බං කො ලො ත් ? ?
Posted on April 14th, 2022

ජයන්ත හේරත්

ලෝක බංකොලොත් ලිස්ට් එකට

ලංකාවත්

එකතු විය හැක.

සමහරු  බයය

හැම දේටම බයය.

ලිස්ට්‍  එකේ

ඇමරිකාව

එංග ලන්තය

සාමාජිකයින් උනේ

බොහෝ කලකට පෙරය.

ලිස්ට් එකේ

සාමාජිකයෙක් වීම

නම කැත වීමක් නොවේය.

ග්‍රීසියත්

සාමාජිකය.

bankrupt සංගමේ

සාමාජිකයෝ

ඔක්කොම

එලොව ගිහින්

මෙලොව ආවෝය.

අවුරුදු

කීපයකින්

බංකොලොත් භාවයෙන් මිදුනේය.

අලුත් තත්වයට

හැඩ ගැසීම අමාරු නැත.

අවශ්‍ය වන්නේ

හිතන හැටි වෙනස් කිරීමය.

අපේ

ඔලුව

ටිකක් හදා ගන්නට සිදු වනවා ඇත.

පාරේ තොටේදී

Are you Indian? කියා කවුරු හෝ ඇසුවොත්

No Sri Lankan කියා

අභිමානයෙන් කියන්න ටිකක්

අමාරු වෙනවා ඇත.

නන්දා ට

අලුත් සින්දු

ටිකක් කියන්න වෙන්නේය.

සුනිල් ටත් ලියන්න වෙන්නේය.

ඒවා එච්චර ප්‍රස්න නෙවේය.

අපේ අලුත්

පරම්පරාවට ගෙදරට වී

AC දා ගෙන

නිකම් කා බී

ව්‍යායාම විතරක් කර කර

ඉන්න වෙන්නේ නැත.

ගමට ගොස්

කුඹුරක් කොටා ගෙන

මයියොක්ක බතල

එළවලු වවා ගෙන කන හැටි

ඉගෙන ගන්න

වෙන්නේය.

දිය කඩිත්තකින්

හෝ

මුහුදෙන් මාලුවෙක්

අල්ලා ගෙන කන හැටි 

ඉගෙන ගන්න

වෙන්නේය.

ගෙදර කුකුලෙක්

හදා ගෙන

බිත්තර ගෙඩියක්

දාන කන් බලා ගෙන

ඉන්න වෙන්නේය.

කුකුල් මාළු

කන්න

කුකුලා බිත්තර දාලා ඉවර වෙන තෙක්

බලා ගෙන

ඉන්න වෙන්නේය.

කිරි පිටි

වෙනුවට ගෙදර

එලදෙනෙක් හදා ගෙන

දියර කිරි බොන්න

සිදු වන්නේය.

ඌරු මස්

කන්න

ඌරෙක්

හදා ගන්න වෙන්නේය.

ඇමරිකාව

ඇලස්කාව

රුසියාවෙන් ගත්තේ 

ඩොලර් මිලියන් එකටය.

ඉඩම්

විකුනන්න

වෙනවා ඇත.

ගරු නම්බු

ඇතුව

සිටීමට නම්

බලා ගෙන

හැසිරිය යුතුය.

අපේ

තරුණ පුහුණු ශ්‍රම බලකාය

වැඩි දයුණු කල යුතුය

විශ්ව විද්‍යාල

වැඩ වර්ජකයින් බිහි කරන මද්‍යස්ථාන  නොව

වැඩි ආදායම් ලබන

පුහුණු ශ්‍රමිකයින් බිහි කල යුතුය.

70-75 කාලේ මෙන්

ලංකාවේ වගාව

සහ

කර්මාන්ත

වැඩි කර

පිටරටින් ගෙන්වන දේ

අඩු කර

ගත යුතුය.

එවිට

යාපනේ ලුණු අල මිරිස් ගොවියන්ගෙ

අතමිටත්

සරු වනු ඇත.

70-75 ලංකා පාලක ලොක්කන් සහ උන්ගේ හෙන්චය්යන්

එකල

නොකළ දේත් 

දැන් සිටිනා සහ ඉදිරියට එන 

ලංකා පාලක ලොක්කන් සහ උන්ගේ හෙන්චය්යන්

කල යුතුය.

එනම්

හුදී ජනයා කන කෑමත් බීමත්

එලෙසම කා බී,

හුදී ජනයා සමග

සියලු පෝලිම්වල සිට,

හුදී ජනයා සමගම

මහජන ප්රවාහන ගමනේ

හෝ

පයින්

වැඩට යාම් ඊම්

සහ

දේශීය හොලිඩේස්

යා යුතුය.

අධි වේගී ධාවන මාර්ග වලට

dollar

yuan

යෙන්

Riyad

Rubal

Marc

Franc

වලින් ගෙවන්න වෙනවා ඇත.

කැමරාවට නොවේය,

බොක්කෙන්ම කල යුතුය.

බය නම්

හමුදාව ආරක්ෂාවට

ලගින් තබා ගත්තට

කාරී නැත.

එවිට

ගෝල්-face 

රොක් කානිවල් අරගල

සංවිධානය කරණ

V 8 වාහනත් අන්තරස්ධාන වී

ඉන්ධනත් පිරිමහ ගත් කල

රට උඩු ගං බලා ඇදෙනු ඇත.

නය බර අඩු කර ගත හැක.

කන්ද පාමුල

සිටින විට

හොඳම දේ

කන්ද

නැගීමය.

ඉන්පසු

ලංකාව

ආදර්ශමත්

රටක්  ලෙස

ඉදිරියට ඇදෙනු ඇත.

බංකොලොත් බව ආශීර්වාදයක් බවට පත් වනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress