සිස්ටම් චේන්ජ්
Posted on April 24th, 2022

ප්‍ර සමරසිංහ

(A song adapted from “මන්ද නාව කාරණාව” by නන්දා මාලිනි)

මන්ද ‘නෑව’ කාරණාව
යන්න උන්ගෙ වන්දනාව
උඹ හරි මෝඩයි ළමයෝ
මේ ටික අහපන් ළමයෝ..//

හැත්තෑඑකේ ලණු කෑවා හැටදාහක් මරලා
අසුනවයේ ලණු ගිල්ලා ඊට වඩා මරලා
තිස් අවුරුදු සාපෙ වැදී තව ගානක් මරලා
දෙදාස්නවයේ තිත තිබ්බට මහමොලකරු කිපිලා..//

මන්ද ‘නෑව’ කාරණාව..

බෙදා පාලනේ දැක දැක මහමොලකරුවන්නේ  
පන්සිය වසරක් ලක්මව් හිටියා අඬමින්නේ
හැත්තහතේ ඉඳන් රටේ සාරේ උරපු උන්නේ
මන්දට අසු නොවන් ළමයො දුර දිග බලපන්නේ..//

මන්ද ‘නෑව’ කාරණාව..

අදිසිහස්ත මහමොලකරු නැවතත් වැඩ අල්ලා
ලංකා වසන්තෙට තටමයි තවත් කමුද ඉල්ලා
රිලව් වගේ පිණුම් නොගහ ඉහ මොළ ටික හොල්ලා
වවන් කන්න පටන් ගනිමු කුඹුරට බැහැපල්ලා..//

මන්ද ‘නෑව’ කාරණාව..

හොරා ගත්තු අපේ සල්ලි අපට ඕන කියල
තැන්පත් කල ගිණුම් නාම වහා ඉල්ලපල්ලා
ආතල් ළමයින් හොයනා ශිෂ්ඨ-චේන්ජ් ඉල්ලා
සුවිස් බැංකු ඉදිරිපිටට දැන්වත් පලයල්ලා..//

මන්ද ‘නෑව’ කාරණාව..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress