නැනෝ නයිට‍්‍රජන් ඇන්දිල්ලක්.. ඉන්දීය සමාගම හදන්නේ නැනෝ යූරියා පමණයි.. ඩොලර් මිලියන 39ක් ස්ථිරවම ගැහුවා..
Posted on November 10th, 2021

 lanka C news

ජනතාවගේ දුක් ගින්නේ  බඩගින්නේ පැමිණිල්ල හා මේ පත් කරලා තියෙන අවමානයේ, අපහාසයට ඇතිවෙලා තියෙන කෝපයේ පැමිණිල්ල දැන් රට පුරා විභාග වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

තමන් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදු කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා;

ඊයේ එනම් නොවැම්බර් නම වෙනිදා පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා යම්කිසි ප් රශ්නයකට පිළිතුරු දෙන අතරේ මා විසින් මීට සතියකට පමණ කලින් කරන ලද යම්කිසි ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දැක්වූවා. ඒ තමයි ඉන්දියාවේ අයි එෆ් එස් නමැති ආයතනයෙන් ගෙන්වන ලද මේ නැනෝ යූරියා පිළිබඳව ඔහුගේ නම සඳහන් කරලා ඔහුට අපහාසයක් කරලා තියෙනවයි කියලා ඔහු ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවයි කියලා අතරේ තවත් ඔහුගේ සුපුරුදු වාචාල මුවින් අපහාස, උපහාස ටිකක් එහෙම කරලා ප්‍රකාශයක් කරා. මම ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. සභා ගැබේ. මං සභා ගැබට ආහම මට මේ වාර්තා වුණා. මම ඔහුගේ ප්‍රකාශය දැක්කා. ඒ අනුව මං එතුමාට ප්‍රකාශ කරා මම දවල් එක හමාරට පාර්ලිමේන්තුව නැවත ආරම්භ කළහම, මේ ගැන ප්‍රකාශයක් කරනවා කියලා. කරුණාකරලා සභා ගැබට එන්න කියලා. ඔහු මට කිව්වා, මම සභාගැබට එන්නෑ. මොකද මට දැන් රහස් පොලිසියට යන්න තියෙනවා කියලා. මම කිව්වා, බොහොම හොඳයි එහෙනම්, මම හැබැයි ප්‍රකාශය කරනවා කියලා. මම ප්‍රකාශය කළා කතාව.”

මහින්දානන්ද ඇමැතිවරයාගේ ප්‍රධාන තර්කය වන්නේ මෙරටට ගෙනෙන ලද්දේ ISCFCO ආයතනයෙන් නැනෝ යූරියා නොව නැනෝ නයිට්‍රජන් බවත්, චම්පික රණවක විසින් රට නොමග යවා ඇති බවත් ය. එමෙන්ම ඔහු සඳහන් කරන්නේ මෙහි දූෂණයක් සිදුවූ බවටත්, එය කළේ තමන් බවටත් සිදුකළ චෝදනාවට තමන් නිවැරදිකරු බවය. ඉන් ඔහුට සිදුවූ අපහාසයට නඩු පවරන බවටත් තර්ක කරයි.

මේ රසායනික පොහොර මේ රටට ගෙන ඒම තහනම් කළේ මේ ආණ්ඩුව මේ අවුරුද්දේ මැයි මාසේ 06 වෙනිදා. එතකොට පළමුවෙන්ම අපි බලන්න ඕනේ මේ අයි එෆ් එම් ආයතනය විසින් නිර්මාණය කරන ලද මෙම දියරය රසායනික ද, ඒ කියන්නේ ස්වභාවිකව හදපු එකක්ද, එහෙමත් නැත්නම් මේක නිෂ්පාදනය කරපු එකක්ද? ස්වභාවික පොහොරද? කාබනික පොහොරද කියලා මනින මිනුම් දඩු කිහිපයෙන් ප්‍රධාන එකක් තමයි ස්වභාවික ද එහෙම නැත්නම් ද එහෙම නැත්නම් නිෂ්පාදනය කරපු එකක්ද? මේක පැහැදිලිවම ඉහළ ගණයේ තාක්ෂණයක් භාවිතා කරලා නිෂ්පාදනය කරපු දෙයක්. මේක පැහැදිලිවම නැනෝ ආකාරයට සකස් කරන ලද යම් කෙඳි විශේෂයක් සමග යූරියා තැවරීමෙන් ඇති කරන ලද  පොහොර දියර විශේෂයක් කියන එක පැහැදිලියි. ඒ අනුව පළවෙනිම දේ තමයි මෙය රසායනික පොහොරක්. මෙය කාබනිකයි කියලා කීම හොයා මේ රටට පොහොර මත පමණයි කෘෂිකර්මය කරන්නේ කියන එකට කරපු විශාලතම වංචාව කෘෂිකර්ම අමාත්‍යාංශය කරලා තියෙනවා”

කවුද මේක නැනෝ යූරියාද? නැනෝ එහෙම නැත්නම් නයිට්‍රජන් ද කියලා කිව්වේ. අපි නෙවෙයි. මේ අයි. එෆ්. එෆ්. සී. ඕ. වෙබ් අඩවියට යන ඕනෑම කෙනෙකුට ඉතාම පැහැදිලිව පේන දේ තමයි කිසිම තැනක ඒ වෙබ් අඩවිය නෑ. නැනෝ නයිට්‍රජන් කියලා දෙයක්. මං නැවතත් පෙන්නනවා. මම අදත් ගියා. මේ මොහොතෙත් යනවා. මෙන්න වෙබ් අඩවිය. මේ වෙබ් අඩවියේ කිසි තැනක, නැනෝ නයිට්‍රජන් කියලා දෙයක් නෑ. තියෙන්නේ, නැනෝ, යූරියා. කිසි තැනක නෑ, නැනෝ නයිට්‍රජන් කියලා. නැනෝ යූරියා. අද මේ වෙනකන් කෘෂිකර්ම අමාත්‍යාංශය මං මේ ප්‍රකාශය කරලා දැන් දින ගණනාවක් වෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිසිම රසායනාගාර පරීක්ෂණයක් කරලා නෑ. මෙහි රසායනික සංයුතිය ගැන. ඒ නිසා තාමත් අපිට පිළිගන්න වෙන්නේ මේ වෙබ් අඩවියේ සඳහන් විස්තරය පමණයි. ඒ විතරක් නෙවෙයි. මේ අයිඑස්එෆ්, සී. ඕ. ආයතනය මේ සිද්ධිය ඇති වුණාට පස්සේ මාධ්‍ය නිවේදනයක් දැම්මා. ඒ මාධ්‍ය නිවේදනයේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා මේ බව. ඉතින් කවුරුත් දන්නවා, මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා නොදන්නවාට රසායන විද්‍යාව ඉගෙන ගත්ත හැමදෙනාම දන්නවා යූරියා කියන්නේ නයිට්‍රජන් සංයෝගයක්. ඒ අනුව ඒ නයිට්‍රජන් සංයෝගයේ ප්‍රමාණය ගත්තොත් ඒකේ 46% ක්ම තියෙන්නේ නයිට්‍රජන් කියලා. ඒ නිසා මේ නැනෝ යූරියා ද නැනෝ නයිට්‍රජන් ද කියන එකේදී ඇත්තටම නයිට්‍රජන් සංයෝගයක් තමයි යූරියා. රසායනික සංයුතිය මැන්නාම නයිට්‍රජන් හම්බවෙන්න ඉඩකඩ තියෙනවා. හැබැයි මේ වෙන තෙක් ඒක කරලා නෑ. ඒ අනුව මේ පුවත්පත් නිවේදනයක් මාධ්‍ය නිවේදනයක් අයි එෆ් එම් වල ඒ වගේම ඔවුන්ගෙ ප්‍රසිද්ධ වෙබ් අඩවියත් කියන මේ දෙකම දක්වලා තියෙන කරුණු වලට අනුව මෙහි අඩංගු නයිට්‍රජන් ප්‍රතිශතය 4% යි. යූරියාවල 46% යි. එතකොට මේ ගැන මේ යූරියා වලින් නිර්මාණය කරපු පොහොරක්.”

තුන්වෙනි කරුණ ලෙස හිටපු අමාත්‍යවරයා දක්වන්නේ, ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කිරීමය. වංචාව ඇත්තේ එතැනය.

මේ ගැන පාර්ලිමේන්තුවේ ඒ වගේම මං හිතනවා  මේ පිළිබඳව ආචාර්ය පී. බී. ජයසුන්දර ජනාධිපති ලේකමුත් පැමිණිලි කරලා තියෙනවා මේ ගනුදෙනුව සිදු වූ ආකාරය ගැන. මෙහි කැබිනට් පත්‍රිකාව ඔක්තෝම්බර් මාසේ දහඅට වෙනිදා මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතිවරයා දාන්නේ එතකොට ම මේ කැබිනට් පත්‍රිකාවට අනුව මේ පොහොර ගෙන්වන්න නියමිත සමාගම විසින් ඒකටයි ඔහුට කැබිනට් අවසරය තියෙන්නේ. ඔය තවත් එකක් පිහිටුවාගෙන ඒ එකෙන් මිල ගණන් කැඳවනවාය කියලා තියෙනවා අයි එෆ් එම් සී ඕ ආයතනය එතකොට මිල නම් කැඳවන එක තමයි අවසානයේ ලංකාවට මේක ගෙනල්ලා තියෙන්නේ. කවදද ගෙනාවේ? දහනම වෙනිදා ගෙනාවේ. දහඅට වෙනිදා කැබිනට් පත්‍රිකාව දානවා. දහනම වෙනිදා එහි අනුමත වෙච්ච ඒ කැබිනට් තීන්දුව ලේකම්වරයාට යනවා. එතකොට ලංකාවට බඩු ඇවිල්ලාත් ඉවරයි.”

ඉතින් කාටත් පැහැදිලියි. ලීටර් දසලක්ෂ 2.2 ක් පැය කීපයක් ඇතුළත නිෂ්පාදනය කරන්න බෑ. පැය කීපයක් ඇතුළත ගුවන් මගින් ගේන්න බෑ. මේක කලින් ඉඳන් දාපු එකක් ඒ අනුව පී. බී. ජයසුන්දර මහත්මයාගේ පැමිණිල්ලට අනුව පැහැදිලිව කැබිනට් තීන්දුව උල්ලංඝනය කිරීම ගැන සංවිධානාත්මක වංචා ක්‍රියාවලියක මොහු ප්‍රධාන පුද්ගලයෙක් කියන එක ඉතාමත්ම පැහැදිලියි අපිට. ඊළඟ කාරණය. මිල ගණන්. මේ අයි. එෆ්. එෆ්. සී. ඕ. වෙබ් අඩවියට අනුව මේ ලීටරයක වටිනාකම ඉන්දියානු රුපියල් 480 යි. එතකොට ආසන්නයෙන් ඩොලර් 6 යි. හැබැයි ලංකාවට ගේන මේ තොගයේ වටිනාකම ගත්තහම ආසන්නයෙන් එක ලීටරයක් ඩොලර් 25 කට ආසන්න වෙනවා. ඩොලර් මිලියන 52 ක මේකෙන් ඩොලර් මිලියන 39 ක්ම සම්පූර්ණයෙන්ම වංචනිකයි කියන එක මම නැවත කියනවා. ඒක බොහොම පැහැදිලිව නැවත කියනවා. ඒ නිසා මේ වංචාවට මොවුන් වගකිව යුතුයි. මොහු ඇමැතිවරයා හැටියට, කඩිනම් කැබිනට් පත්‍රිකාවක් දාලා, ඊට පහුවෙනිදා කඩිනමින් මේක ගෙනල්ලා, සියලු ප්‍රසම්පාදන ක්‍රියාවලීන් උල්ලංඝනය කරලා. කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය දීපු සමාගමෙන් නෙවෙයි, වෙන සමාගමකින් අරගෙන, ඒ වගේම දැන් පාර්ලිමේන්තුවේදීත් හෙළිදරව් වෙච්ච ආකාරයට, මේ ගනුදෙනුව සඳහා මහජන බැංකුවත් එක්ක කටයුතු කරපු ආකාරය, පළමු තොගය සඳහා, තව ගේන්න තියෙනවා ඉදිරියට. ඒ කාරණය, ඉතාම පැහැදිලියි. හදිසියේ කරපු බලගතු වංචාවක් බව.”

ඊළඟ කාරණය වන්නේ මෙය කිසිම ආකාරයකට ලංකාවේ පර්‍යේෂණාගාරයක හෝ ගොවිබිමක අත්හදා බලා නොමැති වීමය. ඉන්දියාව පවා මෙය අවසාන වශයෙන් අත්හදා බලා තිබෙන්නේ මේ වසරේ මැයි මස 31 වෙනිදා ය. මෙවැනි දෙයක් මේ රටේ මහපොළොවට එකතු කිරීමට පෙර ප්‍රතිචාරය කෙසේද යන්න බැලීම සඳහා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සිදු කළ යුතුය.

මේක පත්‍රවලින් උකහා ගන්නා පොහොරක් කියලා හඳුන්වා දීලා තියෙනවා. එතකොට පත්‍රවලින් උකහා ගන්න කොට වල් පැළෑටි වලටත් මේක ඇතුල් වුනොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා ආදී වශයෙන් කිසිම පර්යේෂණයකින් තොරව ගෙනල්ලා තියෙන්නේ.”

ඊළඟට මොහු යනවා රහස් පොලිසියට. මේ මාධ්‍ය සංදර්ශනයක් මෙතන අපරාධයක් සිද්ධ වෙලා නෑ. අපරාධ සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ ගොවි ජනතාවට. මේ රටේ ගොවි ජනතාවයි මහින්දානන්දට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න ඕන. පොහොර නැති කරලා ඒ අයගේ ජීවිත විනාශ කරලා මුළු රටම සාගින්නට ගොදුරු කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න ඕන මේ රටේ ගොවි ජනතාව.

එලෙසම ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව  පටහැනිව කටයුතු කිරීම පිළිබඳව රටේ ජනතාව මහින්දානන්ද ඇමැතිවරයාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යා යුතුය.

මම මහින්දානන්දට කියනවා මගේ ප්‍රකාශය මාධ්‍යවල වල ගියා මට අපහාසයට නඩු දාන්න කියලා. උසාවියේදී අපි හමුවෙමු ඇමතිතුමා අපි එතකොට බලාගමු. කවුද මේ වංචාව කළේ කියන එක පිළිබඳ සියලු දත්ත ලේඛන අපි ඉදිරිපත් කරනවා. මේ වන තෙක්ම මේක නැනෝ යූරියා මිසක් වෙන දෙයක් නෙවෙයි. යූරියා වල නයිට්‍රජන් තිබෙන බව සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග කරපු සියලුම දෙනා දන්නවා. ඔබ නොදන්නවාට මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා මේ දස ලක්ෂ 800 ක පමණ සෑම ගොවි මහතෙකුටම රුපියල් 8000 ක් පමණ වෙන මේ මහා වංචාවට එරෙහිව මේ රටේ සියලු ජනතාව නැගී සිටිය යුතු වෙනවා.

චීන පොහොර නැව පිළිබඳව අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම නැවේ තිබෙනවාය කියන කොම්පෝස්ට් පොහොර කිලෝවක් රුපියල් 92 ක් වන බවය.

මේ රටේ විශාලතම කොම්පෝස්ට් අංගනය මගේ මහනගර අමාත්‍යාංශයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් කරගෙන ගිය කෙරවලපිටිය. ඉතාම විධිමත්ව ඒක කළා. අපි තොග මිල  තොග හැටියට රුපියල් පහත් දහයත් අතර මිලකට දුන්නා. ඒ වගේම අදාළ නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම් එකතු කරලා මේකේ ගුණාත්මකභාවය ඉහළ නංවලා රුපියල් 30 බැගින් දුන්නා කිලෝව. දැන් මේ ගේන්නේ කීයද පිටරටින්? 92 යි. මේ රට තුළ හැම තැනකම බොහෝ ප්‍රාදේශීය සභාවල මේක හදනවා. කොම්පෝස්ට්. ලොකුම අංගනය කළේ අපි. එක කොම්පෝස්ට් කිලෝ එකක්වත් මේ කෘෂිකර්ම අමාත්‍යාංශය හදලා නෑ.”

මෙහිදීද සිදු කරන්නේ වංචාවය. රටට අහිතකර පොහොරක් ගෙන එනවා වගේම ඒ අස්සේ අවම වශයෙන් එකට තුන් ගුණයක මහා වංචාවක් සිදු කරයි.

මේ රටේ ගොවි ජනතාව අමාරුවේ දාලා, රට සාගතයකට යොමු කරලා එතනින් නොනැවතී ඩොලර් හිඟයි කිය කිය නැවත වතාවක් මේ සීමිත ඩොලර් වලිනුත් මේ වැරදි පොහොර වර්ග ගෙනල්ලා ඒ වගේම ඒවායේ ගණන් හිලව් වලින් ඒ විදිහට ගහන එක මොන තරම් සහගහන අපරාධයක්ද?”

මහින්දානන්ද මහත්තයා මං දැක්කා කියලා තියෙනවා ඊයෙත් ප්‍රසිද්ධියේ කිව්වා අපි ඉදිරියේ දේශපාලනයෙන් සමුගන්න යන්නේ කියලා. ඒ සමුගැනීම් වලින් හරියන්නෑ. මේවට ඔබ වගකිව යුතුයි. ඔබ විතරක් නෙමෙයි, ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්තයත් වගකිව යුතුයි. ජනාධිපති, අගමැති ඇතුළු ඇමති මණ්ඩලය වගකිව යුතුයි. ජනතාවගේ දුක් ගින්නේ ප බඩගින්නේ පැමිණිල්ල හා මේ පත් කරලා තියෙන අවමානයේ, අපහාසයට ඇතිවෙලා තියෙන කෝපයේ පැමිණිල්ල දැන් රට පුරා විභාග වෙනවා. ඒ නිසා එතෙන්ට යන්න කියලා කියනවා.”

මෙවැනි දේශපාලන පැමිණිලි භාරගෙන ඒවා පසුපස හඹාගෙන යෑම මිස පාස්කු ප්‍රහාරය පිළිබඳව, මහ බැංකු වංචාව පිළිබඳව හෝ වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබඳව ඉදිරිපත් කොට තිබෙන අපරාධ චෝදනා හෝ නොවිසඳන තැනක් බවට අද රහස් පොලීසිය පත්ව තිබෙන බව ද පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

එහි නිලධාරීන් සියලු දෙනාටමත්, අපි කියනවා බොහොම පැහැදිලිව තමන්ගේ  වපසරියෙන් පිටත යම් යම් දෑ දේශපාලන උවමනාවන් වලට කරලා ඒවා මගින් නීතිය උල්ලංඝනය කරන්න උත්සාහ කරන්න එපා අර දුරකථන පණිවිඩ ගත්තා වගේ. ඒවා සම්බන්ධයෙන් අනාගතයේදී අනිවාර්යෙන්ම අධිකරණ වල වගකියන්න සිද්ධ වෙන බව ඒ ඇත්තන්ටත් අපි මේ අවස්ථාවේ මතක් කරනවා.”

– media unit

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress