Global Tamil Eelam Project:  Nirmala Chandrahassan’s Tamil Buddhist bricks & stones
Posted on December 11th, 2022

C. Wijeyawickrema, LL.B., Ph.D

 

සිංහල නම් ඇති පෙඩරල්කාරයින් හා දෙමළ නම් ඇති ක්‍රිස්තියානි ඊළම්කාරයින් සංවිධානාත්මකව කරගෙන යන ලිපි ලිවීමේ ක්‍රියාවලිය නිසා මේ පංචස්කන්ධ ගැන සිංහල ජනයාට කරුණු එලිදරව් කිරීම මෙසේ සටහන් ඉදිරිපත් කිරීමේ අරමුණ විය. මෙය ඒ සම්බන්ධ අවසාන ලිපියය. මෙම ලිපියෙන් සළකා බලන්නේ නිර්මලා නමැති වයසක කාන්තාවක් විග්නේශ්වරන්ගේ දෙමළ බෞද්ධයා ලණුව ගිලගෙන අමාරුවේ වැටෙන හැටිය. නොහොත් චෙල්වනායගම්ගේ ඊළම් නිජබිමට විග්නේශ්වරන් විසින් එකතුකල අළුත් කොටිවලිගය ගැනය.

චෙල්වා මෙන්ම විග්නේශ් විසින්ද අහිංසක පීඩිත දෙමළ ජනයාට ගෙනදුන් දුක ගැන <විග්නේශ්වරන් දමණය> යන මාතෘකාව යටතේ ලිපි පහක්ම කලකට පෙර, 2015 මුලදී ලියන ලදී.

LankaWeb – Wigneswaran Damanaya (taming the shrew!) – Part I

බැබ්‍රි මස්ජිද් හා පොලොන්නරුවේ ශිව දේවාල දෙක

මහාචාර්ය සුනිල් ආරියරත්න මැඩ්‍රාස්වල සැඟවී සීටි කාලයේදී ක්ෂේත්‍ර ගවේෂණය කර ලියූ දෙමළ බෞද්ධයා නම් ශාස්ත්‍රීය පොත චෙල්වනායගම්ගේ නිජබිම් කතාව ඔළුවෙන් හිටවන්නට යොදාගන්නට විග්නේශ්වරන් සිතුවේය. එහෙත් ගල් ගඩොල් කැබලි වලට බොරු කියන්නට නොහැකිය. උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ අයෝධ්‍යාවේ, විෂ්ණු දෙවියන්ගේ අවතාරය ලෙස සළකණ රාමාගේ උපන් බිමේ තිබූ කෝවිල කඩා ඒ බිමේ, පසුකලක ඉස්ලාම් බැබ්‍රි මස්ජිද් නම් පල්ලිය ඉදිකර ඇතැයි යන මතයට අනුව, එක් දිනක (1992/12/6) හින්දූන් පැමිණ මොස්ක් එක බිමට සමතලා කලේය. මේ ගැන ඇතිවූ නඩුවේදී සත්‍යය සෙවීම සඳහා එම භූමිය හාරා බැලීමට තීරණය විය. සිදුවූයේ කුමක්ද? මොස්ක් එක යටින් කෝවිලක් තිබූ අතර ඊට යටින් හමුවූයේ බෞද්ධ විහාරයක නටබුන්ය! පොලොන්නරුවේ ශිව දේවාල දෙක යටින් තිබුණේද බෞද්ධ විහාර නටබුන්ය. (මක්කම ගල යට තිබෙන්නේ බෞද්ධ නටබුන්ය යන මතයක් බෞද්ධ සූත්‍ර අනුව යමින් පලකර ඇතිබව (පුන්න තෙරුණ්, මකුලාරාමය, සුනාපරන්තය, තපස්සු-බල්ලුක වෙළෙන්දන්) බොහෝ අය නොදන්නා කරුණකි).

ලංකාවේ දෙමළ නිජභූමියක් තිබෙනවා යන කතාව චෙල්වනායගම් විසින් උතුරේ වෙල්ලාල කුලයේ දෙමළ දේශපාලකයින්ට හා කොළඹ වසන දෙමළ ක්‍රිස්තියානීන්ට අටවාදුන් සැබෑම කොටි වලිගයකි. කොසොවෝ ගනයේ රටක් ගැන මැලේසියාවේ සිටි දෙමළ ජනයා ගත් උත්සාහය එරට භූමිපුත්‍ර ව්‍යාපාරය මඟින් අඩපණ කලවිට චෙල්වනායගම්ලා වැනි සංක්‍රමණික දමිළයින්ට එරට හැරදා ඒමට සිදුවිය.

ලංකාවේ ට්‍රොට්ස්කිවාදී සමසමාජකාරයින්ගේ සමතැන (parity of status) නමැති කතාවෙන් ලංකාවේ ලබාගත හැකි හිඩැස තේරුම් ගත් චෙල්වනායගම් දකුණු ඉන්දියානු පල්ලිය හරහා ලංකාවට නැවත පැමිණියේය. තවද මේ මාක්ස්වාදීන් ඉන්දියන් වතු කම්කරු ජනයා වෙනුවෙන් පමණක් නොව කොළඹ  බෝරා වෙළඳුන්ගේ ආරක්ෂාවටද ඉදිරිපත්විය. ඔවුන්ට අනුව සිංහල වෙළඳුන් ගැන කතාකල  ගුණසිංහ ජාතිවාදී ප්‍රතිගාමියෙක් විය. ආරම්භයේදී මේ සියළුම ඊළම්කාරයින් සමසමාජ පක්ෂයට චන්දය දුන් අයවිය.  විග්නේශ්වරන් හොඳම නිදසුණය.

චෙල්වාගේ කාලයේ සිදුවූයේ බණ්ඩාරණායක (1957) හා ඩඩ්ලි සේනානායක (1965) රවටා, සුද්දන් විසින් කෘතිම ලෙස මායිම් කල උතුරු හා නැඟෙනහිර පලාත් දෙක ලබාගැනීමේ උත්සාහයකි. දෙමළ නිජ බිමක අයිතිකරුවන් යයි කියන කල්ලියකට ඉඩම් බලතල දෙන්නේ මොන මෝඩයාද?  ඩඩ්ලි හා ජ්‍ර විසින් ගැසූ ගිවිසුම විශ්මය ජනක අසාධාරණ රට ජාතිය පාවා දීමකි. 1976 වඩ්ඩුකෝඩ්ඩෙයි ජරමරයේදීවත් ටැමිල්නාඩ්වලට සමානම තවත් ලෝක දෙමළ නිජභූමියක් ලංකාවේද තිබෙනවායයි ශාක්ෂි ඉදිරිපත් කිරීමට ඔවුන්ට නොහැකිවිය.  ඒ සඳහා පට්ටගැසූ  එකම එක ශාක්ෂියවූයේ ක්ලෙග්-හෝන්ගේ මලබාර් ඉන්හැබිටන්ට් සම්බන්ධ මිනිට් එකය.

ක්ලෙග්-හෝන් විසින් සිය වලිගේ පාගත්  හැටි පසුකාලීන ලේඛකයින් පෙන්වාදී ඇත. ඊළම් මිථ්‍යාව  ගැන දිගින් දිගටම ලංකාවෙබ් වෙබ් අඩවිය හරහා තර්කාන්විතව කරුණු ඉදිරිපත් කරණ සේනාලි වඩුගේ සුද්දන් තුන්දෙනෙකුගේ ලේඛණ වලින් අඩුතරමින් ලංකාවේ මලබාර් නිජබිමක්වත් නොපැවතිබව නොබෝදා පෙන්වා දුන්නේය.

LankaWeb – 3 Britishers debunk Tamil Homeland myth

දෙමළ නිජභූමිකාරයින්ට මුහුණ දීමට සිදුවූ එක් අකරතැබ්බයක් නම් ඉස්ලාම් මුස්ලිම් ජනකොටසක් සිය දෙමළ නිජබිමේ සිටීමය. මේ නිසා චෙල්වනායගම් විසින් <දෙමළ ජනයා> යන්න වෙනුවට <දෙමළ කතාකරණ> ජනයාගේ නිජබිම යයි සංශෝධනයක් දැම්මේය. මැත් ප්‍රොපෙසර් සුන්දරලිංගම් විසින් පහත් කුලවල ජනායාගෙන් යාපනේ කෝවිල් අපවිත්‍රවිම (caste pollution) වලක්වන්නට යකා නටද්දී චෙල්වනායගම්ලා නිහඬව සිටියේය. ඊට හේතුව වුයේ ඔවුන්ගේ ක්‍රිස්තියානි පල්ලි වලද කුලහීන යයි සළකණ ජනයාට වාඩිවිය හැකිවූයේ බිම හෝ බංකුවල වීමය.

දෙමළ නිජබිම ඇතුලේ ඉන්දියාවේ පොන්ඩිචෙරි ක්‍රමයට අනුව කාවුන් කෑවා වැනි හිඩැස් ඇතිවීම ගැන චන්ද්‍රිකා පැකේජ් ඩීල් කාලයේදී (1995-2000) නීලන් තිරුචෙල්වම් විරුද්ධ විය. භාෂාව වෙනුවට ආගම තෝරා ගනිමින් මුස්ලිම් නායකයින් දෙමළ නිජභූමිය දෙදරවා දැම්මේය. ඔළුවිල් ප්‍රකාශණය එහි සළකුණය. අශ්‍රොෆ් ප්‍රභාකරන්ට කොකා පෙන්නුවේය. මේ නිසා ප්‍රභා මුස්ලිම් ජනයා නිජබිමෙන් නෙරපුවේය.

1977 වන විට චෙල්වා තම නිජබිම් කතාවෙන් හෙම්බත්වී සිටියේය. ඔහු සිය බොරු ගාන්ධි වෙස්මුහුණ ගලවා දැම්මේ මිනීමරුවෙකුගේ පිළිරුවට මල්මාලයක් දමාය. එසේ කර ඊළම් සටන දෙවියන්ට (God) භාර දුන්නේය. ප්‍රභාකරන් දෙමළ දෙවියා, ගැලවුම්කාරයා, විය. ඔහු තාමත් ජීවත්වනවා යයි සිතන අය පවා සිටී! එරික් සොල්හයිම්, හිලරි ක්ලින්ටන්, රොබට් බ්ලේක්, බැංකි මූන් පමණක් නොව, 2010 චන්දයේදී සරත් ෆොන්සේකා පවා තම ගැලවුම්කාරයින් (ඩුප්ලිකේට් මෝසස්ලා) සේ ඊළම්කාරයින් සැළකුවේය.

මෙසේ අන්දමන්දව සිටින TNA ඇතුළු ඊළම්කාරයින්ට උතුරේ පීඩිත දෙමළ ජනයාගේ විරෝධය ආවේ යුද හමුදා යහපත් ක්‍රියාකලාපය හරහාය. යාපනේ චේ ගුවේරා මෙන් අරුන් සිද්ධාථන් නම්  තරුණයා ඊළම්-ඉන්දියන් කුමණ්ත්‍රනයට අභියෝගයක්ව සිටී. හින්දු-බෞද්ධ මිත්‍රත්වය වැඩිවෙමින් පවතී. දකුණේ මෙන්ම උතුරේද පක්ෂ දේශපාලකයින්ගේ චන්ද පදනම දියවෙමින් පවතී.

දෙමළ බෞද්ධ නටබුන් හා දිවයින පුරා විසිරී ඇතැයි විග්නේශ් විසින් කියන ශිව ලිංග පහක් පටලවාගෙන නිර්මලා හා විග්නේශ්ලා දඟලන්නේ චෙල්වා විසින් සිය ජීවිතයේ අන්තිම කාලයේදී දෙවියන්ට භාරදුන් කාර්යය, අතීත ගල් කැබලි හරහා ඉෂ්ට කර ගත හැකියයි සිතාය. මෙහිදී පවා ඔවුන් ප්‍රදර්ශනය කරන්නේ දෙබිඩි මෝඩ හැසිරීමකි.

නිර්මලා යනු අරටු ක්‍රිස්තියානි නාගනාදන්ගේ දුවය. ක්‍රිස්තියානි චෙල්වනායගම්ගේ පුතාගේ බිරිඳය. ඇය මේ වනවිට බෝන් අගේන් ආගමේද, නැත්නම් මැරිලා ඉපදිලා දේශපාලන වාසියට කතාකරණවාද යනු සැක සහිතය. දුප්පත් දෙමළ ජනයා සිංහල ඉගෙන ගැනීම වැලැක්වූ මේ කොළඹ පවුල් සිය දරුවන්ට සිංහල ටියුෂන් ලබා දුන්නේය. රධිකා කුමාරස්වාමි මෙන් මේ නිර්මලාලාද දකුණෙන් සියළුම වරප්‍රසාද ලබාගෙන යටිහිතෙන් ඊළම් සිහින මැවූ අයය. R. පාස්කරලිංගම්, ඔහු විසින් අල්ලේ නටවමින් සිටි ප්‍රේමදාසට බෝම්බය ගැසුදා රෑම ඕස්ට්‍රේලියාවේ ඊළම් ගුලට පැනගත්තේය. යළි ආවේ රනිල් අගමැතිගේ උපදේශක ලෙසය. දැන් ඔහු නැවතත්  එරික් සොල්හයිම් සමඟ කොළඹදැයි නොදනිමි.

විග්නේශ් ගැන සිතා බලන්න. සමසමාජකාරයෙක්වූ ඔහු නඩුකාරයෙක්ව සිටියදී දෙමළ විත්තිකරුවන් ඔහු වෙනුවට සිංහල නඩුකාරයින් පැතුවේය. මොහු උතුරේ මහඇමති කරන්නට මහින්ද රාජපක්ෂ හා දයාන් ජයතිලක  සිතුවේ ඔහු  මධ්‍යස්ථ දෙමළ  මතධාරියෙක් කියා සිතාය. එහෙත් සිදුවූයේ කුමක්ද? පුද කොටම කාපි යකා කිව්වා මෙන් ඔහු දෙමළ ජෙනොසයිඩ් යෝජනා ලෝකයට බෙදා හැරියේය.

සුනිල් ආරියරත්න ගේ දෙමළ බෞද්ධයා  පොත තමන්ගේ ගැලවීම සඳහා යොදා ගැනීම සමාන කල හැක්කේ මීට පෙර භාවිතාකල ක්ලෙග්-හෝන්ගේ මිනිට් එක සමඟය.  සිරිසේන  ජනාධිපතිගේ උතුරේ ආණ්ඩුකාරයාවු (දැන් අධ්‍යාපන රාජ්‍ය ඇමති) සුරේන්  රඝුවාන්ද කලක් මේ දෙමළ බෞද්ධයා ලණුව අල්ලගෙන සිටියේය. දෙමළාට බුද්ධාගම අකැපද කියා අසන්නට තරම් ඔහු අන්ධ විය. මා සමඟ කැනඩාවේ ඉගෙන ගත් ප්‍රභාකරන්ගේ නෑයෙක්වූ තවත් ප්‍රභාකරන් කෙනෙක් 1979 දී මට කිව්වේ ඔවුන්ට යාපනේ වෙසක් නිවාඩුවක් අනවශ්‍ය බවත්, කහ සිවුරු දමාගත් හාමුදුරුවරු උතුරේ සැරි සැරීම ඔවුන්ට හිසරදයක් බවත්ය.

ශිව ලිංග පහ

ශිව ලිංග පහක් මඟින් විග්නේශ්වරන් විසින් නිජ භූමි කතාව ඔළුවෙන් හිටවා ඇත. දෙමළ බෞද්ධ නටබුන් කතාව හරහා නිර්මලාද මෙම සූත්‍රයට අසුවී ඇත. මේ අනුව:

 (1)  බුදුහාමුදුරුවන් ලංකාවට තුන් වරක් වැඩියා යන කතාවට නොදෙවෙනි වන සේ විග්නේශ්ට අනුව ශිව ලිංග පහක් ලංකාවට <වැඩමවා> ආශිර්වාද (blessed) කර ඇත. මේ අනුව මුළු දිවයිනේම මුල් අයිතිකාරයෝ ශිව ආගම ඇදහූ දමිළයින්ය. (දමිළ යන වචනය තිබෙන්නේ මහාවංශයේ පමණය, 1911 වන තුරුම ඔවුන් මලබාර් වැසියන් විය).

(2) ඉන් පසුව සිදුවූයේ බුදුහාමුදුරුවන්ගේ කාලයේදී මේ ශිව හින්දූන් බෞද්ධයින් වීමය. දෙමළ බෞද්ධ නටබුන් මේ කාලයේදී සිදුවූදේය.

(3) කුමණ හෝ හේතුවක් නිසා අශෝක අධිරාජයාගේ කාලය වනවිට ඔවුන් බුද්ධාගම අතහැර නැවත අබෞද්ධ (හින්දූ) වී ඇත.

(4)  මිහිඳු හාමුදුරුවන් පැමිණ දේවානම් පියතීසන්ව (විග්නේශ්ට අනුව) බෞද්ධ කලේය. ඉන් පසුව හින්දු ආගම මර්ධනය විය (ජෙනෝසයිඩ් ?)

කාශ්මීරයේ යුදෙව් ගම්මාන

ද්‍රවිඩ ජනයා පන්ජාබ් ප්‍රදේශයේ මොහොන්දජාරෝ-හරප්පා ශිෂ්ටාචාර වලින් දකුණට තල්ලුවූ අයයයි මතයක් පවතී. ජේසුතුමා ඉන්දියාවට ආ බවත්, අදටත් කාශ්මීර ප්‍රදේශයේ තිබෙන යුදෙව් ගම්මාන ඒ කාලයේ සිට පවතින ඒවා බවත් කියැවේ. ලංකාවේ හලාවත-පුත්තලම ප්‍රදේශයේ පෘතුගීසි කාලයේ සිට පවතින කාපිරි (අප්‍රිකාණූ) ගම්මානයක් තිබේ.

මෙසේ සංක්‍රමණය වූ ජන කොටසකට හිටි අඩියේම අළුතින් ආ ප්‍රදේශය තම නිජබිම යයි පසුකාලයක කියන්නට හැකිවන්නේ අඛණ්ඩව පැවති ඉතිහාසයක් තිබේ නම් පමණක් නොවේද? ඒ අනුව හරප්පා සිට ආ අයට ටැමිල්නාඩ් සිය නිජබිම යයි උරුමකල හැකිය. එහෙත් ටැමිල්නාඩ් වලවත්, ලංකාවේවත් එක දෙමළ බෞද්ධ ගම්මානයක්වත් ඉතිරිව නැත. ඉහතින් ඇති සිතියම් දෙකට අනුව සාංචි හෝ බුද්ධගයා වලට කිට්ටුවෙන්වත් යන වැදගත් එක විහාරයක් ඉතිරිව නැත. ටැමිල්නාඩ් වල සුනිල් ආරියරත්නට දක්නට ලැබී ඇත්තේ විසිරී ගිය සුන්බුන්ය.

ඉහත ලංකාවේ පුරාවිද්‍යා සිතියම C. W. නිකොලස් විසින් 1950 ගණන්වල පිලියෙලකල සිතියමකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිටි එක දෙමළ නිලධාරියෙක්වත් මේ දෙමළ බෞද්ධ නටබුන් ගැන වාර්තාකර තිබේද? ගල් ලෙන් කටාරමක හෝ දහයක දෙමළට හුරු නමක් තිබීම දෙමළ නිජබිමකට ශාක්ෂියක්ද?

මෙම සූත්‍රය නිර්මලා විසින් පිළිගන්නවාද? DBS ජෙයරාජ්, සුමන්තිරන්, ග්ලෝබල් ඊළම් පිරිස් මේ කතාව දන්නවාද?

චෙල්වාට දෙමළ නිජබිම, දෙමළ කතාකරණ අයගේ නිජබිම යයි සංශෝධන කරන්නට වූවා මෙන්, විග්නේශ් අතීත බෞද්ධ නටබුන් සම්බන්ධයෙන් අන්ද මන්ද ප්‍රතිපත්තියක් ගෙන යයි.

(1).බුද්ධාගමට ජාතියක් නැත. ජර්මන් බෞද්ධ, ජපන් බෞද්ධ කියා දෙයක් නැත. සිංහල බෞද්ධ කියා කියන්නේ නිර්මල ථේරවාද ත්‍රිපිටකය ලොවට රැක දුන් ජාතියට මිස බෞද්ධ දර්ශණය සිංහලය යන අර්ථයෙන් නොවේ. තමන්ගේ සිංහල ලේලිලා දෙන්නා සිංහල බෞද්ධද නිකම්ම බෞද්ධද කියා දන්නේ විග්නේශ් පමණමය.

එසේ නම් අතීත දෙමළ බෞද්ධයා ගැන දුක්වන විග්නේශ් උතුරට බුදු පිලිම එපා කියා දෙමළ ජනයාට විෂ පවන්නේ ඇයි? උතුරට පොල් රා එපා කියන සටන් පාඨය තල් රා බේරා ගැනීමටය කියා අමතක කල හැකිය.

(2) දැනට පුරා විද්‍යාව විසින් බෞද්ධ යයි හඳුනාගෙන ඇති ස්ථාන හින්දු කෝවිල් යයි සටන් කරණ ව්‍යාපාරයක් විග්නේශ් ගෙන යන්නේ ඇයි? ගුරුකන්ද රජ මහා විහාරය, කුරුන්දි විහාරය, දීගවාපි උදාහරණය. කුරගල මුස්ලිම් ග්‍රහණයෙන් මුදා ගත්තා මෙන් ප්‍රශ්ණයක් මේ බෞද්ධ නටබුන් ගැන තිබෙන්නේ දෙමළ ජනයාටද විග්නේශ්ටද? කෝට්ටේ රජමහා විහාරය, නුවර දළදා මාළිගාවට අල්ලා ක්‍රිස්තියානි පල්ලි ඉදිකලා මෙන් රජරට බෞද්ධ නටබුන් වලට අල්ලා හින්දු කෝවිල් සදන්නට ඉල්ලීම දෙමළ බෞද්ධ ප්‍රතිපත්තියට එකඟ නොව කූට දේශපාලන  උපායකි.

(3), මෙම හින්දු කෝවිල් ආක්‍රමණ සැලැස්මේ පිටුපසින් මෙන්ම ඉදිරියෙන්ද ඉන්නේ කළු-සුදු ලෝගු දාගත් ක්‍රිස්තියානි හා බෝන් අගේන් පූජකයින් වීම දෙමළ බෞද්ධ ඉල්ලීමද?

ඊළම් ප්ලෑන හා ක්‍රිස්තියානි සම්බන්ධය

රට කැඩීමේ පෙඩරල් ප්ලෑන හා ක්‍රිස්තියානි පල්ලි ඊට දුන් තල්ලුව ගැන කතා කිරීම ආගම්-ජාති භේද ඇති කිරීමක්ද?

ලේක් හවුස් පත්තර මෙහිදී කල හානිය පුවත් පත් කොමිෂන් සභා වාර්තාවේද (1964) සඳහන් විය. දෙමළ බෞද්ධයා කතාව ඉස්සරහට දමා විග්නේශ්ලා හදන්නේ රට කඩා ගැනීමය. ක්‍රිස්තියානි දෙවියන් හා ශිව දෙවියන් ලවා හෝ එය වෙනවා නම් ඊළම්කාරයින්ට ප්‍රශ්ණයක් නැත. ඉස්ලාම් දෙවියන් හරහට සිටීම අනාගතයේ අර්බුදයකි. ත්‍රිකුණාමළ වරාය ඉන්දියාවට හෝ ඇමෙරිකාවට පූජාකර එය යටපත් කල හැකිය.

ලංකාවේ ඊළම් ව්‍යාපාරය, දකුණු ඉන්දියාව කැබලි කිරීමේ ලෝක ක්‍රිස්තියානි ප්‍රොජෙක්ට් එකේම දිගුවකි.  Breaking India: Western Interventions In Dravidian And Dalit Fault lines,  Rajiv Malhotra/ Aravindan Neelakandan (2012) යනු මෙම ලෝක ව්‍යාපාරය ගැන ලියා ඇති පොතය. කොළඹ ඊළම් ද්‍රවිඩයින් 1917 සිටම මැඩ්‍රාස් හින්දි-බ්‍රාහ්මණ විරෝධී සටනේ හිතවාදීන් විය. මැඩ්‍රාස් ලංකාවේ බෙදුම්වාදීන්ට සෑම විටම ක්ෂේම භූමියක් විය. චීන-ඉන්දියා යුද්ධය කාලයේ ටැමිල්නාඩ් ද්‍රවිඩ රටකැඩීමේ වැඩ තහනම් කිරීමට දුර්වල ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට නේරුට හැකිවිය. සිදුවූයේ කුමක්ද?  DMK ( ද්‍රවිඩ මුනේත්‍ර කසාගම්) නමින් එය ලංකාවේ කඳුරට ඉන්දියන් ජනයා අතර ඩඩ්ලි සේනානායක-පෙඩරල් සභාග ආණ්ඩුකාලයේ පැතිරී ගියේය. සිංහල මිනිසුන් එය සැළකුවේ කල්ලතෝනි උවඳුරක් ලෙසය.

විග්නේශ්වරන් සමඟ මේ දෙමළ බෞද්ධයා කතාවද අභාවයට යනු ඇත. එහෙත් ඔහු ඇතිකල විෂබීජය කෙතරම් හානිකරද? පුරාවස්තු විනාශ කිරීමට මුස්ලිම් ජනයා වැඩිවැඩියෙන් පෙළඹෙන්නේ මේ විෂබීජය නිසාය. ඔවුන් ලිග්ගල්, අත්තිවාරම්, පාරවල්, වැසිකිළිගල් වශයෙන් යොදාගන්නේ දෙමළ බෞද්ධයාගේ ගල් කැබලිද  නැතිනම් බෞද්ධ නටබුන්ද? නිර්මලා විසින් මේ කාරණා තෙරුම් ගතයුතුය. එක අතකින් 13-A, ලංකාවේ  භූගෝලවිද්‍යාවට පටහැණිය. අනිත් අතට එයට පදනම්වූ නිජබිම් මාතෘකාව හිස් ප්‍රලාපයකි.

ලංකාවේ වසන දෙමළ ජනවර්ගයේ යහපත රඳා පවතින්නේ නියම බෞද්ධ ප්‍රතිපත්ති අනුව ක්‍රියාකරණ සිංහල නායකයින් තුලින් මිස කළු සුද්දන් හරහා නොවේ. සිංහල හා දෙමළ ජනයාට බෙදුම්වාදයක් නැත. එය තාමත් ගෙනයන්නේ සුමන්තිරන්, රාසමාණික්කම්, ජෙයරාජ්, ජෙහාන් පෙරේරා නිර්මලා, පාකියසෝති වැනි දෙමළ ක්‍රිස්තියානීන් හා විග්නේශ්වරන් යන සිංහල ලේලිලා දෙන්නෙක් නිසා දෙමළ ජෙනෝසයිඩ් ගැන සිතා දුක්වන පංචස්කන්ධයක්  ද විසින්ය. ඔහු යාපනේ අරුන් සිද්ධාර්ථන් නම් තරුණයා සමඟ උමන්දාවට යා යුතුය.

මොවුන්ට බෞද්ධ විසඳුම දැනගැනීමට හැකිවනු පිණිස ඊලම හා බුද්ධාගම යනුවෙන් 2017 දී ලියූ ලිපියක් ඉදිරියේදී කොපිකර එවමි.

===================

ඊලම හා බුද්ධාගම
Posted on January 16th, 2017

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

පිරිත්නූල් කඹ

1931 දී ඩොනමෝර් ක්‍රමය යටතේ සර්‍ව ජන චන්ද බලය ලැබුණායින් පසු සිලෝන් (සිංහලේ යන නම ඉංග්‍රීසි කාරයාට ඇහුණ හැටි) කොලනියේ ඉතිහාසය ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් විසින්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress