ආචාර්ය ,මහාචාර්ය පට්ටම් නොතිබූ,ආසියාවේ යකඩ ගැහැණිය
Posted on November 1st, 2021

උපුටාගැනීමකි

ඇය ගැහැණියක් වී මේ රටට කල සේවය අප රට පාලනය කල කිසිදු පාලකයෙක් සිදු කලේ නැත.

2000 අවුරුද්දේ සිරිමාවෝගේ නිසල දේහය නුවර පාරේ පෙරහැරකින් සමාධිය වෙත අරගෙන යද්දී ඒ දිහා බලාගෙන හිටිය මම මේ යන්නේ කවුද කින්ද මන්ද කියලා මුකුත් දැනගෙන හිටියේ නෑ.ඒත් ඒ ගියේ ලංකාව ඇත්තටම ආස්චර්‍යයක් කරන්න මාස්ටර් ප්ලෑන් එකක් තිබ්බ මහ යකඩ ගෑණියෙක්ගේ දේහය කියලා අද තමා තේරෙන්නේ.ඒලෙවල් පන්තියේ ඉද්දී එක සර් කෙනෙක් කිව්වා ගෑණුන්ට රටවල් පාලනය කරන්න බෑ කියලා.අපේ රටත් දෙන්නෙක් පාලනය කලා රට කෑවා කිව්වා.අපිත් අහගෙන හිටියා.අපේ වැඩිහිටියෝ ගොඩක් මෙහෙම කියනවා.”ඒ කාලේ මේ ගෑනි හින්දා අපිට කන්න නෑ.අඳින්න නෑ.පුදුම දුකක් වින්දේ ජීවත් වෙන්න”.මේ ඔක්කොම ඇත්ත වෙන්න ඇති.ඒත් තව අවුරුදු දහයක් අපේ ජාතිය ඉවසුවා නම්.

ඇය අපේ රට පාලනය කල මහ උත්තරීතර පාලිකාවක්.ඇමරිකන් ඩොලර් එකක් මිලදී ගන්න අපි රුපියල් හතරයි වැය කලේ.ඇයගේ කාලය තුල ලංකාව කිසිඳු රටකට ණය නැති රටක්.ඇය දේශීය නිශ්පාදන නව නිපැයුම් කෙරෙහි විශ්වාසය තැබුවා.අපේ රටේ දේවල් පිට රට ඇරියා.රටක් ගොඩ එන්න නම් දුක් විඳින්න ඕනෙම තමා.ඒ දුක මිනිස්සුන්ට දැනුණා.ආසියාවේ තිබ්බ විශාලතම වානේ කර්මාන්ත ශාලාව වෙච්ච ඔරුවල වානේ සංස්ථාව අපිට තිබුණා.කන්තලේ,සෙවණගල සීනී කර්මාන්ත ශාලා තිබුණා.කන්කසන්තුරේ,පුත්තලම,ගාල්ල සිමෙන්ති කර්මාන්තශාලා තුනක් තිබ්බා.කැලණි ටයර් ඉන්දියාවට අපනයනය කලා.තුල්ටෙක්ස්,වේටෙක්ස්,කූටෙක්ස් සමාගම් තිබ්බා.විදේශීයන්ට අයත් වෙලා තිබ්බ අපේ රටේ වතු ඇය විසින් රටට යලි ලබා ගත්තා.රිදී අපනයනය කලා.වාලච්චේන කඩදාසි කම්හල තිබුණා.ඇය යකඩ ගැහැණියක්.මහා දැක්මක් තිබ්බ රාජ්‍ය පාලිකාවක්.

ජේ ආර්ගේ සුරපුරයට වහ වැටිලා මිනිස්සු 77දී මැතිණියව ගෙදර යැව්වා.ජේ ආර් කරපු හානිය දැන් තමා අපිට තේරෙන්නේ.ඉඳිකට්ටක්වත් අපිට හදාගන්න බෑ.දේශීය සමාගම් පිටරටවල් වලට විකුණලා.ඇය දේශීය නිශ්පාදන කෙරෙහි විශ්වාසය තැබුවා වගේම දේශීය ව්‍යාපාරිකයන් කෙරෙහි සියලු සම්පත් ලබා දුන්නා.උපාලි  විජේවර්ධන වැනි දේශීය ව්‍යාපාරිකයන් ගොඩ නැගුවා.යුනික්,කැන්ඩොස්,මැස්ඩා ෆියට්,ඩෙල්ටා වැනි සන්නාම ලෝකයට ගෙනගිය පිලිප් උපාලි විජේවර්ධන වැනි මහා දැවැන්ත මිනිසුන් ගොඩ නගන්න ඇයගේ රජය කටයුතු කලා.සිරිමාවෝ දිගටම හිටියා නම් බිල්ගේට්ස් වගේ මිනිහෙක් ලංකාව ඇතුලේ හදලයි නවතින්නේ.කපු වගා කලා.මහා වගා සංග්‍රාමයන් කලා.තෝර පරිප්පු ,මුං ඇට වැව්වා.දේශීය ආහාර  රටාවක් ගොඩ නැගුවා.මහවැලිය ආරම්භ කලා.ඒවා ණය අරගෙන කරන්න ඇයට අවශ්‍ය වුණේ නෑ.ඒ හින්දා ඇය දශක ගණනකට එය ව්‍යාප්ත කලා.දේශීය මුදල් වලින් ලෝකයට ණය නොවී රට ගොඩනගන සැලැස්ම ඇය සතු වුණා.එහෙත් ජේ ආර් ආවා.මැතිණියව අන්ත අසරණ කරලා දැම්මා.ලෝකයේ බලවත් රටක් අපේ මිනිස්සුන්ගේ ඔලුවල මැව්වා.ආර්ථිකය විවෘත කලා.කිසිම දෙයක් අපි හදන්න ගත්තේ නෑ.තිබ්බ දේශීය සමාගම් විකුණලා දාලා චීනයෙන් ඉන්දියාවෙන් ගෙන්නන්න ගත්තා.අද අපි කොතනද????

මාග්‍රට් තැචර් පරාදයි සිරිමාවෝ ඉස්සරහා.සිරිමාවෝට තිබ්බ දර්ශණය කිසිම පාලකයෙකුට තිබ්බේ නෑ.ඔක්කොම ආවේ ණය අරගෙන රට ගොඩ දාන්න.දැන් අපේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්නෙත් ණය අරගෙන.ණය පියවන්න තව ණය ගන්නවා.මාර ආර්ථික ඔස්තාර්ලා අපේ රටේ ඉන්නේ.ඇයට නම් උපාධි මහ සහතික තිබ්බේ නෑ.ඒත් රට පාලනය කරන්න අවශ්‍ය සරල බුද්ධියක් තිබ්බා.සිරිමාවෝ ගෑණියෙක් තමා.හැබැයි සිරිමාවෝට තිබ්බ ගට් එක එක පිරිමියෙක්ට තිබ්බේ නෑ.ඇය ගියේ ඇගේ සැමියා ඇයට පෙන්නපු පාරේ.ඇය ගියේ උත්සහවන්ත ගමනක්.තවමත් ඇයට බනින මිනිස්සු ඉන්නවා.
එහෙත් ඇය තමයි මේ රට සුරපුරයක් කරන්න හරිම ප්ලෑන ගහපු පාලිකාව.ඔය මොන දැක්මවල් පොත් වල තිබ්බත් ක්‍රියාත්මක වෙච්ච නිවැරදිම දැක්ම ඇයගේ.ඇයට පණ දෙන්න අපේ ජාතියට පුලුවන් නම් රට ගොඩ දාන විදිය දවසින් ඇය උගන්නයි.

දේශීය කර්මාන්ත ගොඩ නොනගා දේශීය ආර්ථිකය ගොඩ ගැනීමට හැකි නම් ඌ වයිමාටත් වඩා වැඩ්ඩෙක් විය යුතුමය…..

මැතිණියනී…..
ඔබේ අගය වටහා ගැනීමට නොහැකි වීම අප ජාතියේ කරුමය මිස අන් කවරක්වත් නොවේ..
උපුටාගැනීමකි

2 Responses to “ආචාර්ය ,මහාචාර්ය පට්ටම් නොතිබූ,ආසියාවේ යකඩ ගැහැණිය”

  1. Geeth Says:

    මගේ අදහසේ හැටියට නිදහසින් පසු බිහිවූ රටට ආදරය කල එකම රාජ්‍ය නායිකාව තමයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. ඇය කිසි හොරකමක් වංචාවක් නැති දේශපාලිකාවක්. මම හුඟක් කියවන කෙනෙක්. මට ලෝකේ ඉතිහාසයේ කොහෙවත් හම්බ වෙලා නැහැ ඉඩම්හිමි රදලයෙක් දේශපාලන බලය අත්පත් කරගෙන තමන්ගේ ඉඩම් ජනසතු කරලා රට හදන්න තීරණය කරපු අවස්ථාවක්. ඉඩම් හිමියෝ දේශපාලන බලය අත්පත් කරගන්නේ තමන්ගේ බලය රැකගන්න. නමුත් සිරිමාවෝ කලේ ඒකේ අනිත්පැත්ත. ඒක සිද්ධ උනේ ලංකාවේ වතරයි. ඒක උනේ සිරිමාවෝ මැතිනිය අතින්. ශ්‍රී ලංකා ඉතිහාසය ඇයට නිසි ගරුත්වය දීල නැහැ. හරිනම් නිදහස් චතුරශ්‍රයේ තියෙන්න ඕන සුද්දට යටත් උණු DS ගේ පිළිරුව නෙවෙයි. සිරිමවෝගේ පිළිරුව. මුකුත් කරගන්න බැරි උණු ගෝටාභය ජනාධිපති තුමාට එයාගේ බලය ගිලිහෙන්න ඉස්සෙල්ල සිරිමාවෝට අයිතිහාසික සාධාරණය ඉටු කරන්න කියල මම ඉල්ලා සිටිනවා.

    සිරිමවෝගේ ජාතික මෙහෙය ගුණමකු ලාංකිකයින්ට තේරුම් ගන්න බැරි උනා. ඒ නිසා සිරිමාවෝ පරාජය කරලා ආතක් පාතක් නැති කාලකන්නියෙකු වන JRව එයාගේ ඇට කන්න බලාගෙන බලයට ගෙනාව. සිරිමාවෝ මුළු ජාතියේම මාතාව හැටියට ඉතිහාස ගතවිය යුතු උනත්, අදටත් ඇයට ගරහන අකෘතඥ ගුණමකු කුහකයින් අප අතර ඉඳීම රටේ අවාසනාවක්.

    ලෝක ඉතිහාසයට සාපේක්ෂව සිරිමවෝගේ ඉඩම් රජයට භාරදීමේ විශේෂත්වය පිළිබඳව මම මගේ දකුණේ මිතුරෙකුට කිව්වම, එයා කියනවා සිරිමාවෝ ඒක කලේ කුලවාදී අරමුණකින් සොයිසලට ගහන්න මිසක් රටට ආදරයක් නිසා නෙවෙයිලු. මගේ මිතුර JR ල ගොතපු කතාවක් කරේ තියාගෙන තමයි මට ඒක කියන්නේ. සිරිමාවෝ රදල පවුලක ඉපදීම කරුමයක්ද, සාපයක්ද, රට පාලනය කිරීමට නුසුදුසු කමක්ද? කුලවාදී කන්නාඩි දාගෙන ලෝකේ දිහා බලනකොට හැම දෙයක්ම ඇදේට තමයි පෙන්නේ. සිරිමාවෝ ඔයාකාර කුලවාදී නම් බණ්ඩාරනායකව බඳීයිද? මුගේ මොලේ කචල් කියල ඒකෙන්ම තේරෙනවනේ. අද වෙනකොට කුලවාදය කරේ තියාගෙන යන්නේ ඔය වගේ අය තමයි.

    හැබැයි මගේ මිතුර සොයිසල ගැන කියපු නිසා මම එකක් කියන්නම්. සුද්ද ගෙනාපු උඩරට මුඩුබිම් පනතින් උඩරට ජනයා මහා පාරට ඇදලදාල සුද්ද අත්පත් කරගත්තු ඉඩම් කුනුකොල්ලෙට ගත්තු අය තමයි DS ල, බණ්ඩාරනායකල, සොයිසල කියන්නේ. මෙයාල සුද්ද නිසා වලව්කාර හාමුල වෙච්ච අය. ඉඩම් අයිතිය පිලිබඳ මේ අයිතිහාසික අසාධාරණය නිවැරදි කල යුතුයි කියල සිරිමාවෝ හිතුවද කියල මම දන්නේ නැහැ. හැබැයි මම එකක් කියන්නම්, මම සිර්මාවෝ උනානම් අයිතිහාසික අසාධාරණය නිවැරදි කරන්න මම ඔයිට වඩා දේවල් කරනවා. ඇත්තටම කොළඹ දේශද්‍රෝහී හැතිකරේට සිරිමාවෝ ගැහුවා මදි. බලු හැත්ත.

  2. Geeth Says:

    “ආචාර්ය ,මහාචාර්ය පට්ටම් නොතිබූ,ආසියාවේ යකඩ ගැහැණිය” කියන මාතෘකාවට අදාල දෙයක් නිසා මම මේකත් කියන්නම්. මම කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් නෙවෙයි. මගේ එකම දේශපාලන පක්ෂය තමයි මම ඉපදුනු රට, ලංකාව. මගේ පක්ෂය තමයි ලංකාව. ඒනිසා මම කියන දේවල් සාධාරණ විනිශ්චයකට ලක් කරන්න කියල මම ඉල්ලා සිටිනවා.

    “ආචාර්ය ,මහාචාර්ය පට්ටම් නොතිබූ,ආසියාවේ යකඩ ගැහැණිය” කියන කතාව ඔප්පු වෙන දෙයක් මම කියන්නම්. කිසියම් අවස්ථාවකදී JRP සුරියප්පෙරුම මහතා මට හමුවූ අවස්තාවක එයාගේ අතින් කියවුනා…. මහවැලියට මුල්ගල තියල නැවත එනකොට සිරිමාවෝ කිව්වලු, … “සූරී, අනේ මන්ද, ගඟක් හරස් කරලා මේ කරන වැඩේ හරි දෙයක් කියල මම නම් හිතන්නේ නැහැ” කියල. එතකොට සුරියප්පෙරුම මහතා කිව්වලු මඩම්, ඔයා ඔය කිව්වේ PHD thesis එකකට තරම් වටින කාරනාවක් කියල. මේකෙන්ම තේරෙනවනේ ආචාර්ය ,මහාචාර්ය පට්ටම් නොතිබුනත් සිරිමාවෝ කියන්නේ ඉවෙන් හරි දෙය තේරුම් ගත්තු කාන්තාවක් කියල.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress