Global Tamil Eelam Project: No homeland for Jaffna fish!
Posted on December 5th, 2022

C. Wijeyawickrema

ලංකාවේ ඊළම් හීතල හොරුන් තුන් දෙනෙක් ගැන කලින් ලිපියේ සඳහන් කරණ ලදී. DBSJ, රාසමානික්කම් හා නිර්මලා යන තුන්දෙනා තුන් ආකාරයකට ඊළම් ඉණිමඟේ නඟිමින් සිටී. ඊළම් බට්ටන් විසින් වෙන් වෙන්ව ක්‍රියාත්මක කරන්නේ සංවිධානාත්මක සැලැස්මකි. මේ තුන්දෙනාගේ හැසිරීම මීට හොඳ උදාහරණයකි. මේ මාතෘකාව ගැන ලිවීම මට එපාවී ඇතත් එය සිංහල ජනයාට පෙන්වාදීම මගේ යුතුකම යයි සිතමි. DBSJ ගේ උප්පරවැට්ටියවූයේ බොරු උසාවි තීන්දුවකට හුස්ම පිඹීමය. මම එය ඔහුට ඊමේල් කර යැවුවෙමි. ඔහුට ඕනෑනම් ලංකාවෙබ් එකට ඒ ගැන ලිවිය හැකිය.

මේ දෙවැනි ලිපිය රාසමානික්කම්ගේ ගේම් එක ගැනය. මොහු සුමන්තිරන්ට වඩා හොඳින් සිංහල කතාකරණ නිසා මොහුට දකුණේ මාධ්‍යකාරයින් ඉහළින් සළකයි. මොහුගේ සීයා චෙල්වනායගම් සමඟ 1949 දී දෙමළ ක්‍රිස්තියානි එකතුවක් ලෙස දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටුවා ගත්තේ, 1922/3 දී  පොන්නම්බලම් අරුණාචලම්  විසින් ආරම්භකල ලෝක දෙමළ පෙඩරේෂන් එකක් සැදීමේ තීරණය අනුව යමින්ය (1962 රාජ්‍ය විරෝධී කුමණ්හ්‍රණයද සිංහල දෙමළ ක්‍රිස්තියානි වැඩකි. එය අන්තිම මොහොතේ වැලැක්වූයේ සිංහල බෞද්ධ පොලිස් නිලධාරී ස්ටැන්ලි සේනානායක විසිනි).

චෙල්වා ත්‍රිකුණාමළ වරාය නේරුට දීමට කැමැත්ත පල කලේය. ද්‍රවිඩ නාඩුවක් හදාගැනීමේ ව්‍යාපාරයේ ආරම්භයේ සිටම ලංකාවේ මලබාර් වැසියන් මැඩ්‍රාස් ප්‍රාන්තය හා බැඳී සිටියේය. 1911(?) කොළඹ ආසනයේ චන්දයට කරාවේ කළුසුද්දා පරාජය කිරීමට ගොවිගම කළුසුද්දන් විශ්‍රාම ගෙන මැඩ්‍රාස්වල සිටි පොන්නම්බලම් රාමනාදන්ව ගෙන්නා ගත්තේ ඒ නිසාය.

දැන් රාසමානික්කම් කොළු ගැටයා China Go Home කියමින් පෙලපාලි යන්නට හදන්නේ රට බේරා ගැනීමටලු. ඊළම් බට්ටන් නැති එකම රට චීනය පමණක් යයි මම සිතමි. 13-A ට විරුද්ධව 2005 දී සිටම මතයක් ප්‍රකාශකල එකම රටද චීනයය.  චීනය බලෙන් සල්ලි දුන්නේ නැත, චීන ණය ගත්තේ සිංහල දේශපාලකයින්ගේ මෝඩකමට හා තන්හාවටය. අරගලය සඳහා රාසමානික්කම් කෙළින්ම උල්පන්දම් දුන්නේය, කොළඹ දෙමළ ජනයාට ඊට හවුල්වන ලෙස ඔහු ඉල්ලා සිටියේය. ත්‍රස්තවාදී පණතට විරුද්ධව ඔහු  සුමන්තිරන් සමඟ ඇවිද්දේය.

එහෙත් ඉහතින් පෙන්වන සිතියම් දෙක දෙස බලන්න. ටැමිල්නාඩ් ධීවරයින් උතුරු මුහුදේ මාළු අල්ලාගැනීම අමතක කල හැකිය. හේතුව මාළුන්ට රාසමානික්කම්ලාට මෙන් ලංකාවේ හෝම්ලන්ඩ් නැති නිසාය. නමුත් ලංකා මුහුදේ පතුල පවා හූරාගෙන ලංකා මුහුද විනාශ කිරීම බරපතල අපරාධයකි. මේ ගැන රාසමානික්කම්වත්, අනිත් කිසිම දෙමළ මන්ත්‍රීකෙනෙක්වත් දියවන්නා හෝටලයේදීවත් වචනයක්වත් කතා නොකරන්නේ ඇයි. රාසමානික්කම් වීරයා රටත්, මුහුදත්, යාපනේ ධීවරයාත් පාවා දෙන්නේ ඊළම් පාර සඳහා ඉන්දියාව පෙඩරල් ලබා දෙන්නට පෙනීසිටින නිසා නොවේද?

ඒ සඳහා පෙලපාලි යන ධීවරයින්ට මැරප්‍රහාර එල්ල කරන්නේ රාසමානික්කම්ලා නොවේ නම් ඒවා වැලැක්වීමට රාසමානික්කම් ක්‍රියාකල යුතු නැද්ද?

රාසමානික්කම්ලා ලැජ්ජා වියයුතු කරුණ නම්  නාගානන්ද කොඩිතුවක්කු මේ ගැන සුප්‍රිම් උසාවියේ නඩුවක් පැවරීම ගැනය. දකුණේ සිංහල මිනිහෙක් උතුරේ පීඩිත ජනතාව වෙනුවෙන් හා රටේ මුහුද වෙනුවෙන් නොමිලේ පෙනී සිටී. උතුරේ ජනයා වෙනුවෙන් ඔහු පෙනී සිටි මුල්ම අවස්ථාව මෙය නොවේ. මේ කරුණේදී මහා කරුණාවෙන් කතා පවත්වන  බ්‍රදර් චාල්ස් ද නිහඬයයාපනේ ධීවර ඇමති ඩග්ලස් දේවානන්දවත් නාගානන්දගේ උදව්වට නැත. සුමන්තිරන් පුටුවක් යටය. රනිල්ගේ ආණ්ඩුවේ කටේ පිට්ටුය.

ඊළම් ප්‍රෝඩාව වනාහි යාපනේ දෙමළ ජනතාව රවටා ඊළම් අගමැති, ජනාධිපති තනතුරු ලබාගැනීමේ අසාර්ථක උත්සාහයක් පමණය.  මෝඩ සිංහලයින් යටතේ පාලනය වීමට තමන් සූදානම් නැතැයි චෙල්වනායගම් පමණක් නොව G.G. පොන්නම්බලම්ද ඒකාලයේ කියා සිටියේය.

මීලඟ ලිපිය නිර්මලා චන්ද්‍රහසන්ගේ දමිළ බෞද්ධ නටබුන් කතාවට උත්තරයකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress