එක්සත් ශ්‍රී ලංකා රාජ්‍යයට මග – (2015 – 2025)
Posted on April 26th, 2022

හිරන් කුරේ

1. ඔරුමිත්ත්නාඩු නමින් උතුරුනැගෙනහිර වෙනම රාජ්යයක් බිහි කිරීමේ බෙදුම්වාදීන්ගේ 2015-19 ව්යවස්ථාමය උත්සාහය අසාර්ථක වේ. යහපාලන ආණ්ඩුව බිඳ වැටේ.

2. ලංකාවේ ආර්ථිකය බිඳ නොදමා ෆෙඩරල් රාජ්යය බිහි කළ නොහැකි බව බෙදුම්වාදීන්ට ඒත්තු යයි.

3. ආර්ථික මර්මස්ථානයක් වන විදේශ සංචාරක කර්මාන්තය බිඳ දැමීම සඳහා කොළඹ සුපිරි හෝටල් ඉලක්ක කරගත් පාස්කු ප්රහාරය දියත් කෙරේ. එයට සමගාමීව කතෝලික පල්ලි ඉලක්ක කරගනිමින් කළ ප්රහාරය හරහා නැගෙනහිර මුස්ලිම් ආධිපත්යයට එරෙහිව බටහිර ක්රිස්තියානි ජාත්යන්තර විරෝධයක් ඇති වේ. මුස්ලිම්දෙමළ සීතල යුද්ධය තීව් වේ.

4. බෙදුම්වාදීන් අනුග්රහය දැක්වූ සජිත් ප්රේමදාස අභිබවා ගෝඨාභය රාජපක්ෂ බහුතර සිංහල බෞද්ධ ඡන්දයෙන් ලංකාවේ හත්වන විධායක ජනාධිපති ලෙස තේරී පත්වේ. යහපාලන ආණ්ඩුව විසින් බිඳ දමා තිබූ ලංකාවේ ආර්ථිකය සක්රීය වීම ඇරඹේ.

5. චීනයේ වූහාන් ප්රාන්තයෙන් ඇරඹි කොරෝනා රෝගය ගෝලීය වසංගතයක් බවට පත්වේ. ලංකාවේ ආර්ථිකය බිඳ දැමීමට කොරෝනා වසංගතය යොදාගත හැකි බව බෙදුම්වාදීන් තීරණය කරයි. රට ලොක්ඩවුන් කර ආර්ථිකය බිඳ දැමීමට විපක්ෂය විසින් බලපෑම් කරයි. ගුරුවරුන් භාවිතා කර රට පුරා උද්ඝෝෂණ රැල්ලක් අරඹයි. සංචාරක කර්මාන්තය වසර දෙකක් මුළුමනින් බිඳ වැටේ. විදේශ සංචිත පිරිහේ. ජනගහණයෙන් 80% ක් එන්නත් කෙරේ.

6. වසංගතය අවසන් වීමත් සමග ගෝලීය සැපයුම් දාම හදිසියේ සක්රීය වේ. රුසියාව විසින් යුක්රේනය ආක්රමණය කරයි. ගෑස් සහ ඛනිජ තෙල් ඉල්ලුම වැඩි වී ලොව පුරා මිල වැඩි වේ. ලංකාවට ගෑස් සහ තෙල් මිලදී ගැනීම අපහසු වේ.

7. විදේශ සංචිත හිඟය පියවා ගැනීමට මාර්ග දෙකක් යෝජනා වේ. a) ජාත්යන්තර මූල් අරමුදලේ කොන්දේසි වලට යටත්ව ණය ගැනීම, b) අභ්යන්තර ක්රියාමාර්ග හරහා දීර්ඝකාලීනව සංචිත වැඩි කරගැනීම. ආණ්ඩුව දෙවැනි මාර්ගය තෝරා ගනී.

8. මාසික අපනයන මාස නවයක් පිට පිට ඩොලර් බිලියනය ඉක්මවයි. 2022 පළමු කාර්තුවේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීම 280,000 ඉක්මවයි. අත්යවශ් නොවන භාණ්ඩ ආනයනය පාලනය කෙරේ. ගෑස්, ඛනිජ තෙල් ඇතුළු අත්යවශ් භාණ්ඩ ආනයනය සඳහා කෙටිකාලීන ණය සහ සහනාධාර ලබා ගනී. ඩොලරයේ අගය ස්ථාවරව පවත්වා ගනී.

9. ජාත්යන්තර මූල් අරමුදලට යා යුතුම යැයි කියමින් විපක්ෂය සහ රාජ් නොවන සංවිධාන දිගින් දිගටම ආණ්ඩුවට බල කරයි. හර්ෂ සිල්වා පාර්ලිමේන්තුවේ කතා කරමින් අභ්යන්තර විසඳුම් හාස්යයට ලක්කරයි. ආණ්ඩුවේ විසඳුම් නිසියාකාරයෙන් ජනතාවට සන්නිවේදනය කිරීමට ආණ්ඩුවේ ප්රකාශකයන් අසමත් වේ.

10. යහපාලන ආණ්ඩුව විසින් පත්කළ ගෑස් ආනයනකරු විසින් ගෑස්වල සංයුතිය වෙනස් කරයි. ගෑස් ආශ්රිත පිපිරීම් වාර්තා වේ. ජනතාව අතර බිය සහ සැකය වර්ධනය වේ. ගෑස් ටැංකි නැවත කැඳවයි. ගෑස් පෝලිම් ආරම්භ වේ.

11. බෙදුම්වාදීන් විසින් මෙහෙයවන උන්ඩියල් ක්රමය හරහා වැඩිපුර රුපියල් දීම අරඹයි. විදෙස්ගත ශ්රමිකයන් බැංකු හරහා මුදල් නොඑවා කළුකඩ හරහා මුදල් එවයි. ආණ්ඩුව බිඳ දැමීම සඳහා ලංකාවට මුදල් නොඑවා සිටින ලෙස ජනතා විමුක්ති පෙරමුණ ප්රසිද්ධියේ ප්රකාශ කරයි. ඩොලරයේ අගය කෘත්රිමව වැඩි කෙරේ.

12. ලංකා ඛනිජ තෙල් සංස්ථාව තෙල් මිලදී ගැනීම් ප්රමාද කර කඩාකප්පල් කරයි. ඛනිජ තෙල් ඇත්තේ තවත් දින තුනකට පමණක් බව විෂයභාර අමාත්යවරයා ප්රසිද්ධියේ ප්රකාශ කරයි. මහා පරිමාණයෙන් ඉන්ධන රැස්කර ගැනීමට ජනතාව පටන් ගනී. සැපයුම් ප්රමාද වී ඉල්ලුම වැඩි වේ. තෙල් පෝලිම් ආරම්භ වේ.

13. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සහ ගෙවිඳු කුමාරතුංග විසින් මුදල් අමාත් බැසිල් රාජපක්ෂට විරුද්ධව සටනක් අරඹයි. ශ්රී ලංකා පොදුජන පෙරමුණු සන්ධානය බිඳ වැටේ. සිංහල බෞද්ධ ප්රජාව බෙදී ගොස් ඉච්ඡාභංගත්වයට පත්වේ.

14. ජලය නාස්ති කර දමා ජලාශ හිඳවීමට විදුලි ඉංජිනේරු මාෆියාව කටයුතු කරයි. ඛනිජ තෙල් අවශ්යතාවය නිසි ලෙස සැලසුම් නොකර විදුලි උත්පාදනය බිඳ දමයි. නිවාසවලින් 40% කට කිසිදු විදුලි කප්පාදුවක් නොකර ඉතිරි 60% දිනකට පැය 13 ක් දක්වා විදුලිය කපා දැමේ. අපහසුවට පත්වන ජනතාව ආණ්ඩුවට විරෝධය දක්වයි.

15. #GotaGoHome ව්යාපෘතිය ඇරඹේ. එක්සත් රාජධානියේ වාසය කරන පැතුම් කර්නර් නැමැත්තකු විසින් සමාජ මාධ්යය හරහා ජනතාව කුපිත කර අරගල කිරීමට ආරාධනා කරයි. සජිත් ප්රේමදාස විරෝධතාවට සහාය පළ කරයි. මහබැංකුව හදිසියේ රුපියල පා කර දමයි.

16. හිරුණිකා ප්රේමචන්ද් විසින් ජනාධිපතිගේ පුද්ගලික නිවස ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරෙයි. දෙවනුව යාපනයේ කලබල කරයි. ජනතාව පාරට බැසීම අරඹයි. මිරිහානේ කලහකාරීන් විසින් බස් ගිනි තබයි. ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ නිවාසවලට මැර ප්රහාර එල්ල වේ. ජාත්යන්තර මාධ් විසින් ලංකාවේ අවිචාරවත් බව ලොවට පෙන්වයි. සංචාරකයන් පැමිණීම අඩු වේ. අපනයන බිඳ වැටේ. කෘත්රිම පොහොර ගෙන්වන බහුජාතික සමාගම් සිය ඉල්ලීම් දිනාගනී.

17. නගර ඉලක්ක කරගනිමින් උද්ඝෝෂණ ඇරඹේ. ගෑස්, තෙල් සහ විදුලිය නොමැතිකමින් පීඩා විඳින නාගරිකයන් උද්ඝෝෂණයට එකතු වේ. පිටරට වෙසෙන ශ්රී ලාංකිකයන් උද්ඝෝෂණ කරයි. ලංකාව දේශපාලනිකව අස්ථාවර වී ඇති බව කියමින් දෙමළ ජනතාව සඳහා ස්වයං නිර්ණය අයිතිය දිය යුතු බවට බෙදුම්වාදීන් විසින් කැනඩාවේ පාර්ලිමේන්තුවේ ප්රකාශ කරයි.

18. ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයා එලෙස ඉවත් කිරීමට ව්යවස්ථාවෙන් ඉඩක් නැති බව මහින්ද දේශප්රිය ප්රකාශ කරයි. 225 ගෙදර යනුයනුවෙන් අලුත් සටන් පාඨයක් නිර්මාණය වේ. අරගලයේ නායකත්වය පැතුම් කර්නර්ගෙන් ගිලිහේ.

19. විරෝධතා හමුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වේ. අත්යවශ් සේවා සඳහා ඇමතිවරු කිහිපදෙනෙක් පමණක් කටයුතු කරයි. අලි සබ්රි මුදල් ඇමතිවරයා ලෙස දිවුරුම් දේ. නව මහබැංකු අධිපතිවරයෙක් ඕස්ට්රේලියාවේ සිට පැමිණේ. ජාත්යන්තර මූල් අරමුදලට යෑම කඩිනම් කෙරේ. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂය අපොහොසත් වේ.

20. ජනතා අරගලය ගෝල්ෆේස් පිටියට සංක්රමණය වේ. GotaGoGama බිහිවේ. ජනප්රිය YouTube චරිත විසින් අරගලය මෙහෙයවීම අරඹයි. කොළඹ මුස්ලිම් ප්රජාව විසින් අරගලකරුවන්ට ආහාරපාන සහ පහසුකම් සැපයේ. ජනතා අරගලය රාත්රී විනෝද සමයක් බවට පත් වේ. අගමැති සමග සාකච්ඡා ප්රතික්ෂේප වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් අරගලයේ නායකත්වය ගැනීමට කළ උත්සාහයට අරගලකරුවන් විරෝධය දක්වයි.

21. ගෝල්ෆේස් පිටියේ අරගලයට එරෙහිව ආණ්ඩුව ක්රියාමාර්ග නොගනී. ජනාධිපති ලේකම් කාර්යාලයේ බිත්තිය මත එක්සත් ශ්රී ලංකාවයන වචන ලිවීමට අරගලකරුවන් අධිබලැති විදුලි ආලෝක ප්රක්ෂේපණ යොදා ගනී. බෙදුම්වාදීන්ගේ අනුග්රහය ප්රසිද්ධියේ ප්රකාශයට පත් වේ. ඊළම ඉල්ලා කැනඩාවේ රථ පෙළපාලි යයි.

22. නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දේ. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය විසින් ගෙන එයි. වොෂිංටනයේදී ජාත්යන්තර මූල් අරමුදල සමග සාකච්ඡා ඇරඹේ. ඛනිජ තෙල් කළුකඩ පාලනය කරගැනීමට ආණ්ඩුව අපොහොසත් වේ. තෙල් පෝලිම් දිගටම පවතී.

23. ජාත්යන්තර මූල් අරමුදලේ බලපෑම මත රාජ් ආයතන සහ රාජ් සම්පත් විශාල ප්රමාණයක් පුද්ගලීකරණය කිරීමට බල කෙරේ. රජයේ සේවකයන් ලක්ෂ ගණනකට රැකියා අහිමි කිරීමට යෝජනා කෙරේ. රාජ් ඉඩම් පුද්ගලික ආයෝජකයන්ට විකිණීමට යෝජනා කෙරේ. සමෘද්ධි සහනාධාර සම්පූර්ණයෙන් නැවැත්වීමට යෝජනා කෙරේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් දැවැන්ත වෘත්තීය සමිති අරගලයක් දියත් කෙරේ. ජනතා කැරළි මධ්යයේ රාජ්යය බරපතළ ලෙස අස්ථාවර වේ.

24. පොදුජන පෙරමුණු ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වේ. සමගි ජනබලවේගය ප්රමුඛ සන්ධාන ආණ්ඩුවක් බිහිවේ. 21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වේ. සිංහල බෞද්ධ නායකයන් සහ පොදුජන පෙරමුණු පාක්ෂිකයන් මර්ධනය කිරීම ඇරඹේ. විධායක ජනාධිපති ධූරය රහිත ෆෙඩරල් රාජ්යයක් සඳහා ව්යවස්ථා කෙටුම්පතක් සම්මත වේ. ආර්ථිකය දිගින් දිගටම බිඳ වැටේ.

25. නව ෆෙඩරල් ව්යවස්ථාව මූලික කරගත් ජනමත විචාරණයක් පැවැත්වේ. ෆෙඩරල් ව්යවස්ථාව සම්මත වේ. උත්තර ලංකා රාජ්යය සහ දක්ෂිණ ලංකා රාජ්යය යනුවෙන් සමන්විත එක්සත් ෆෙඩරල් ශ්රී ලංකා රාජ්යය බිහි වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress