මංගල ගේ දේශපාලන භූමිකාව
Posted on September 3rd, 2021

ජානක පෙරේරා විසිනි

මංගල සමරවීර මියගිය දා පටන් හැම පැත්තෙන්ම අපට අසන්න ලැබෙන්නේ ඔහුගේ ගුණ වැයුම්ය. පක්ෂ විපක්ෂදෙපිරිසේම අය කියන්නේ ඔහුගෙන් රටට වූවා යයි කියන සේවය ගැනය. නැතිනම් ඔහු කල හොඳ පමණක් වැඩියෙන් ඉස්මතු කිරීමෙන් කිරීමය.

දැන් අපට අවශ්‍ය වන්නේ  මෙරට භෞමික අනන්‍යතාවය පිළිබඳව ඔහුගේ දේශපාලන භූමිකාවේ  නිවැරදි තක්සේරුවකි.  මා දන්නා තරමින් කිසිම මාධ්‍යයකින්  එය කර නැත.  මංගලගේ පුද්ගලික දිවිය හෝ දේශපාලන පිල් මාරු කිරීම් අපට මෙහිදී අදාල  නැත. එය බොහෝ දේශපාලකයන් කරන්නකි

 වසර 1987-1990 භීෂණ සමයේදී මෙරට මානව හිම්කම් උල්ලංඝනය වීමට විරුද්ධව ඔහු ඉතා කැප වී   ක්‍රියා කල බව ඇත්තකි. එහෙත් කොටි-විරෝධී  යුද සමයේ ඔහු කලේ කුමක්ද?  ඒ කාලයේ සිට ඔහු මියයන තෙක්ම පෙනී සිටියේ ෆෙඩරල් ‘විසඳුමක්’  සඳහාය. ඉන්දියානු රජය මගින් අප රට මත බලෙන් පටවන ලද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පවා ඔවුන්  පිළිගත්තේ නැත.    

කොටි රට සහමුලින්ම දෙකට කැඩීමේ තම අරමුණ ඉටුකරගැනීම හැර වෙන කිසිම  විසඳුමකට සූදානම් නැති බව සිහිබුද්ධිය ඇති කාටත් එකල පැහැදිලි විය. එහෙත් මංගල ඇතුළු ‘සාම’ ක්‍රියාකාරීන්ට මේ කිසිවක් නොපෙනුනි. ඔවුන් සිතා සිටියේ කොටින් ගේ අරමුණු නොතකා කොටි ත්‍රස්තවාදය මර්දනය නොකර ජාතික සමගිය ගොඩ නැගිය හැකි බවය.   

මේවා දැන දැනම   මංගල  ‘සුදු නෙළුම’ වැනි විගඩම් වලට පූර්ණ අනුග්‍රහය දැක්වීය. සිංහල ජාතිවාදය විවේචනයට ලක් කල ඔහු කොටින්ගේ  මිනීමරු ත්‍රස්තවාදය හෙලා දකිනු අප  අසා කියවා නැත. ඊනියා ජාත්යන්තර මානව හිතවාදීන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ‘සිංහල හමුදාව’ යනුවෙන් හඳුන්වමින් ඔවුන් දෙමළ සංහාරයක යෙදුනේ යැයි කෑගසන විට මංගල නිශ්ශබ්දව සිටියේය.

එමෙන්ම අපේ රණවිරුවන් කොටි  පරාජය කිරීමට සිය ජීවිත පූජා කිරීම මංගලඅගය කරුණු අප අසා කියවා නැත. වසර 2009 කොටි පරාජය කිරීමේ ජයග්‍රහණය සැමරීමට ඔහු හිතා මතාම සහභාගී නොවීය

මේ සියලු ක්‍රියා ඔහුගේ පුද්ගලික මතයයි සලකා ඇතැමෙකුට අමතක කල හැකිය.  එහෙත් සමාවක් නොදිය හැකි බරපතලම ද්‍රෝහී ක්‍රියාව මංගල කලේ පසුගිය යහපාලන සමයේ ජිනීවා නුවර පැවති ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවේදීය. ඒ අපේ රණවිරුවන්ට විරුද්ධව ඔප්පු නොවූ යුද අපරාධ චෝදනා විභාග කිරීමට ඉදිරිපත් වූ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමය. අපේ හමුදා මෙසේ පාවා දුන්නේ බ්‍රිතාන්‍යයේ නෙස්බි සාම වරයා පවා ඒ චෝදනා බොරු බව පැහැදිලි කරමින් අපේ  සෙබළුන් වෙනුවෙන් පෙනී සිටීමද නොතකමින්ය.  සමහරවිට මේ පාවා දීම පිටුපස එවකට අගමැති රනිල්  වික්‍රමසිංහ ද සිටින්නට ඇත.  ලොව කිසිම රටක් තමන්ගේ ආරක්ෂක හමුදා සම්බන්ධයෙන් එසේ ක්‍රියා කර නැත. 

වසර 2005-2010 මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ප්‍රතිපත්තිමය කරුණු මත එම රජයෙන් ඉල්ලා අස්වීමට තරම් මංගලට පිට කොන්දක් තිබුනේ යයි කියති. එසේ නම් ජිනීවා මානව හිමිකම් සමුළුවේ ඉදිරිපත් විය හැකි යෝජනා ගැන දැන දැනම ඊට සම අනුග්‍රහය නොදක්වා සිටීමට හෝ විදෙස් ඇමති  ධුරයෙන් ඉල්ලා අස්වීමට හෝ පිට කොන්දක් ඔහුට නොතිබුනේ ඇයි?

වසර 1987 ඉන්දු ලංකා ගිවිසුමට විරද්ධව ගාමිණී ජයසුරිය ඒ.ජා.ප රජයේ  ඇමති ධුරයෙන් ඉල්ලා අස් විය. එම වසරේදී අපේ ආරක්ෂක හමුදා වඩමාරච්චියේදී කොටි පරාජය කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී එවකට ජනපතිව සිටි ජේ.ආර්. ජයවර්ධන එම  ගිවිසුම අත්සන් කලේ ඉන්දියාවේ  ආක්‍රමණකාරී බලපෑම නිසා මිස ඔහුට එවැන්නක් කිරීමට සැබවින්ම වුවමනා වූ නිසා නොවේ.  එහෙත් යහපාලන කාලයේදී මෙරට රජයට එවැනි බලපෑමක් නොවීය.

එසේ නම් මංගල ජිනීවා යෝජනාවට විරුද්ධ නොවුයේ ඔහු ඊට ඉත සිතින්ම පක්ෂ වීම නිසා බව පැහැදිලිය. ලොව කිසිම රටක් ජාතන්තරයෙන් තමන්ගේ ආරක්ෂක හමුදා වලට සමස්තයක් වශයෙන් එල්ලවන සනාථ නොවූ උද අපරාධ චෝදනා විභාග කිරීමට සහාය දී හෝ අනුමැති දී නැත. ලංකාව එසේ කල පළමු රාජ්‍යය විය හැක. එය අපේ රණ විරුවන්ට කල අවමානයකි, නිගරුවකි . අපේ ජාතික අභිමානය සමච්චලයට ලක් කිරීමකි.  

ජ.වි.පෙ. භීෂණයට විරුද්ධව මංගල ගේ නැගී සිටීම අගය කලයුතු නම් ඔහු ජිනීවා හිදී කල ක්‍රියාවෙන් ඔහු කලේ තමාම දෙවූ කිරිකලයට තමාම ගොම බිංදුවක් දැමීම වැන්නකි.  එහෙත් මංගල මියයන තෙක්ම ඒ වරද පිලිගත්තේ නැතුවා පමණක් නොව ඔහු එය සාධාරණීය කරන්නටද  තැත් කලේය .

ජිනීවා පාවා දීමෙන් පසු ඇතැමුන් ඔහුට අවමංගල යනුවෙන් නමක් පට බැන්දේද ඒ නිසයි.

One Response to “මංගල ගේ දේශපාලන භූමිකාව”

  1. Hiranthe Says:

    Totally agree with the writer.

    It is a stupid practice that we follow that it is indecent to talk about bad things done by the deceased person.

    But how about the irreparable damages he had done?

    If the rapist who destroyed my daughter life dies, should we only talk about his good side since he is no more?

    Our development drive for self sufficiency was destroyed by JR and the team in 1977 and they demolished all values we had. People still talk good things about JR.

    Similarly, in 2015 for the second time, our development drive was destroyed by the Yahapalana clan in which Mangala played a key role in fabricating the Lie campaign along with JVP. After that our economic growth gone even below Afghanistan.

    Do we still whitewash the bad guy who did it. He was all out to destroy our Buddhist values and openly saying that this is not a Buddhist Country. What was the right he had to say that?

    He may be burning in the Aweechi Narakaadiya now for the sins he committed against Mother Land similar to Maduluwawe Sobitha Thro, as a monk revealed in deep Samadhi some years ago.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress