සිමෙන්ති පොළොවේ විදුලි ඉංජිනේරු ගැටළු විසඳු මගේ රූමා
Posted on March 16th, 2022

ජයන්ත හේරත්

අත්තනගල්ලේ 

අමරසිංහ 

මගේ පළමු වසරේ

කටුබැද්ද 

නේවාසිකාගාරයේ

මිතුරු රූමාය.

වර්ෂය 1974 ය.

ඔහු එවිට

පස් වන

අවසන් වසර

විදුලි ඉංජිනේරු 

උපාධිය

ඉවර කරමින් සිටියේය.

අමරේ

ගණිත ගැටලු විසඳන්න

පාවිච්චි කලේ

කාමරේ

සිමෙන්ති බිම

Chalk වලින් ය.

ලියලා

මකලා

ලියනවාය.

ගණිත ගැටලු

විසඳුම්

ලියන්න

කඩදාසි ගනන්ය.

උපාධිය

ලැබීමෙන් පසු

CEB electrical engineer

රැකියාවක් ලබා ගැනීමට

තවත්

වසර පහක් ගත විය.

අතරතුර කාලය

ගමේ

කෙසෙල් වැවීම

ඔහුගේ රැකියාව විය.

ඔහුගේ

විදුලි ඉංජිනේරු ගැටළු විසඳීම

මාව

විදුලි ඉංජිනේරුවෙක් වෙන්න

උත්තේජනය කළා.

මම හිටියේ

යාන්ත්‍රික

වෙන්නය.

මල්ලී

electrical එන්ජිනියරින්ග්

කලාට ජොබ්ස් නැහැ

ඔහු මට

නිතර අවවාද කළේය.

අපි

කැම්පස් ගියේ

කෙසෙල් වත්තේ

වැඩ කරලාය.

අමරේ

5 year

උපාධිය අරගෙන

කෙසෙල් වත්තක

වැඩ කළා

5 years.

සාධාරණ

නොවන

ජීවිත යයි මට සිතේ.

රූමා

කටුබැද්ද බිහි කල

පළමුවන

අත්තනගල්ලේ

විදුලි ඉන්ජිනේරු උපාධිධාරියාය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress