රාජ්‍ය කළමණාකාර සේවා චක්‍රලේඛණනයට අනුගතව ශ්‍රී ලංගම සේවකයින්ගේ වැටුප් සංශෝධනය විධිමත්ව සිදුකරන්න
Posted on November 16th, 2022

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය.

අධ්‍යක්‍ෂක ජෙනරාල් තුමා,
කළමණාකාර සේවා දෙපාර්තමේන්තුව,
මුදල් අමාත්‍යංශය,
කොළඹ – 01.

අධ්‍යක්‍ෂක ජෙනරාල් තුමනි,

ශ්‍රී ලංගම සේවකයින් බලවත් ලෙස අසහනයට පත් නොකර 30/2006 සහ 2/2016 රාජ්‍ය කළමණාකාර සේවා චක්‍රලේඛණනයට අනුගතව වැටුප් සංශෝධනය විධිමත්ව සිදුකිරීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටීම.

2018 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංගම සේවකයින් සිදුකරන ලද දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් නිසා 2018 ඔක්තෝබර් 01 වන දින සිට PL කාණ්ඩයේ ශ්‍රී ලංගම සේවකයින්ගේ වැටුප් සංශෝධනය සිදුකරන ලදී.

නුමුත්, 2018 ඔක්තෝබර් 01 වන දින සිට ශ්‍රී ලංගම කාර්ය මණ්ඩලයේ සහ නිලධාරීන්ගේ වැටුප් සංශෝධනය සිදුකිරීමට ඔබතුමා ඇතුලූ ඔබ ආයතනය හිතාමතාම ප්‍රමාද කර ඇත. වෘත්තීය සමිති වල දැඩි බලවත් ඉල්ලීම මත අවසානයේ 2022.09.28 මගේ අංක. DMS/1622/VOL111 කළමණාකාර සේවා දෙපාර්තමේන්තුව මගින් කාර්ය මණ්ඩලයේ සහ නිලධාරීන්ගේ වැටුප් සංශෝධනය සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන ලදී. එම චක්‍රලේඛණයෙන්ද ඇතැම් ශ්‍රේණිවල සේවකයන්ට අසාධාරනයක් සිදුවුන බව නිරීක්‍ෂණය කර 2022.10.26 වන දින නැවත ලිපියකින් ඉහත චක්‍රලේඛය මගින් වැටුප් සැකසීම අත්හිටුවන ලද අතර අදාල ගැටලූවලට ජාතික වැටුප් කොමිසම සමඟ සාකච්ඡා කර මසක් ඇතුලත නව වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කරන බවද එම ලිපියේ සඳහන් කර ඇත. නුමුත්, 2022.11.26 වන දිනට නව වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කරන බවට මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

අවුරුදු 04 කට ආසන්න කාලයක් ශ්‍රී ලංගමය තුළ වැටුප් ක්‍රම 2 ක් ක්‍රියාත්මක වීම නිසා බරපතල අර්බූදයක් මේ මොහොතේ උද්ගතවී ඇත. ඒ නිසාම සේවකයින් අතර අසහනය ඇති වී සේවක සමගිය බරපතල ලෙස විනාශ වී ඇත. මෙම ක්‍රියාවලියට ඔබතුමා ඇතුලූ ඔබ ආයතනය සම්පූර්ණයෙන් වගකිව යුතුය. ශ්‍රී ලංගම සේවකයින් ව්‍යාකූල තත්ත්වයකට පත් නොකර අදාල ගැටලූවලට වහාම විධිමත් විසඳුම් ලබා දී නොවැම්බර් මස 26 වන දින වැටුපට අදාළ නව වැටුප් ක්‍රමයට අනුව වැටුප් සංශෝධනය කිරීමට මැදිහත් වන ලෙස ඔබතුමා ඇතුලූ ඔබ ආයතනයේ නිලධාරී මණ්ඩලයෙන් අප සංගමය ඉල්ලා සිටින අතර, මෙම ඉල්ලීම ඉටුකිරීම අතපසු කිරීම තුල ශ්‍රී ලංගමය තුල උද්ගත විය හැකි වෘත්තීය අරගලයන් නිසා පොදු මගී ප්‍රවාහන සේවා ක්‍රියාවලිය විනාශ වීමේ ක්‍රියාවලියට ඔබතුමා ඇතුලූ ඔබ ආයතනය සම්පූර්ණයෙන් වගකිව යුතු බව අප සංගමය වගකීමෙන් යුතුව ඔබතුමාව දැනුවත් කර සිටින්නෙමු.

ස්තූතියි.

මෙයට,
විශ්වාසී,
සේපාල ලියනගේ
සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය.

පිටපත්:
1. ජනාධිපති හා මුදල් ආමත්‍ය, රනිල් වික්‍රමසිංහ මැතිතුමා
2. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා,
3. ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් තුමා
4. ශ්‍රී ලංගම සභාපති – කිංස්ලි රණවක මැතිතුමා
5. ජා.වෘ.ස. සභාපති – ලාල්කාන්ත මැතිතුමා
6. ශ්‍රී ලංගම ප්‍ර. විධායක නිලධාරී – මහේෂ් මැතිතුමා ඇතුලූ නිලධාරී මණ්ඩලය
7. ශ්‍රී ලංගම සියලූම ප්‍රාදේශීය කලාප ප්‍රධාන කළමණාකාර මහතුන් වෙත
8. ශ්‍රී ලංගම සියලූම වෘත්තීය සමිති වෙත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress