කබ්රාල්ගේ අමාත්‍යංශයේ ඉතිරි ‘මෙහෙයුම් කාමරය’ විතරයි.. එයත් නාමල්ට දෙන්නැයි කබ්රාල් ජනපතිට කියයි..
Posted on August 21st, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

තමන් දරන රාජ්‍ය අමාත්‍යාංශයෙන් කොටසක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතට පත් කිරීම පිලිබදව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් ලියා ඇති බව සති අන්ත ජාතික පුවත්පතක් වාර්තා කරයි.

තමන් දරුණ ලද රාජ්‍ය අමාත්‍යාංශයෙන් කොටසක් කැබිනට් අමාත්‍යාංශයක් වීම පිළිබඳ සතුටු වන බව කබ්රාල් මහතා සඳහන් කර තිබේ.

එම රාජ්‍ය අමාත්‍යාංශයට අයත්ව තිබූ ‘මෙහෙයුම් කාමරය’ පමණක් පවරා ගෙන නොමැති බවත් එය අතපසුවීමකින් සිදුවිය හැකි එකක් නිසා එයද නව අමාත්‍යවරයාට පවරා දෙන ලෙසත් කබ්රාල් මහතා එමගින් දැනුම් දී ඇත.

ආසන්නයේදීම පැවති කැබිනට් මණ්ඩල සංශෝධනයේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතට පවරා ලද නව අමාත්‍ය ධුරට අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් දරන ලද ව්‍යාප්ති අධීක්ෂණ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ කොටසක් පවරා දී තිබිණි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress