බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රධාන උමං මාර්ගයට අග්‍රාමාත්‍යතුමා ජලය මුදාහරියි
Posted on November 18th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ලක්ෂපාන සංකීර්ණයේ අවසන් ජල විදුලි බලාගාරය වන බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රධාන උමං මාර්ගයට ජලය පිරවීමේ සමාරම්භක අවස්ථාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (18) දින  මාර්ගගත ක්‍රමවේදය යටතේ සිදුවිය.

මස්කෙළිය ඔය හරස්කර පොල්පිටියේ ඉදිකර ඇති වේල්ලේ සිට කිතුල්ගල කලුකොහුතැන්නේ පිහිටි බලාගාරය දක්වා කිලෝමීටර් 3.5කින් යුතු මෙම ප්‍රධාන උමං මාර්ගය හරහා ජලය රැගෙන යෑමෙන් ජාතික විදුලිබල පද්ධතියට වාර්ෂිකව මුදාහැරෙන විදුලි නිෂ්පාදනය ගිගා වොට් පැය 126කි.  

මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ඇස්තමේන්තු ගත වියදම අමෙරිකානු ඩොලර් මිලියන 97 කි. චීනයේ කර්මාන්ත හා වාණිජ බැංකුවත් ශ්‍රී ලංකාවේ මහජන බැංකුව සහ හැටන් නැෂනල් බැංකුවත් ඊට මූල්‍ය පහසුකම් සපයා ඇත.

මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ එම්.යූ.එම්. අලි සබ්රි, රාජ්‍ය අමාත්‍යවරුන්වන දුමින්ද දිසානායක, සෙන්දිල් තොණ්ඩමන්,  ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එම්.ආර්.රණතුංග, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත, ව්‍යාපෘති අධ්‍යක්ෂ එච්.එම්. විජේකෝන් මහත්වරු ඇතුළු නිලධාරී පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress