ධර්මයේ හමුවන භාහිර ලෝකය හා තුන් ලෝකය
Posted on November 3rd, 2022

තිස්ස ගුණතිලක 

සත්‍යයක් නොවන භාහිර ලෝකයක් පිළිබදව නොයෙකුත් දේශකයන් වහන්සේලා තම දේශනාවල සදහන් කරයි. භාහිර ලෝකයෙන් මිදීම යනු භාහිර ලෝකය අසත්‍යයබව (බොරැබව) අවබෝධ කරගැනීම යයි මේ දේශකයින් පවසයි. මෙසේ කරනා දේශනාවම අසත්‍යයකි.

අපෙන් ස්වායත්ත (independent) භාහිර ලෝකයක් පවතී. ඵය රෑප හැඩතල වලින් පමනක් සමන්විත ඵකකි. ස්වාභාව ධර්මයේ සංසිද්ධීන් මත පදනම්වන භාහිර ලෝකය මිනිසා ප්‍රධාන ජීවීන් ගොඩනැගූවකි.

ලස්සන හෝ කැත ලෝක භාහිරයේ නොපවතී. ඇත්තේ ‘මෙලෝ රසක් නැති’ රෑප (වර්ණ, ශබ්ද, ඝණ්ධ, රස හා ස්පර්ශ රෑප) හැඩතල වලින් පමනක් සමන්විත භාහිර ලෝකයකි. භාහිර ලෝකයේ ආත්මීය වන ‘දෙයක් හෝ යමක්’ නැත. ඇත්තේ ඉහත සදහන් රෑප හැඩතල පමනි.

මෙසේ පවතින භාහිර ලෝකය ‘සම්මතය’ට අයත්වන අතර තතාගතයන් දෙසූ ‘පරමාර්ථ’ ධර්මයේ ක්‍රියාවලියට අදාල නොවේ.

ඵක් ඵක් ජීවියා තම පංචේන්ද්‍රියන්ගේ සීමාවන්ට යටත්ව (depending on the limitations of five senses) ඉහත සදහන් භාහිර ලෝකය ස්පර්ශකරන අතර ඵමගින් අවදිවන සිතතුල තමන්ට ආවේනික ‘රෑපාවචර ලෝකය’ සාදාගනී.  රෑපාවචර ලෝකයේ අඩංගුවන්නේ භාහිර ලෝකයේ ඇති රෑපවල ප්‍රතිබිම්භ පමනි. ඵයද ‘යමක් හෝ දෙයක්’ නැති ‘මෙලෝ රසක්’ නැති රෑපාවචර ලෝකයකි. 

‘අපෙන් ස්වායත්තව (තොර) භාහිර ලෝකයන් නොපවතී’ යයි පවසන්නේ ඔවුන් භාහිර ලෝකය හා සිත තුල ස්පර්ශ ක්‍රියාවලිය නිසා හටගන්නා රෑපාවචර ලෝකය පටලවා ගැනීමෙනි.

පංචේන්ද්‍රියන්ගේ ස්පර්ශය තුලින් භාහිර ලෝකයේ රැප හැඩතලවල ‘ප්‍රාථමික වින්දනය’ ඵනම් ‘වේදනාවේ සඤ්ඤාව’ සිත තුල සනිටුහන්වන අතර ඵය පෙර මතකය සමග ‘විතක්ක විචාර’ වීමෙන් (ගැලපීමෙන්) භාහිර හැඩතලයේ ප්‍රතිබිම්භයට ‘සම්මුතියෙන් ප්‍ර‍ඥප්ති’ කරගත් නාමය (label) ‘සංස්කරනය’ කරගනි. මෙසේ සංස්කරනය වන්නේ ‘අරෑපාවචර’ ලෝකයයි. ‘සංඛාර’ යනු මෙම අරෑපාවචර (නාම) ලෝකයයි. සංඛාරයේ දැනුම විඤ්ඤාණයයි.

ඉහත සදහන් රෑප හා අරෑප ලෝකවල ඇතිවීම (පඤ්ච)ස්කන්ධ ක්‍රියාවලියයි. තතාගතයන් වහන්සේ මාර්ග ළුල ලැබීමට අවශ්‍යවන්නේ ‘ස්කන්ධයේ උදය-වය දැකීම පමනයි’ යනුවෙන් දේශනා කලේ සිතේ හටගන්නා මෙම රැප හා අරෑප ලෝක දැකීමයි.

සිතතුල රැප හා අරෑප (නාම) ලෝක හටගන්නේ මෙයාකාරයෙනි. සිත තුල සංස්කරනයවන නාම ලෝකය රෑප ලෝකය සමග ඵකතුවීමෙන් (විඤ්ඤාණ පච්චයා නාම රෑප) ‘කාමාවචර’ ලෝකය හටගනි. 

සලායතනවල විඳීමෙන් උපාදානවන කාමලෝකය භාහිරයේ පවතින යමක්/දෙයක් ලෙස (ආත්මීය ලෙස) සිතට දැනේ. මායාවක්වන මෙම ක්‍රියාවලිය භවදුකයි (උපාදාන පච්චයා භව).

තතාගතයන් වහන්සේ බඔයක්වන ශරීරය තුල පැනවූයේ මේ තුන් ලෝකයයි. 

නූතන දේශකයන් ඔබව දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අසංඥතලය ආදි ‘වේදයේ සංකල්ප’ සමග පටලවා ඇතිබව පමනක් වටහාගන්න. තුන් ලෝකය නිවැරදිව වටහා ගැනීමම සද්ධර්මය නිවැරදිව අවබෝධ කරගැනීමට ඉවහල් වනවා ඇත.

සුභ පැතුම් 

තිස්ස ගුණතිලක 

2022 නොවැම්බර් මස 03 වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress