දෙස් විදෙස් රැකියා දොරටු විවර කරමින් මෝටර් රථ කාර්මික ශිල්පීන් සහතිකපතින් පූර්ණත්වයට පත් කෙරේ
Posted on March 11th, 2022

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ (AETI) සහතික ප්‍රදානෝත්සවය ගරු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (10) පැවැත්විණ.

මෙහි දී,

·         මෝටර් රථ යාන්ත්‍රික ශිල්පී පාඨමාලාව

·         මෝටර් රථ විදුලි ශිල්පී පාඨමාලාව

·         යන්ත්‍ර ශිල්පී පාඨමාලාව

·         ටිංකර්/ පෑස්සුම් ශිල්පී පාඨමාලාව

·         වාහන පින්තාරුකරු ශිල්පී පාඨමාලාව

·         වාහන වායුසමීකරණ ශිල්පී පාඨමාලාව

යන වෘත්තීය පුහුණු පාඨමාලා සාර්ථකව හැදෑරූ සිසු සිසුවියන් 456 දෙනෙකු සහතිකපත්ලාභීන් බවට පත් විය.

තවද ලබන වසරේ සිට මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ පාඨමාලා සඳහා බඳවා ගන්නා ශිෂ්‍ය ධාරිතාවය දෙගුණයකින් පමණ ඉහළ දැමීමට කටයුතු මේ වනවිටත් සැලසුම් කර ඇත.

“ජපන් ටෙක්” ලෙස හඳුන්වන මෙම ආයතනයේ අද ලෝකයට ගැළපෙන පරිදි නවීන තාක්ෂණය පදනම් කරගෙන පාඨමාලා පැවැත්වෙන අතර දෙස් විදෙස් ආකර්ශණීය වැටුප් සහිතව රැකියාගත වීමේ ප්‍රතිශතය 100% කි.

මෙම අවස්ථාව සඳහා රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහතා, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ සභාපති තරංග නලීන් ගම්ලත් මහතා, උප සභාපති මහින්ද ඒ. රූපසිංහ මහතා, මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ විදුහල්පති අනුර දිසානායක මහතා සහ අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress