විනිමය දුෂ්කරතා මඟහරවා ගැනීමට  වැඩි වැඩියෙන් රට පැටවිය යුතුව ඇත්තේ  අපේ පුහුණු ශ්‍රමිකයන් ය.
Posted on March 18th, 2022

ජයන්ත හේරත්

MicroSoft  CEO

සත්‍ය නදෙල්ල

ඉන්දියාවෙන් රට පැටවූ

ඇමෙරිකන්

ඉන්දියන්ය.

Google CEO

සුන්දර පිචෛ ද

ඉන්දියාවෙන් රට පැටවූ

ඇමෙරිකන්

ඉන්දියන්ය.

අපි දිවා රෑ වඳින බුදු හාමුදුරුවොත් ඉන්දියන්ය.

රටේ විදේශ විනිමය

දුෂ්කරතා මඟහරවා ගැනීමට

ඩොලර් බිලියන්

අවශ්‍ය නම්

වැඩි වැඩියෙන්

රට පැටවිය යුතුව ඇත්තේ 

අපේ පුහුණු ශ්‍රමිකයන් ය.

Brain gain ය

Brain drain නොවේය.

උසස් පෙළ

සමත් වන

සියලු දෙනාට

විශ්වවිද්යාල උපාධි

මට්ටමේ

පහසු කම් දීමෙන් රටට

අත්වන

විප්ලවීය ප්රතිලාභ

කියා නිම කල නොහැකිය

මධ්ය මහා විද්යාල වල

උසස් පෙළ

පන්ති වලින් 

අවුරුදු පතා

නිපදවන

ලක්ෂ 3 න්

විශ්වවිද්යාලයට ඇතුළුවන්නේ

14% කි

43,000 කි.

ඉතිරි 86% waste ය.

ඉබා ගාතේය.

ඔවුන්ට

බුදුන්ගේ සරණය

දෙවියන්ගේ පිහිටය.

කාර්මික විද්යාල වලින්

විශ්ව විද්යාල මට්ටමට

උසස් උනේ

කටුබැද්ද පමණය.

ඒ 73 දීය.

මධ්ය මහා විද්යාල

එකක් වත්

විශ්ව විද්යාල තත්වයට

උසස් උනේ නැත.

රට පුරා තිබෙන

මධ්ය මහා විද්යාල,

උසස් පෙළ පාසල්

සහ

කාර්මික විද්යාල

උපාධි ප්රදාන කරන ආයතන

තත්වයට උසස් කර

උසස් පෙළ සමත් වන

සිසුන් සැමට

අධ්යාපන කටයුතු

දිගට කර ගෙන යාමට

පහසුකම්

වහා සැපයිය යුතුය.

මෙය කල

නොහැක්කක් නොවේ.

මීළඟ

මැතිවරණ ජයග්රහණය

ඇත්තේ එතැනය.

අධ්යාපන විප්ලවයේ ඊළඟ

අධියර

මහා පරිමාණ නිෂ්පාදනය

ක්ෂණිකව

ක්රියාත්මක කල  යුතුය.

මහා පරිමාණ

නිෂ්පාදනය

බටහිර සහ නැගෙනහිර රටවල් වලට

මූලිකය.

සංවර්ධිත රටවල් මෝටර් රථ,

පරිගණක සහ

පාරිභෝගික ඉලෙක්ට්‍රොනික

නිෂ්පාදන වැනි භාණ්ඩ

විශාල පරිමාණයෙන්

නිෂ්පාදනය කරයි. 

ජපානය

දකුණු කොරියාව

ගුණාත්මක මෝටර් රථ

නිෂ්පාදනය කරයි

විකුණයි. 

චීනය

සෙල්ලම් බඩු

අහස යානා

අවි  ආයුධ නිෂ්පාදනය කරයි,

විකුණයි

මැද පෙරදිග රටවල්

තෙල් නිෂ්පාදනය කරයි,

විකුණයි.

එක්සත් ජනපදය

ලෝකයේ සෙසු රටවල් සඳහා

පරිගණක සහ වෙනත්

තාක්ෂණයන් සපයයි. 

සංවර්ධිත රටවල්

මිනිස් ශ්‍රමය

ඔවුන්ගේ වැදගත්ම

සම්පත ලෙස පිළිගන්නා නිසා,

ඔවුන්

උගත් මිනිසුන් බිහි කරයි.

ශ්‍රී ලංකාව

තේ, රබර්, පොල් සහ

ඇඟලුම්

ලෝක වෙළෙඳපොළ සඳහා

විශාල වශයෙන් නිෂ්පාදනය කරයි. 

ලංකාව නුපුහුණු

ශ්‍රමිකයන් නිෂ්පාදනය කරයි

විකුනන්න බලයි වෙහෙසෙයි.

ලංකාවට

විශාල විදේශ විනිමය

ප්‍රමාණයක් නිපදවීමට

නුපුහුණු ශ්‍රමිකයන්

විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වෙයි.

බංගලිදේශය, පිලිපීනය

වැනි රටවල් රැසක්

මේ නුපුහුණු ශ්‍රම

වෙළෙඳපොළ තුළ

ලංකාව සමඟ තරග වදියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress