ගුරු සංගම් නියෝජිතයන් 15ක් කොරෝනාවෙන් මිය ගිහින්…
Posted on August 21st, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

කොරෝනා ව්‍යාප්තිය නොතකා පෙළපාළි හා විරෝධතාවල නිරත වූ ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් පහළොස් දෙනෙකු පමණ මේ වන විට වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇතැයි දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

මෙසේ මියගොස් සිටින පිරිස අතර විදුහල්පතිවරුන් තිදෙනෙකු හා සෙසු පිරිස ගුරුවරුන් බවත් එම පක්ෂයේ නායක සුදත් හේවාපතිරණ මහතා පැවසීය.

මෙම පිරිස වෛරසයට ගොදුරු වී ඇත්තේ සෞඛ්‍ය උපදෙස් නොපිලිපැදීම නිසා යැයි ද ඒ මහතා තව දුරටත් සඳහන් කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress