තෙල් හිගය මැද අධිබල යතුරුපැදි, ප‍්‍රාඩෝ සවාරියක්.. තෙල් බවුසර පසුපසින්.. ජනතාව කුපිත වෙති… නාමල් දන්නෑලු…
Posted on March 17th, 2022

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

අධිබල යතුරුපැදි තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් ගමන් කරමින් තිබු යතුරු පැදි සවාරියකට පුත්තලම ප්‍රදේශයේ දී ජනතාව විරෝධයක් පෑහ.

ඔවුන් කියා සිටියේ දැඩි ඉන්ධන හිඟයක් රටේ පවතිද්දී මෙවන් සවාරි සිදු කරන්නේ කෙසේද යනුවෙනි.

කොළඹ සිට කල්පිටියට ගමන් කරමින් තිබූ මෙම යතුරුපැදි සවාරිය සමග අධි සුඛෝපභෝගී ජීප් රථ විශාල සංඛ්‍යාවක් එක්ව සිටියේය.

සවාරියට ඉදිරියෙන් පොලිස් පෙරගමන් යතුරුපැදි ගමන් කළ අතර එම පෙළපාලියේ අවසානයේ ඉන්ධන බවුසර ගමන් කල බවද කියති.

ප‍්‍රබල දේශපාලඥයකු මේ සඳහා මැදිහත් වී ඇතැයි ද වාර්තා පළ වේ. කෙසේ වෙතත් ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ අමාත්‍යවරයා මෙම වැඩසටහන සඳහා කිසිදු සම්බන්ධයක් නැති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress