නව ලොවට පියනඟන  ICT දක්ෂයින්  වෙනුවෙන් නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සහ Huawei  අත්වැල් බැඳගනී
Posted on March 10th, 2022

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

‘Connection Glory Future’ තේමාව යටතේ  ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සහ Huawei ශ්‍රී ලංකා සමාගම එක්ව පැවැත් වූ Huawei ICT 2021 -2022 තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල සිසුන් අතරින් ජාතික මට්ටමේ මුල් ජයග්‍රාහකයින් විසිදෙනා ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවය ගරු රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (09) දින පැවැත්විණ.
මෙම වසරේදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ කලාපීය අදියර සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ජයග්‍රාහකයින් කණ්ඩායම් දෙකක් ලෙස තරග වැදෙනු ඇති අතර ගෝලීය වශයෙන් පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා ද සහභාගී වීමට නියමිතයි.
ඉදිරියේදීත් මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි පැවැත්වීමට එකඟතාවය පළ කරමින් Huawei ශ්‍රී ලංකා සමාගම සහ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම අතර අවබෝධතා ගිවිසුමක් ද මෙහි දී හුවමාරු කර ගැනිණ
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය එන්.එම්.එස්.සිරිමුතු මහතා, Huawei ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Liang Yi මහතා, Huawei එන්ටර්ප්‍රයිස් ව්‍යාපාර අංශයේ උප සභාපති ඉන්දික ද සොයිසා මහතා සහ විශ්වවිද්‍යාලවල සිසු සිසුවියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථා සහභාගී විය.
මාධ්‍ය ඒකකය
නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress