විපක්ෂය ඉල්ලා සිටින්නේ කුමක්ද?
Posted on April 6th, 2022

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

රට අර්බුදයකට පත්කර හමාරය. රට අර්බුදයකට තල්ලු කල අයට, රට ගොඩ ගැනීමට එක්වෙන ලෙස ජනාධිපතිතුමා ආයාචනය කරයි. මේ ආයාචනය කිසිදාක පලගන්වෙන ඉල්ලීමක් නොවේ. ඔවුන් සිදුකලේ ඔවුන්ට පැවරු ව්‍යාපෘතියකි. ඔවුන් කල යුතු ඉතිරි කොටස කුමක්දැයි තීරණය කරන්නේ ඔවුන් නොව, ඔවුනට මේ කාර්ය පැවරු හාම්පුතාලා විසිනි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ සිටින සජබ, ජවිපෙ, මුස්ලිම් කොන්ග්‍රසය, දෙමල ජාතික සන්ධානය, තොන්ඩමන්ගේ පිලට සිය හාම්පුතාලාගේ,උපදෙස් බලා සිටීමට සිදුවේ. ඒ අනුව ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ට කුමක් හෝ කියා ප්‍රශ්නයෙන් මගහැරිමි සිටි. ඊට එහා ගිය කිසිවක් මේ කණ්ඩායමට සිදුකල නොහැක.

සත්‍ය ලෙසම අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට කිසිවෙකුගෙන් බලපෑමකින් තොරව තීරණ ගැනීමට හැකියාව ඇත්තේ, විමල්, උදය, වාසු ඇතුළු කණ්ඩායමට පමණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද යම් ප්‍රමාණයක හැකියාවක් තිබුණද, එහි නායකත්වය අධිරාජ්‍යවාදීන්ට හැසිරවිය හැකි බව ඉතිහාසය විසින් අපට පෙන්වාදී ඇත.

සැබෑ තත්වය මෙය බැවින් මේ අය සමග එකතුව රට ගොඩනැගීමට වහාම වැඩ පිළිවෙලක් නිර්මාණය කල යුතුය. මේ අය සමග එකතුව වැඩ පිළිවෙලක් නිර්මාණය කරනවා යනු පෙර තිබු ආණ්ඩුවේ මන්ත්රිවරුම යලි එකතුවී රට වෙනුවෙන් නව වැඩපිළිවෙලක් සකස් කර රට පෙරට ගෙනයාමට පෙළ ගැසෙනවා යනුයි.

දැන් ඉතා වැදගත් වන්නේ,වැඩපිළිවෙලයි. වැඩපිළිවෙල දිගුකාලින හා කෙටිකාලින වශයෙන් දෙයාකාර වැඩපිළිවෙලක් විය යුතුය. ඒ අනුව ඉතා ඉක්මනින්,

1.සහල්
2.පරිප්පු
3.සීනි
4.කරවල
සහන මිලකට රටපුරා සියලුම වෙළඳ සල් වල අලවි කිරීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කලයුතුය. එය කිරීමට නම්, මේ ද්‍රව්‍ය  ආනයනය කිරීමේ බලය සම්පුරයෙන්ම සතොසට පවරා ගත යුතුය.

මෙය සහන මිලකට දීම නිසා රජයට වය වෙන මුදල පියවා ගැනීම සඳහා මෙරටට ගෙන එන අධි සුඛෝපභෝගී ආහාරවලට අමතර  පියවා ගත යුතුය. ඉතාම වැදගත් වන්නේ මිනිසුන්ට කුස පුරවා ගැනීම සඳහා තමන් ප්‍රිය කරන ආහාරයක් පහසු මිලකට ලබා ගැනීමට ඉඩ සැලසීමයි. අප අමතක නොකළ යුතු කාර්ය වන්නේ, මෙරට මිනිසුන්, 1960 මාර්තු 19 වෙනිදා බලයට පත්වූ රජයෙන්, සතියකට හාල් සේරු 2ක් සෑම මිනිසෙකුටම නොමිලයේ ලබාදුන් බවත්, ජලය පරිභෝජනයේදී කිසිදාක මුදලක් මුදලක් ය නොකළ බවත් යන කරුණුය.

මෙවන් තත්වයක සිටි මිනිසුන්ට 1977 බලයට පත් ජයවර්ධන රජය කබලෙන් ලිපට ඇද දමන්නාසේ, නොමිලයේ හාල්  හා නොලයේ වතුර සැපයීමද නවතා දමන ලදී. එබැවින් නොමිලයේ දිය නොහැකි නම් සාධාරණ මිලකට මේවා ජනතාවට ලබාදීම නොපමාව සිදුකල යුතුය.

මීළඟට විසඳිය යුතු වැදගත් කරුණ වන්නේ, ගෑස්, භූමිතෙල්, ඩිසල්, හා පෙට්‍රල් හිඟයකින් තොරව පවත්වා ගැනීමට කළමනාකරණය කිරීමයි. මේ කරනු කීපය ඉතා බුද්ධිමත්ව සිතා ජනතාවට ලබාදිය හැකිනම්, මේ වනවිට ගිනියම්ව සිටින ජනතාව යලි ප්‍රකෘති තත්වයට පත්වෙනු ඇත.

ඉතිරි කටයුතු රජයක් වශයෙන් සාමුහිකව ජනතා හිතවාදීව කිරීම තුලින් රට සාමකාමී කොට මැතිවරණයක් පවත්වා නව රජයක් බිහිකර ගැනීමට ඉඩ ලබාදිය යුතුය. ඉන් මෙහා විසදුමක් නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress