999 ජනාධිපතිවරණයේදී, රනිල් ජනාධිපති බවට පත් කිරීමේ පළමු උත්සාහය ගැනීමට තීරණය කළහ. තමන්ගේම නියෝජිතවරියක්වූ, චන්ද්‍රිකා සමග තරඟ වැදීමට රනිල්ව මෙහෙයවන ලදී. මෙහිදී ඔවුන්ගේ අනුග්‍රහකවත්වය රනිල් ජනාධිපති කරවිමම විය.

සුපුරුදු පරිදි කොටි සංවිධානය මෙහිදීද රනිල්ගේ ජග්‍රහණය වෙනුවෙන් මෙරට චරපුරුෂ ජාලය විසින් මෙහෙය වන ලද අතර, ඔවුන්ගේ ඝාතන ඉලක්කය වූ චන්ද්‍රිකා නුලෙන් දිවි ගලවා ගත අතර, එයින් ලද ජනතා සහයත් සමගම ඇය ජයග්‍රහණය කර දෙවන වරද ජනාධිපති වරම් ලදහ.

මෙයින් බලවත් ලෙස කැළඹුන බටහිර චරපුරුෂ සේවාවන් චන්ද්‍රිකාගේ බලය කප්පාදු කිරීම සඳහා පාර්ලිමේන්තුව තුල සිටි චන්ද්‍රිකා පාර්ශවයේ මැති ඇමතිවරු පිරිසක් රනිල්ගේ පිලට ගෙන චන්ද්‍රිකාගේ පාර්ලිමේන්තු බලය බිඳහෙලන ලදී. එදා පාර්ලිමේන්තුවේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු චන්ද්‍රිකාගේ සහයට පැමිණියද රජයේ බිඳ වැට්ටවීම නතර කල නොහැකි විය.

පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සිදුවූ අතර එහිදී රනිල් වික්‍රම සිංහ මහතාට අගමැති ධුරයට පත්වීමට වරම් ලැබුණි. අධිරාජ්‍යවාදීන් මේ සෙල්ලම සිදුකර ගෙන යන්නේ මෙරට සිටින ප්‍රබල චරිත සමගය. මේ චරිත තුල තම අභිමානය සම්බන්ධව ඉහලින් සිතන චරිත ඔවුනට ඇවැසි ආකාරයට නැටීමට හැමවිටම සුදානම් වන්නේද නැත. චන්ද්‍රිකා එවැනි චරිතයකි.නමුත් පවතින දේශීය හා විදේශීය බලපෑම හමුවේ ඇය රට ජාතිය ගැන සිතනවාට වඩා තම පැවැත්ම පමණක්ම සිතන චරිතයක් බවට පත්ව චරපුරුෂ සේවාවන්ට අවැසි විදියට පාලනය වෙන, චරිතයක් ලෙස කටයුතු කළහ.

මෙවර,ගොඩනැගුනේ පෙරටත් වඩා වෙනස් තත්වයකි. දැන් ජනාධිපතිත්, අගමැතිත් චරපුරුෂ සේවාවන් විසින් හසුරුවන රාජ්‍යක් නිර්මාණය වූ අතර, ඉතාවේගයෙන්, කොටි සංවිධානය බලවත්වී,දකුණු ආසියාවම වෙලාගන්න තත්වයට ප්‍රවර්ධනය කරන ලදී. දිනෙන් දින හමුදා කඳවුරු භට පිරිස් සමග විනාශ කිරීම කොටින් විසින් සාර්ථකව  සිදුකලේ මේ දෙපලගේ රාජ්‍ය තුලය.

.1.පුර්ණ බලය ඇති විධායක ජනාධිපතිවරියගේ යටතේ තිබූ  ආරක්ෂක අමාත්‍යංශයට විසින් පවත්වා ගෙන ගිය මිලේනියම්සිටිහිවූ හමුදාඛණ්ඩය රනිල් අගමැතිව පාවා දෙනවිට ජනාධිපති චන්ද්‍රිකා නිහඬව එය රනිල්ට සිදුකිරීමට ඉඩ ලබාදීමයි.

2. පුර්ණ බලය ඇති විධායක ජනාධිපතිවරියගේ යටතේ තිබූ  ආරක්ෂක අමාත්‍යංශය උතුරින් පහලට අද දමා උතුර ප්‍රභාකරන්ට පාලනය කිරීමට ගිවිසුමකින් පාර්ලිමේන්තුවේ කිසිවෙකුට නොදන්වා කරන විටත් චන්ද්‍රිකා නිහඬව සිටීම,

කියාපාන්නේ ජනතාවට බැරෑරුම් ලෙස සිතිය යුතු ගුප්ත දේශපාලන ක්‍රියාවලියක් මේ තුල ඇති බවයි.

මෙහෙම වෙන්නේ කොහොමද ඒ විපක්ෂයත් ආණ්ඩුපක්ෂයත්  දෙකම අධිරාජ්‍යවාදීන් විසින් හසුරවන විට සිදුවෙන විට  බව ජනතාව තේරුම් ගත යුතුය.

ඒ යුගයේදී චරපුරුෂ සේවාවන් විසින් චන්ද්‍රිකා ආණ්ඩුව බිඳ වට්ටවිමෙන් ඇයට සිදුකල අවමානයත් ඒ වනවිට මේරට තිබු සුපිරිම දේශපාලන පක්ෂය ලෙස ජනහද බැදගත් ජනතා විමුක්ති පෙරමුණත්  මේ අවස්ථාවේදී මෙරට චරපුරුෂ සේවාවන් වල කාර්යන්ට  එරෙහිව සෘජුවම සිට ගැනීම තුලින්  රනිල්ගේ රජය විසුරුවා හැර තවත් මහා මැතිවරණයක් කැඳවීමට චන්ද්‍රිකා ක්‍රියා කොට යලි පාර්ලිමේන්තු බලය සියතට ගත්හ. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ ගෞරවනීය කාර්යක් ඉටුකළ අතර එය කිසිවෙකුටත් අවතක්සේරු කල නොහැක.

මේ මැතිවරණය තුලින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වශයෙන් පත්වූ අතර, එය ඔහුගේ බලඅරගලයේ,කැපිපෙනෙන ජග්‍රහණයක් විය. මෙය ලංකා ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් විය. ජනතාව, ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකල ඒ මහා විශිෂ්ඨ කාර්ය වෙනුවෙන් පාර්ලිමේන්තු ආසන 41ක් ලබාදී අනාගත ලංකාව පාලනය කරන දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බවට සනිටුහන් කිරීමක්ද කළහ.

මේ මැතිවරණය දේශීයව හා විදේශීයව විශාල පණිවුඩයක් නිකුත් කල මැතිවරණයක් විය. මේ තුලින් කොටි සංවිධානයට බලවත් අනතුරු අගවිමක්ද කළහ. මේ අතර,සුනාමි ව්‍යසනය,රටට ඇතුළු වී කොටි සංවිධානය ගොඩනැංවූ ඔවුන්ගේ බලකදවුරු විනාශ කරමින් මෙරටට දේශපාලන වශයෙන් වාසියක් හා ආර්ථික වශයෙන් විනාශයක් නිර්මාණය විය.

මෙහිදී චරපුරුෂ සේවාවන්ගේ විශාල බිද වැටීමකට ලක්වුවද, තම එකම අරමුණ වුයේ බිඳ වැටුන කොටි බලය යලි ගොඩනගන්නේ කෙසේද යන්නයි.ඔවුන් කල හැකි සෑම තැනකින් රිංගමින් ඒ කටයුත්තා සිදුකල අතර යලි චන්දිකාට ළඟාවූ චර්පුෂ සේවාවන් මාර්ගයෙන් කොටින් බලවත් කිරීම සඳහා සුනාමි සහන මණ්ඩලයක් සථාපනය කිරීම සඳහා වෙර දැරීමේදී එයට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ පියවර ගැනීමත් සමග චන්ද්‍රිකා ගේ සියලු බල බිදී ගියේය. ඇයට අවසානයේදී චරපුරුෂ සේවා සහනයක් පමණක් ලබන නිකම්ම නිකම් අවලංගු කාසියක් බවට පත්වුවාය.

මේ සමගම මීළඟ ජනාධිපතිවරණය සුදානම්වූ අතර, එය 2005 නොවැම්බර් මස 18 වෙනිදා පැවැත්වීමට සියලු කටයුතු සංවිධානව තිබුණි. මෙහිදී චරපුරුෂ සේවා තම සගයාවූ රනිල්ව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්කර, චන්ද්‍රිකා කුමාරතුන්ගේද සහය රනිල්ගේ ජයග්‍රහණය උදෙසා ලබාගත්තේය. මෙහිදී, මහින්දගේ බල බිදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධානාත්මක බාවය විනාශ කොට දැමුහ මේ ජනාධිපතිවරනයේදී මහින්දගේ සහයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දොරටු විවර නොවීම චරපුරුෂ සේවාවන්ගේම කාරයක් විය. නමුත් ඒ වනවිට මෙරට තුල වූ ජනතා විමුක්ති පෙරමුණේ තිබු ස්විශේශිවූ බලය සම්බන්ධව අවබෝධයක් නොතිබුන නිසාදෝ ඒ පක්ෂය මහින්දට එරෙහිව මෙහෙයවිමට කටයුතු නොකිරීම තුලින් මහින්දට ජනාධිපති වීමේ හැකියාව ලැබුණි.

මෙහිදී අපට මේවනතෙක් තේරුම් ගැනීමට ඉතා අපහසු සිදුවීම වන්නේ, ප්‍රභාකරන් උතුරේ ජනතාවට චන්දය වර්ජනය කරන ලෙස බලපෑම් කලේ කවුද යන්නයි.මේ පිටුපස්සේ ඇත්තේ කුමක්ද යන්න ඉතිහාසයට ඉතාම වැදගත් දෙයකි. එයත් මහින්දගේ ජග්‍රහණයට බලපෑ වැදගත් සිද්ධියක් විය.

අධිරාජ්‍යවආදින්ට අවශ්‍යව තිබුනේ රනිල්ව ජනාධිපති කර, ඔවුන්ගේ දකුණු ආසියාවේ බලය පාලනය කරන මධ්‍යස්ථානය බවට මේ රට පත්කර ගැනීමය. ඒ සඳහා ඔහුව 2005 ජනාධිපතිවරණයට දැමු අධිරාජ්‍යවාදීන් ලද බලවත් පරාජයකි. සවභාවය කටයුතු කරන්නේ සියුම් ආකාරයෙන් වන අතර, මහින්ද රාජපක්ෂයන්ගේ ජයග්‍රහණය, කොටි සංවිධානයේ පරාජයේ පළමු පියවර විය.

මේ අවස්ථාවේදී අධිරාජ්‍යවාදීන් මහා ව්‍යසනකාරී තත්වයකට පත්වුනද, ඔවුන් මහා බලයක් පා මහින්දව බලයට පත්කිරීමට වේදිකා නිර්මාණය කල, ඒවා මත වේගවත් කතා කල, මහින්දයන් වෙනුවෙන් ගෙයක් ගෙයක් ගානේ ගිය ජනතා විමුක්ති පෙරමුණට රජයට සම්බන්ධ නොවී සිටීමේ තත්වයක් ක්ෂණිකව ඔවුන් නිර්මාණය කිරීමට තරම් ඔවුන් බලවත් විය.. ඒ එංගලන්තයේ වාසය කරමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක තුමාගේ විධානයකට අනුවය, එය ජනතා විමුක්ති පෙරමුණේ විනාශයේ පළමු ලක්ෂය විය. බලන්න ඉතිහාසය කොතරම් සුක්ෂමව කටයුතු කරනවාද යන්න දෙස, එකම වර, කොටි සංවිධානයත්, ජනතා විමුක්ති පෙරමුණත් විනාශ කිරීම එකම ස්ථානයකින් ආරම්භ කිරීම විශ්මිත සිදුවීමකි..
(3 වන කොටස ඉදිරියට)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress