ලාභ ලබන ආයතන විකුනා පාඩු ලබන ආයත තබාගැනීම
Posted on November 24th, 2022

ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර 

ලාභ ලබන ආයතන විකුනා පාඩු ලබන ආයත තබාගැනීම කිරි එළදෙන විකුනා කිරිනැති එළදෙන පුන්නක්කු දීලා, නාව නාවා, කිනිතුල්ලෝ කඩ කඩා තියගන්නවා වගේ වැඩක්.

එහෙමත් නැතිනම් රන්බිජු දාන කිකිළිය විකුනා බිජු නොදමන කිකිළියක් තියාගන්නව වගෙ වැඩක්.

මේ අයවැය ලේඛනය පසුපස ඇති මූලික දේශපාලන, ආර්ථික හා සමාජ දර්ශනයම සාවද්‍යයි.

දැනට පාර්ලිමේතුවට ඉදිරිපත්කොට ඇති අය වැය යෝජනා ක්‍රියාත්මකකළහොත් රටේ පවතිනකඩා වැටී ඇති  ආර්ථික තත්වයෙන් ගොඩ ඒමට 2026 දී හැකි වෙතැයිද 2048 දී සන්වර්ධිත රටක් කළහැකි වේයයිද මුදල් ඇමතිවරයා ප්‍රකාශකොට තිබීමෙන්ම මේ සමස්ථ යෝජනා වලිය මනා  සැළසුමකින් හා දර්ශනයකින් තොර ලෝක විහිළුවක්  බවට පත්ව ඇති බව කිව යුතුය. අනෙක් අතින් රට සාමාන්‍ය තත්වයට ගැනීමට වසර 3 ක් සහ සන්වර්ධිට රටක් බවට පත්කිරීමට වසර 25 කීමට නම් අපට රජයක් අවෂ්‍යය මන්දැයි කෙනෙකුට ඇසිය හැකිය. වසරක් තුල රට සාමාන්‍ය තත්වයටද වසර 10 කින් යටත් පිරිසෙයින් ආසියාවේම සන්වර්ධිත රට බවටද මේ රට යලිත් පත් කිරීම අපගේ අපේක්ෂාව යයි ජනාධිපති වරයා කිවේනම් ඔහු පරමාදර්ශී නායකයකු වශයෙන් මුලුරටම පිලිගනු නොඅනුමානය.

මම අර්ථශාස්ත්‍රඥයෙක් නොවෙමි. එසේ නොවන කෙනකු වශයෙන් දැනට පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය වෙමින් පවතින අයවැය ලේඛනය මම දකින්නේ රටක් වශයෙන් අපට යළි කිසිදාක ගොඩ ආ නොහැකි සදාකාලික ආර්ථික ඛේධවාචකයකට හා අඝාධයකට මේ රට ඇදගෙනයන පෙරගමන්කරුවකු වශයෙනි. ඉදිරිපත් කොට ඇති යෝජනා ඒ අයුරින්ම ක්‍රියාත්මක කලහොත් මේ රටේ නිදහස, ස්වාධිනත්වය,භ්ව්මික අකණ්ඩතාව සහ සින්හල ජාතියේ අනන්‍යතාව මුළුමනින්ම නැති වනු ඇත. ඉන් පසු  වර්ගවාදය අනුව බෙදී එකිනෙකා කුලල්කාගන්නා සදාතනික ර්ගවාදි සහ ආගම් ගැටුම් සහිත මිහිපිට සාපලත් දේශයක් බව ට මේ රට පත්වනු ඇත

මෙම තත්වය උදාවිමට මූලික හේතුව වනුයේ එක් අතකින් දැනට ජනාධිපති වරයා අනුගමනය කරන උතුරු නැගෙනහිර දෙමල මිනිසුන්ගේ ඉඩම් ප්‍රශ්න ඇතුලු ගැටලු ලබන වසරේ පෙබ් 4 දාට පෙර විසඳන බව, කඳුරට ඉන්දීය සම්භවක් ඇති දෙමල මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන බවට කළ ප්‍රකාශ, ජනාධිපති කාර්‍යාලයේ පිහිටුවා ඇති සo හිඳියාව පිලිබඳ විශේෂ ඒකකය,දකුණු අප්‍රිකාවේ ජනාධිපති සමෝසා සමඟ ඇතිකරගත් ගිවිසුම,දෙමල ඩයස්පෝරා කාරයින් වෙනුවෙන් පිහිටුවන කාර්යාලය,එයා ලන්කා. ටෙලිකොම්,සහ ශ්‍රී ලන්කා රක්ෂන සන්ස්ථාව වැනි ලාබ ලබන  රජයේ ආයතන විකිනිමේ දැඩි තීරනය වැනි කටයුතු වලට ප්‍රමුඛස්තානය දීම සහ 

අනෙක් අතින් දැනට රටේ පවතින මුලික ප්‍රස්න වන ආර්ථික බිඳවැටීම, බඩගින්න, විදුලිවේගයෙන් ඉහල යන ජීවන වියදම, අහස උසට නැග ඇති උද්ධමනය,රෝහල්ව බේත් ද්‍රව්‍ය නොමැතිවීම, රටේ ප්‍රධාන ආහාරයවන වී ගොවිතැන ඇතුලු  ගොවිතැනට සහ ඊටම අනුබද්ධ පශු සම්පත්, තේ,පොල් රබර් සහ සුළු අපනයන භෝග ආදී අන්ශවල සන්වර්ධනයට දැඩි අවධානයක් යොමු නොකිරීම, පොදුවේ රටේ නිෂ්පාදන අන්ශවලට විශේෂ අවධානයක් යොමුකොට  රටතුල අහාර, කාර්මික අන්ශ සහ ධීවර කර්මාන්තය වැනි අන්ශ දියුනු කොට රට් තුල ආර්ථික ගැටළු විසඳා ඒ හරහා විදේශ විනිමය උපයා ගැනීමට මුල් තැනක් නොදී ජාත්ත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට අපේක්ෂා කරණ  නය දෙසම බලාසිටීම සහ රටේ සන්වර්ධනය සඳහා විදේශ ආයෝජන කෙරෙහිම  රැඳී සිටීම වැනි කරුණු දෙස විමසිල්ලෙන් බලන විට පැහැදිලිවන ප්‍රධාන කරුණ නම් ජේ.ආර්.මෙන්ම මොහුද  රටේ ආර්ථිකයේ පදනම වන දේශීය ගොවිතැන සහ කර්මාන්ත දියුණු නොකර සියලුදෙයක්ම පිටරටින් ගෙන්වන විවුර්ථ ආර්ථික ප්‍රතිපත්තියේම එලඹ  සිටින බවය. එම ප්‍රතිපත්තියේම එල්බ සිට කිසි දිනක රටක් සන්වර්ධනය කළ නොහැක. 1977 සිට අද දක්වා සිදුව ඇත්තේද මේ ඛේදවාචකයමය

2023 අපේක්ෂිත ආදායම් සහ වියදම් ඉලක්ක යථාර්තවාදි නැත

2023 අපේක්ෂිත ආදායම (ප්‍රදානද සමඟ) රු. බිලියන 3415. (කෝටි තුන්දහස් හාරසිය පහලවයි.  ඇස්තමේන්තුගත වියදම රු. බි.5819 (කෝටි පන්දහස් අටසිය දහනමයයී. වෙනස රු බි 2404කි. (කෝටි දෙදහස් හාරසිය හතරකී).සාමන්‍යයෙන් අපේක්ෂිත ආදායම ලබාගැනීමට බලපොරුත්තුවන්නේ ආදායම් බදු සහ ප්‍රදාන වලිනි. අපේක්ෂිත ආදායම මෙන්ම ප්‍රදානද අපේක්ෂිත ප්‍රමාණයන් විවිධ හේතූන් නිසා නොලැබෙන නිසාත් වැය පක්ෂය නිතරම වැඩි වන නිසාත් අය සහ වැය අතර පරතරය තවත් වැඩිවන බැවින් අනිවාර්‍යෙන්ම අය සහ වැය අතරය පරතරය රු බි 2404 (කෝටි දෙදහස් හාරසිය හතරට) වැඩිවනු ඇත. මේ අනුව අවසානයේ, පේනතෙක් මානයේ වැයම මිස අයක් නැතී මෙම මර උගුල පිළිබඳ අදහස් කීපයක් රටට සහ ජාතියට ආදරයක් ඇති අයගේ සහ පොදු මහජනයාගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීම මැනවයි සිතුණු බැවින් මෙම අදහස් කීපය ලියාතැබීමට මම අදහස් කළෙමි.

නියම ජාතික නායකයෙක් සිටීයේ නම්  ශ්‍රී ලන්කාව සතු අසීමිත ස්වාභාවික හා මානව සම්පත් ඇතුළු ස්වාභාවික සවුන්ධර්ය,  සන්ස්කෘතික වටිනාකම් මෙන්ම වර්ග කිලොමිටර් මිලියන 70.56 ක වපසරියක් ඇති ඉන්දියන් සාගරයේ මුහුදු කලාපයකට විවුර්තව තිබීම(බෙන්ගාල බොක්කේ සිට දක්ෂින ද්‍රවය දක්වා සැ 7779 සහ බ්ටහිරින් අප්‍රිකාවේ සිට නැ.ඕස්ට්‍රේලියාව දක්වා සැ 8674 තිබීම සහ  ලෝක ගෝලයේ හරි මැද පිහිටීම නිසා මේ රටට ලැබී ඇති වානිජමය සහ යුධෝපක්‍රම සිල්පීය වසයෙන් ඇති අසාමාන්‍ය වටිනාකම අනුව මේ රට සාමාන්‍ය තත්වයට පත්කිරීම වසර 1 ක් තුලද  වසර 25ක් තුල අනිවාර්යෙන්ම ආසියාවේ පලමු රට බවටද මේ රට පත්කළ හැක. මේ රටට වඩා සෑම අතින්ම සම්පත් වලින් අඩු සින්ගප්පූරුව සහ මැලේසියාව වැනි රටවල ලී ක්වාන් යු සහ මහතිර්‍ර් මොහොමඩ් වැනි ජන නායකයින් කීවේ වසර 10 කින් ඒ රටවල් සන්වර්ධිත රටවල් කරන බව්ය. එසේම ඔවුන් එය කළ බවද මුලු ලෝකයම හොඳාකාරවම දනි. ඒ අනුව සන්වර්ධිත ලෝකයේ කිසිම රටකට නොමැති ස්වාභාවික හා මානව සම්පත් ඇති රටක් වන ශ්‍රී ලන්කාව සන්වර්ධිත රටක් කිරීමට තවත් අවුරුදු 26 ක් බලාසිටිය යුතුයයි කීම මොනතරම් විහිලුවක්දැයි මටනම් නොතේරේ.

තවද පවතින තත්වයෙන් රට ගොඩගැනීමට ඩොලර් බිලියන 7ක් අවශ්‍යය බවද එය සොයාගැනීමට හැකිනම් ඕනෑම දෙයක් විකිනීමට තමා පසුබට නොවෙන බවද ජනාධිපතිවරයා පවසා තිබීමෙන්ම ඔහු තුල මේ රටේ අනාගත ආර්ථික සන්වර්ධනය පිළිබඳ නිවැරදි දැක්මක් නැති බවද, ඔහුතුල රටට හා ජාතියට ඇති ආදරයේ ප්‍රමාණයද මැනවින්ම පෙනේ.

යෝජිත මෙම භයානක වැඩපිළිවෙල යටතේ ටෙලිකොම් සහ ශ්‍රී ලන්කා රක්ෂන සන්ස්ථාව ඇතුලු ලාභ ලබන රාජ්‍ය අයාතන රැසක් විකිනීම කිරි එළදෙන විකුනාදමා කිරි නැති එළදෙන තබාගැනීම හෝ එහෙමත් නැතිනම් රන්බිජු දාන කිකිළිය විකුනා බිජු නොදමන කිකිළිය තබා ගැනීම වැනි වැඩක් නොවේද.ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී රජය කලයුත්තේ ලාභ ලබන ආයතන කීපයද විකුනාදැමීම නොව පාඩු ලබන ආයතනද ලාභ ලබන ආයතන බවට හරවා ආර්ථිකය නන්ග්වා ජාතික ආදායම ඉහල දැමීම නොවේද. රජයේ පැත්තෙන් පාර්ලිමේන්තුවේදී පමණක් නොව  හීනෙන්පවා ප්‍රකාෂ වන්නේ මුදල් ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරනලද අයවැය කතාව මෙතෙක් මේ රටේ ඉදිරිපත්වූ විශිෂ්ඨතම අයවැය වෂයෙනි. එසේ ප්‍රකාශකරන අයගේ මොලය පරීක්ෂා කළැයුතුයයි මම සිතමි. ස.ජ.බ. අතැමුන්ද මේ අයවැයේ ගුණ ගායනා කරනු පෙනේ. ඔවුන් එසේ කරණුයේ අනාගත ඇමතිකම් බලාගෙන විය යුතුය.

එසේ වුවද මේ දෙපක්ෂයටම නැති අයෙකුගේ ඇසින් බලන සාමාන්‍ය පුරවැසියෙකු වෂයෙන් මට මේ අයවැය පෙනෙන හැටි පහත සඳහන් පරිදි වේයයි මම සිතමි.

1.මේ අය වැය කථාව සදාකාළිකව වැඩිවන වැයක් පිළිබඳ අනාවැකියක් බඳු ප්‍රභන්ධයක් මිස පේනතෙක් මානයේ රටට හෝ ජනතාවට සවුභාග්‍යක් උදාකරන වැඩ පිළිවෙලක් නොවේ. එසේම අද රට වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩගැනීම සඳහා නිස්චිත හා පැහැදිළි යෝජනාද එහි අඩන්ගු නැත.

2.මෙය මූලික වෂයෙන් පදනම් වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේශි මතය. එසේම 1505 සිට සිදුකළ පරිදි ඉදිරියටත්  මේ රටේ සම්පත් සූරා කමින් බටහිර අදිරාජ්‍යවාදින්ගේ රටවල් පොහොසත් කරගැනීමේ පදනම අනුව මිස මේ රටේ ආර්ථික සන්වර්ධනය පදනම් කරගත් සිත්ධාන්තයන් මත නොවේ

ලෝක බැන්කුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ඊනියා ජාත්‍යන්තර ආයතන, අමෙරිකාව,බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව ජර්මනිය ,ප්‍රන්ශය, ඉතාලිය  සහ බටහිර අනුගාමිකයකුවන ජපානය වැනි රටවල මුදලින් යැපෙන එසේම ඔවුන් විසින් පාලනය කරණු ලබන එසේම ඔවුන්ගේ වත්කම් තර කෙරෙන ආයතනයකින් අපගේ රට වැනි රටක් සන්වර්ධනය කිරීමක් කිසිසෙත්ම අපේක්ෂාකළ නොහැක.

3අයවැය හිගය පුරවාගැනීමට පහසුම ක්‍රමයක්වන 2015 සහ 2016 දී මහබැන්කු හොරකමෙන් සොරාගත් මුදල් මෙන්ම මේ රටේ ඇතැම් දේශපාලකයින් විසින් පිටරට්වල තැන්පත් කර ඇතැයි කියන මහා ධන්ස්ඛන්ධයන් ආපසු ලබාගන්නා ක්‍රමයක් පිලිබඳ කීසිදු යෝජනාවක්ද මෙහි ඇතුලත්කොට නැත.

4.1987 සිට මේ දක්වා ජාතික ධනය කෝටි ප්‍රකෝටි ගනනින් විනාශකල,දැනටත් විනාශකරන ජාතියේ ලොකුම සුදු අලියෙකුවූ එසේම මේ රටේ පැවති විසිෂ්ඨ දිස්ත්‍රික් පාලන ක්‍රමය විනාශකොට  මේ රටේ සමස්ත පරිපාලනයම විනාශකල පලාත් සභා අහෝසිකිරීමෙන් ඉතිරිකරගත හැකි මහා ධනස්කන්ධයද රටේ සන්වර්ධනයට යොදාගන්නා යෝජනාවක්ද මෙහි නැත.

5 රාජ්‍යසේවයේ මෙන්ම දේශපාලනයේ ඇති අතිරික්තයන් ඉවත් කිරීමෙන් ඉතිරිකරගත හැකි අති විශාල මුදල් කන්දරාව ගැනද මෙහි කිසිදු සඳනක් නැත

6 රාජ්‍යසේවයේ මෙන්ම දේශපාලනයේ සිදුවන නාස්තිය,දූෂනය සහ වන්චා නැතිකිරීම ගැනද කිසිදු සඳහනක් මෙහි නැත

7 අනවස්‍ය රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු සන්ස්ථා ආදිය වසා දමීමෙන්ද ඉතිරිකරගත හැකි ක්‍රම ගැනද කිසිදු සටහනක් නැත

8.රාජ්‍යසෙවයේ මෙන්ම දෙශපාලන්යේද කාර්‍යක්ශමතා නැන්වීමෙන් සහ  කාර්‍යඵලය වැඩිකර ගැනීම පිළිබඳවද යෝජනා කිසිවක් නැත

9වෙනත් රටවල මෙන් දේශපාලක්යින් සහ රජයේ සේවකයින් ඇතුලු සියළු දෙනාගෙන්ම ආදායම්බදු අයකර ගතයුතු වුවද ඒ ගැනද කිසිදු සඳහනක් නැත.

10 සියළුම රාජ්‍ය ආයතන තුල දැඩි මූල්‍ය කළමනාකරනය සහ පාලනය ඇහිකිරීම තුලින් රජයේ වියදම් අඩුකර ගැනීම ගැනද කිසිදු සටහනක් නැත.

11පලාත් සභා සහ අතිරික්ත ප්‍රාදේශීය සභා අහෝසිකිරීමෙන් ඉතිරිකරගත හැකි ධනස්ඛන්ධය ගැනද  සඳහනක් නැත

12 වර්තමානයේ රාජ්‍යසේවයේ කාර්‍යක්ෂමතාව සහ විනය පවත්වාගෙන යාමට නොහැකි  වීමට ප්‍රධාන හේතුවක් වී ඇති පහල ශ්‍රේණිවල ජයේ සේවකයින්ට දේශපාලන අයිතිය දීම  (චන්දය ප්‍රකාශකිරීමේ අයිතිය හැර ) අහෝසි කිරීමටද යෝජනාකොට නැත.

13.දිස්ත්‍රික් පාලනය නැවතත් මේ රටේ පාලන තන්ත්‍රයේ සහ සන්වර්ධන ක්‍රියාවළියේ ප්‍රධාන යාන්ත්‍රණය වන පරිදි දිසා පාලනය ප්‍රති වියුහගත කිරීම සහ ප්‍රති සන්විධානය කිරීම ගැනද  සඳහනක් නැත

14 වාර්ෂිකව මේ රටේ වගාවන්ට අලින් මොනරුන්, රිලවුන් , වල් ඌරන් වැනි වනසතුන්ගෙන් සිදුවන බිලියන 54 ක පමණ හානිය වලක්වා ගැනිමේ ක්‍රමයක්ද  දක්වා නැත

තවද

15.සමුර්ධිය වැණි සහනාධාර ක්‍රමයන්ත්ල ඇති  හුදු පරපෝෂිත ආකල්පය නතරකොට ඒ තුලින් රටේ සන්වර්ධනයට උපකාරවන වැඩ පිලිවෙලක් යෙදීම

16 විදේශ විනිමය උපයා ගැනීමේ ක්‍රම යක් වශයෙන් සුද්දන් විසින් හඳුන්වාදුන් තේගස දෙසම බලා නොසිට බෙලි,රනවරා, ඉරමුසු, පාවට්ට, වැනි දේශීය පාන වර්ග නිශ්පාදනය කිරීම ගෘහ කර්මාන්තයක් වෂයෙන් ආරම්භ කිරීම

17 දැනට වාර්තාවී ඇති පරිදි විදුලිබල මන්ඩලයේ මස 3ට පාඩුව රුපියල් කෝටි 4331 කි. එය අඩුකර ගැනීමට විදුලිබල මන්ඩලයේ පාලනය විධිමත් කිරීම, අධික වැටුප්, අතිකාල දීමනා සහ පාරිතෝශික දීමනා ආදිය පාලනය කිරීම. සහ සුලන්,සූර්‍යතාපය වැනි විකල්පවිදුලි බල නිශ්පාදන  ක්‍රම සහ රටට අවස්‍ය විදුළි බලය වැඩි කිරිමට හැකි  කුඩා ජල විදුලිබලාගාර  කඳුරට පුරා සහ වියළි කලාපයේ වැව් සොරොව් ආශ්‍රිතව ආරම්භ කිරීම වැනි යෝජනාද නැත

18ග්‍රාමිය මට්ටමේ  නව රැකියා ඇතිකිරීමේ දීප ව්‍යාප්ත  වැඩ පිලිවෙලක්  තුලින් කෘෂිකර්මය, සත්ව පාලනය සහ මීමැසි පාලනය, කුඩා කර්මාන්ත  (අත්යන්ත්‍ර රෙදි සහ බලවේග  රෙදි කර්මාන්ත ශාලා වැනි  ව්‍යාපාරයක් රට පුර ආරම්භ කිරීම වැනි යෝජනාද නැත.

19මහපොල ශිස්‍යත්ව ක්‍රමය උපාදි හමාරකොට රැකියාවකට ගිය පසු ආපසු ගෙවන ණය ක්‍රමයක් බවට පරිවර්ථනය කිරීම ගැන සලාක්බලා නැත

20.ඩොලර් අර්බුධය ලිහිල්කර ගැනීමට මහෝපකාරිවිය හැකි විදේශගතව රැකියාවන් කරන ලාන්කිකයින්ගෙන්  මාස් පතා ලබාගන්නා ඩොලර් අරමුදලක්  මහබැන්කුවේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ජාතිය ගොඩනැගීමේ අරමුදල නමින් ආරම්භ කිරීමේ”යෝජනාවක්ද නැත

.(මේ සන්දහා සුවිශේෂ පොලියක් ලබා දීම සහ බන්කුවට සුදුසුයයි හැඟෙන වෙනත් වරප්‍රසාද ලබා දීම ඇතුලත් විය යුතුය. ඊට අමතරව මුදලෙහි සුරක්ෂිත භාවය මහ බැන්කුව වින්සින්ම  සහතික කළයුතුය.).

21 රටේ සමස්ත ජනතාව තුලම නාව ජාතික පුනර්ජීවනයක් ඇති කිරීම සන්දහා පුළුල් වැඩ පිළිවෙලක්ද ඇතුලත් කර නැත.

22රටේ ජනතාව අධික වියදමින් තොර චාම් ජීවිතයකට පුරුදු කිරීම තුලින් රටේ මුදල් ඉතිරිකර ගැනීම (උදාහරණයක් වශයෙන් මේ රටේ දේශගුනයට කිසිසේත්ම  නොගැලපෙන  එසේම අධික මිලැති  ටයි, කෝට්, දෙපා වැසුනු සපත්තු වලින් වැලකි වියදම් අඩු රටට ගැලපෙන චාම් ඇඳුමක් භාවිතා කිරීමෙන් දැනට රට ඇදී යන ඩොලර් කෝටි ගානක් ඉතිරිකරගත හැක.

23දැනට ක්‍රියාත්මක්වන විදේශ ගෘහ සේවා ක්‍රමය හැකිපමණ ඉක්මනින් තහනම්කොට ඒ වෙනුවට වුර්තීයකයින් යැවීමේ වැඩපිලිවෙලක් කඩිනමින් ආරම්භ කිරීම සහ ඊට් අව්ශ්‍ය තාක්ශනික පාඨමාලා විශ්ව විද්‍යාලවල සහ අනෙකුත් තාක්ශනික ආයතනවල ආයතනවක් කඩිනමින් ආරම්භකිරීම වැනි යෝජනාද නැත

24ජාතික ධනය කාබාසීනියා කරණ ජනතා පාර්මාධිපත්තිය විහිලුවකට පත්කොට ඇති පාර්ලිමෙන්තුවේ ජාතික ලැයිස්තුව අහෝසිකොට පාර්ලිමෙන්තු ආසන සන්ක්‍යාව 165 දක්වා අඩුකිරිම් වැනි සරළ යොජනාද නැත

25.රටේ පූර්ණ නිදහහස, බහුමික අඛන්ඩතාව, ඒකීය භාවය, ස්වාධීනත්වය සහ ජනතාවගේ පරමාධිපත්ත්‍ය ආරක්ශා කිරීම සහ රට කෑලිවලට බෙදීම  නැවතීම සඳහා 13 වන ආණ්ඩු ක්‍රම විවස්ථාව සහ පලාත් සභා අහෝසිකිරීම සහ 1987 ට පෙර පැවති දිස්ත්‍රික් පාලනය ප්‍රති සන්කරණය කොට දිස්ත්‍රික්කය ප්‍රදේශය සහ ගම මේ රටේ පරිපාලනයේ සහ සන්වර්ධනයේ මූලික පදනම බවට පත්කිරීම වැනි ජනතාව ඉල්ලාසිටින වැදගත්  යෝජනද නැත

තවද කිවයුතු විශේෂ කරුනක් ඇත.

 එනම් ප්‍රථමයෙන්ම පොදු පෙරමුනේ 1919 ජනාධිපති මැතිවරණ ප්‍රකාශයේ අඩන්ගු ප්‍රතිපත්ති රාමුවෙන් බැහැරව වර්තමාන ජනාධිපතිවරයාට ක්‍රියා කළ නොහැකිවීමයි. මන්ද රනිල් අගමැති වශයෙන් පත් කළේ එ ප්‍රතිපත්ති මත ජනතාවරමක් ලබාගත් ගෝඨාභය විසිනි.

දෙවනු ගෝඨාභය ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එවකට සිටි අගමැතිවරයා වූ රනිල් වික්‍රමසින්හ ජනාධිපති වරයා වශයෙන් ප්ත්වූයේද 2020 පොදු පෙරමුනේ මැතිවරණප්‍රකාශයෙන් ජනවරමක් ලබාගත් මහජන නියෝ ජිතයින් විසින්මය. එමනිසාද එම මැතිවරණ ප්‍රකාශයේ අඩන්ගු ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියා කිරීමට ජනාධිපති වරයාට මහජන වරමක් නැත යනුමගේ අදහසයි. එබැවින් 2019 සහ 2020 මැතිවරණ ප්‍රකාශ වල අඩන්ගු ප්‍රතිපත්ති වලින් බැහරව ඔහුට ක්‍රියා කළහොත් ඔහු ජාධිපති වරයා වශයෙන් පත්කරගත් පර්ලිමෙන්තුවට ඔහුට විරුද්ධව දෝසාභියෝගයක් ගෙන ආහැක යනු මගේ විශ්වාසයයි. එබැවින් එකී රාමුව තුල පමණක් ක්‍රියාකොට තීන්දු තීරණ ගැනීමට පියවර ගැනීමට ඔහු නීතියෙන් හා සම්ප්‍රදායෙන් බැඳී ඇතැයි මම සිතමි. එසේ නොකලහොත් 69 ලක්ශයක, විශේෂයෙන්ම මේ රටේ සැබෑ භූමිපුත්ත්‍රයින් වන සින්හල බෞද්ධ ජනමතයට එරෙහිව ක්‍රියාකල පුද්ගලයකු වශයෙන් ඔහු ඉතිහාස ගතවනු ඇත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress