විරෝධතා සහ විදේශ අරමුදල්
Posted on September 11th, 2021

සංගදාස අකුරුගොඩ

2021 අගෝස්තු 22   පලවූ ඉරිදා දිවයින පුවත්පතේ ‘ආණ්ඩුවට ගහන්න රුපියල් කෝටි 85ක් එයි’ පුවතින්, දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති කිහිපයකට, ජනප්‍රිය හිමිනමකට සහ මාධ්‍ය කණ්ඩායමක් වෙත රජය අපහසුතාවට පත් කිරීමට කටයුතු කිරීම සඳහා විදේශ සංවිධානයක් විසින් රුපියල් කෝටි 85ක පමණ මුදලක් රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙරටට ලබාදී ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ගයකින්  ලැබී ඇති බව  වාර්තා විය.

එම පුවතේ සඳහන් වූයේ අදාළ විදේශ සංවිධානයේ සිටින ඉහළම නිලධාරියකුගේ මැදිහත්වීමෙන් මෙම මුදල් ලබාදී ඇති බවයි. මෙම මුදල් වලින් රුපියල් කෝටි 50ක් අදාළ මා මාධ්‍ය කණ්ඩායමටත් ප්‍රසිද්ධ හිමිනමට රුපියල් කෝටි 5ක් සහ වෘත්තීය සමිති හා දේශපාලන පක්‍ෂ සඳහා රුපියල් කෝටි 30ක් වශයෙනුත් බෙදා දී ඇත.

මිනිසුන්ගේ මොළ සෝදාහැරීම මගින් පවතින පාලනයන් පෙරලා දමා රට අස්ථාවර කිරීම සඳහා විදේශීය අරමුදල් භාවිතා කිරීම ලoකාවට අලුත් දෙයක් නොවේ. විදේශීය සoවිධාන වල එවැනි අරමුණු ඉටුකර ගැනීම සඳහා අතීතයේදී වදේශීය අරමුදල් භාවිතාකළ ඇති ආකාරය පිළිබඳ විස්තර සපයන ලිපි සහ පොත්පත් ඕනෑතරම් අපට හමුවී ඇත.

තිස්වසරක් පැවති කුරිරු කොටි ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය පැවති සමයේදීද නම් දරා සිටි, රාජ්‍ය නොවන සoවිධාන,  දේශපාලකයින් හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් මෙකලද මා මාධ්‍ය තුලින් ඔවුන්ගේ ප්‍රකාශ සඳහා පුළුල් ප්‍රචාරයක් ලබාගන්නා ආකාරය අපට දැකගත හැකිය. කලින් කලට මතුවන හතු, බිම්මල් සහ වෙනත් බොහෝ දිලීර මෙන් මෙම ක්‍රියාකාරීන්ද, තමන්ට සරිලන වටපිටාවක් ලත් සැනින් හිස ඔසවන ආකාරය මේදිනවල බහුලව පෙනෙන්නට තිබේ.

කොටි ත්‍රස්තවාදය පැවති සමයේ, මෙම රාජ්‍ය නොවන සoවිධාන,  දේශපාලකයින් හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් බෙදුම්වාදීන්  පෝෂණය කිරීමට දායක වූ ආකාරය,  ඔවුන් එකල පැවසූ දෑ, ඔවුන්ගේ නම් ඇතුලු සියලු විස්තර කොටි හිතවාදී වෙබ් අඩවිවලට පිවිසීමෙන් අද වුවද දැකගත හැකිය. (https://www.tamilnet.com/art.html?artid=19261&catid=13).

ඔවුන්ගෙන් සමහර දෙනෙක්, 2015දී, එවකට පැවති රාජපක්ෂ රජය පෙරළාදමා ඊනියා යහපාලනය ඇතිකරලීමටත්, 2015-2019 කාලයතුල එය ප්‍රවර්ධනය කරලීමටත්  ක්‍රියාශිලීව කටයුතු කලද, ඔවුන්ගෙන් ඇතැම් අය  දැන් නිහඬය.  එක්කෝ ජීවතුන් අතර නැත. රටේ ජනතාවගෙන් බහුතරයක්, යහපාලනය ප්‍රවර්ධනය කලවුන්ගේ පැටිකිරිය සහ ඔවුන් එමගින් රටට කල හානිය ගැන දන්නා බැවින්, එම රාජ්‍ය නොවන සoවිධාන,  දේශපාලකයින් හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට දැන් යන එන අන් මඟක් නැත.

එසේ වුවද, කොටි ත්‍රස්තවාදය මෙරටින් අතුරුදන් වීමෙන් පසු මෙම ඊනියා ක්‍රියාකාරීන්ට යලිත් හිස ඔසවා රට අස්ථාවර කිරීම සඳහා වත්මන් කොවිඩ් -19 වසoගතය ස්වර්ණමය අවස්ථාවක් වී ඇති අයුරු  විවිධ මා මාධ්‍ය තුලින් අපට දැකගත හැකිය. 

ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදීන් වර්ධනයවී, අද ඔවුනගේ පාලනයට නතුවී ඇති ආකාරය දකිනවිට, අතීතයේදීද විදේශීය අරමුදලින් යැපුන රාජ්‍ය නොවන සoවිධාන, ඇතැම් දේශපාලකයින් හා විවිධ ක්‍රියාකාරීන් යයි තම තමන්ම හඳුන්වාගන්නා පුද්ගලයින් කොටි ත්‍රස්තවාදයට පක්ෂපාතීව ලොවපුරා මිනිස් මොළ සෝදාලීමට ගත් උත්සාහය සාර්ථකවීනම් අද අපරටේ තත්වය කෙබඳුවේදැයි අපට සිතාගත හැකිය.

මගේ මතකයේ හැටියට, 1970 ට පෙර රජයේ සේවකයින්ට දේශපාලන කටයුතුවල නියැලීමේ නිදහස  ඉතා සීමිත හෝ එවන් නිදහසක් තිබුනේ  නැත. 1970 දී තේරී පත්වූ සමගි පෙරමුණ (ශ්‍රීලනිප, සමසමාජ හා කොමියුනිස්ට්) පාලනය යටතේ රජයේ සේවකයින්ට යම් දේශපාලන නිදහසක් ලබාදීමෙන් සහ පසුකාලීනව තේරීපත්වූ පාලන මගින් රාජ්‍ය සේවයේ විවිධ තනතුරු සහ පත්වීම්වලට මැදිහත්වීමට දේශපාලනඥයින්ට ඉඩකඩ සලසා දීමෙන්, රාජ්‍ය සේවාවන් සහ වෘත්තීය සමිති අද පාලනයකළ නොහැකි ලෙස දේශපාලනිකව බෙදී ඇත.

රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවට සමහර රජයේ නිලධාරින් සහ වෘත්තීය සමිති නායකයින් තම දේශපාලන පක්ෂවල අවශ්‍යතා සපුරාලමින්, රජයේ ප්‍රතිපත්ති නිතිපතා ප්‍රසිද්ධියේ විවේචනය කරති. වර්තමාන කෝවිඩ් වසoගතය පාලනය කිරීම සඳහා රජය ගන්නා සෑම පියවරක්ම, සෞඛ්‍ය අoශයට සම්බන්ධ ප්‍රසිද්ධ වෘත්තීය සමිති නායකයින් දෙදෙනෙකු විසින් දිනපතාම පාහේ නිකුත්කරන මාධ්‍ය ප්‍රකාශයන් මෙයට කදිම නිදසුනකි.

මෙම වෘත්තීය සමිති සමිති නායකයින්  දෙදෙනාගේ නම්, ඉහත සඳහන් කලපරිදි, කොටි හිතවාදී  ‘ටැමිල්නෙට්’ වෙබ් අඩවියේද ඇතලත්වී තිබීමෙන් ඔවුන්ගේ අතීතය සහ ඔවුන් සේවය කරන්නේ කාටද යන්න පැහැදිලි වේ.

ඊට අමතරව, කෝවිඩ් වසoගතය පාලනය කිරීමට සහ මෙම තීරනාත්මක අවදියේදී රටේ ආර්ථිකය යථාතත්වයට පත්කරලීමට රජය ගන්නා සෑම පියවරකටම පාහේ එරෙහිව ජන මනස විකෘති කරමින් ප්‍රකාශ නිකුත්කිරීමට, පසුගිය මහමැතිවරණයේදී අන්ත පරාජය ලත් දේශපාලඥයින්ද මාධ්‍ය තුලින් පුළුල් ප්‍රචාරයක් ලබාගන්නා ආකාරය අපට දැකගත හැකිය.

දේශද්‍රෝහීන්ගේ සහ කඩාකප්පල්කාරීන්ගේ ක්‍රියාවන් හේතුවෙන් අපට ජාතියක් වසයෙන් සියවස් ගණනාවක් විදේශ බලවේග යටතේ සිටින්නට සිදුවිය. පාලන තන්ත්‍රයන් අස්ථාවර කරලීමට, සතුරන්ට රටතුලින්ම ලත් සහයන් අප ජීවිත කාලය තුලදීද දැක ඇත.

පොදු ජනතාව මේ අසීරු කාලයේදී මුහුණපා ඇති දුෂ්කාරතාවන් සහ ජීවිත හානි ගැන නොසලකා, සතුරන්ගෙන් පෝෂණය වන දේශීය නියෝජීතයින්, ඔවුන් අතර බෙදාදී ඇතැයි සඳහන් ඉහත කී මුදල්, අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට භාවිතා කලහැකි බැවින්, ඉදිරි මාස කිහිපය ඉතා තීරණාත්මක වනු ඇත.

2 Responses to “විරෝධතා සහ විදේශ අරමුදල්”

  1. aloy Says:

    How much is Rs. 850 millions?. Less than $4 million in todays value. This is like a coconut husk (pol lellak) thrown to the ocean, as per Sinhala saying. For those making deals from various capitals of the world these are very small numbers. Look at mahamolakaru making deals in Qatar with Taliban et al. And what do you think 9/11 was?. Its a retaliation for WW2 by a western power exploiting religious differences. From where did the Saudi terrorist embark on their mission?. It was non other than Berlin. What is happening in Rome today is also a deal. But to my mind 4/21 was a wake up call for Sinhalaya; a blessing in disguise. But some of our ven. monks seem to have not read the event properly. Cardinal is crying in vain. He couldn’t even get a visa to London. Why?. Because he was a Sinhalaya?.

    Stand up for what is right; not for some crumbs from a high table.

  2. aloy Says:

    Sorry I have mentioned about ‘yellow birds” without giving a context. Well, it is about those that peck on the banana tree, by praising the Parakrama Samudra jogging track (as the saying goes) rather than the ones that sit upon it harmlessly.

    Anyway here’s ‘yellow bird’ by The Brothers Four to enjoy in this Covid-19 lockdown (with lyrics and all):

    “https://www.youtube.com/watch?v=zuyb7zhcxIg”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress