වර්තමාන #කොවිඩ් වසංගත තත්වය මධ්‍යයේ සංචාරකයින් අප රටට ගෙන්වා ගැනීමේදී හෝටල් සේවකයාට මුහුණපෑමට සිදුවන සෞඛ්‍යමය ගැටළු සම්බන්ධවයි.
Posted on August 31st, 2021

හෝටල් සේවක මධ්‍යස්ථානය-අන්තර් සමාගම් සේවක සංගමය

ගරු අමාත්‍ය
කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා,
සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශය,
අංක 385, පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත,
කොළඹ10.

ඇමතිතුමනි,

වර්තමාන #කොවිඩ් වසංගත තත්වය මධ්‍යයේ සංචාරකයින් අප රටට ගෙන්වා ගැනීමේදී හෝටල් සේවකයාට මුහුණපෑමට සිදුවන සෞඛ්‍යමය ගැටළු සම්බන්ධවයි.

ලෝක වසංගත තත්වයක් වූ #කොවිඩ් වසංගතය අද වන විට අප රට තුල ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර එහිදී දෛනිකව රෝගීන් හා මරණ සංඛ්‍යාව ඉහල යමින් පවතී. මෙම තතව්ය හමුවේ වෘත්තීය සමිති, පක්‍ෂ විපක්‍ෂ, මහා සංඝයා වහනේසේලා සෞඛ්‍ය අංශවල බලවත් ඉල්ලීම් පරිදි අද වන විට රට වැසීමට සිදුව ඇත. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ විද්‍යාත්මක රට වැසීමකි.

කෙසේ වෙතත්, සංචාරක ක්‍ෂෙත්‍රයේ උන්නතයි උදෙසා ජෛව බුබුළු සංකල්පය මත නැවතත් ඉන්දියන් හා රුසියානු ප්‍රමුඛ සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමට මෙම මොහොතේ ආණ්ඩුව තීරණය කර ඇත.

මීට පෙර ජෛව බුබුළු සංකල්ප මත සංචාරකයින් ගෙන්වා අතහ් දා බැලීමක් ලෙස කළ බවත්, එහි අහිතකර ප්‍රතිඵල කවරේද යන්නත් අපි අමතක නොකරමු. එවැනි අත්හදාබැලීම් යළි නොකරන ලෙස හෝටල් සේවක මධ්‍යසථානය ලෙස අප ඉල්ලා සිටින්නෙමු.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව වත් අනුගමනය කරමින් හෝටල් ක්‍රියාත්මක නොවූ බව එය මෙරට ජනතාවගේ සෞඛ්‍යයට බරපතල තර්ජනයක් වූ බවද වැඩිදුරටත් දන්වා සිටින්නෙමු.

කොළඹ තරුපහේ හෝටලයක ක්‍රියාත්මක වූ ජෛව බුබුළු සංකල්පය තුල සේවා සැපයූ සේවකයන් 40 ක් පහණ #කොවිඩ්19 වසංගතයට ගොදුරු වී තිබෙන අතර අනුව ජෛව බුබුළු ක්‍රමවේදය තුල විශාල අඩුපාඩු ඇති බවට එය සාක්‍ෂියකි.

එම නිසා අප හෝටල් සේවක මධ්‍යස්ථානය ඉල්ලා සටින්නේ සංචාරක ජෛව බුබුළු සංකල්පය ක්‍රියාත්මක කරන්නේ නම්, හෝටල් සේවකයාගේ ආරක්‍ෂාව උපරිම ලෙස තහවුරු කිරිමට කටයුතු කළ යුතු බවයි. මිට පෙර එලෙස පැමිනි සංචාරකයන් කිසිදු වගකීමකින් නොහැසිරුනු බව පෙන්වා දිය යුතුය.

පවතින තත්වය තුල සංචාරකයන් ගෙන්වන්නේ නම්, පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කරන ලෙස

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඔබගෙන් ඉල්ලා සටින්නෙමු.

1.
සංචාරක මණ්ඩලය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ තරයේ ක්‍රියාතම් කරවිමට කටයුතු
කිරිම,

2.
අදාල සංචාරකයන් සිටින ජෛව බුබුළු අධීක්‍ෂණය කිරිමට ක්‍රමවේදයක් සකස් කිරිම,

3.
පසුගිය ජෛව බුබුළු සංකල්පය ක්‍රියාතම් කිරීමේදි සිදුවූ අඩුපාඩු පිලිබඳව සේවක අදහස් ඉදිරිපත් කිරිමට අවස්ථාවක් අප මධ්‍යස්ථානයට ලබාදීම,

4.
සියලූ හෝටල් සේවකයින් ප්‍රමුඛ තත්වයේ ලා එන්නත ලබාදීම.

ස්තූතියි.

මෙයට,
හෝටල් සේවක මධ්‍යස්ථානය වෙනුවෙන්,
නීතඥි ජානක අධිකාරි
සභාපති

සම්බන්ධීකරණය077 3083275

Coordinating – +94 77 3083275

සම්බන්ධීකරණය:
ජයතිලක රණසිංහ077 3436815
ජාතික සංවිධායකහෝටල් සේවක මධ්‍යස්ථානය
Coordinating:
Jayathilaka Ranasinghe – +94 77 3436815
National Organizer – Hotel Employees Center


පිටපත්:
1.
ජනාධිපති ලේකම්ps@presidentsoffi ce.lk Fax:011 2340340
2.
අග්‍රාමාත්‍ය ලේකම්info@pmoffi ce.gov.lk Fax:011 2575310 / 2574143
3.
අමාත්‍යසංචාරක අමාත්‍යාංශය info@tourismmin.gov.lk Fax: 011 243 6672 / 239 51394.
4.
සභාපතිතුමාශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය info@srilanka.travel Fax: 112 444165 / 2426984
5. #
කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය
6.
සියලූ ජනමාධ්‍ය වෙත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress