වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයෙන්ශ්‍රී ලංකාවට ඖෂධ පරිත්‍යාගයක්..
Posted on November 28th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉල්ලීම පරිදි මෙරටට පරිත්‍යාග කෙරුණු එම ඖෂධ තොගය අද දින  (2022.11.28) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දුන්නේය.

 අදාල  ඖෂධ තොගය කඩිනමින් ඖෂධ හිඟ රෝහල වෙත බෙදා හැරීමට ක්‍රියා කෙරෙයි.

මෙම අවස්ථාවට වියට්නාම් තානාපති (Ho thi thanh truc)හෝ තායි තාන් ට්‍රක්, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහ ඇතුළු නිලධාරීහු පිරිසක්  එක්ව සිටියහ.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress