ගෝඨාභය, ‘ජුලියාගේ’ කීම අහපු හැටි විමල් හෙළිකරයි
Posted on December 15th, 2022

| Lanka Lead News

ඇමරිකානු තානාපතිනිය(Julie J. Chung) විසින් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව පාලනය කළ ආකාරය ගැන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මෙසේ පවසයි.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කරගත්තු ඊළඟ බලවත් වරද තමයි කොළඹ ඉන්න ඇමරිකානු තානාපතිනිය(Julie J. Chung) ‘ජුලියාගේ’ කීම අහලා ඔහේ වැනි වැනි හිටපු එක. ඒ ‘ජුලියා නෝනා’ මාස ගාණක් තිස්සේ ගෝඨාභය මහත්තයාව දිනපතා හමු වුණා. (මේවා කට්ටිය කියන්නේ නැහැ. කියන්න බයයි.) ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ මිරිහානේ ගෙදරට වට කරලා ගහපු දවසේ රෑ ඒ ගෙදරට එනවා ‘ජුලියා නෝනා’. ඇවිල්ලා කියනවා, ‘මට හරි කනගාටුයි ඔබට මේ සිදු වූ දේ ගැන. ඔබ බෞද්ධයෙක්. මම කතෝලිකයෙක්. මගේ විශ්වාසය අනුව ඔබ වෙනුවෙන් යාඥා කරන්න මට ඉඩ දෙන්න’ කියලා. එහෙම කියලා ඒ නෝනා පොළොවේ දණ ගහගෙන සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් යාඥා කරලා ඉල්ලනවා, ‘ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට සහනය සලසන්න, ආමේන්’ කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පසු දිනයේ හිටපු ඇමති කෙනෙකුට කියනවා, ‘බලන්න ඇමරිකන් තානාපතිතුමිය හරි හොඳයිනේ. ඊයේ ඇවිල්ලා මං වෙනුවෙන් යාඥා කළානේ. කවුද අප්පා එහෙම කරන්නේ?’ කියලා. ටොපිය නියමෙට කාලා. මේක මහන්සි වෙලා දිනාගත්තු ගේමක් නොවෙයි, පොඩි පොඩි ටොපි දීලා දිනාගත්තු ගේමක්. වෙන රටවල ඊට වඩා දේවල් දෙන්න වෙනවා මේ වගේ මැච් එකක් ගහන්න.

ජුලියා නෝනාගේ ගමන ඔන්න එදායින් පටන් ගත්තා. හෙටත් එනවා. අනිද්දත් එනවා. ඉන් අනිද්දාත් එනවා. මොකක් හරි තීරණයක් ගත්තා කියලා ආරංචි වෙනකොට ‘මෙහෙම කරන්න යනවා ද?’ කියලා අහනවා. ගෝඨාභය මහත්තයා ‘ඔව්’ කියනවා. ‘ඒක කරන්න එපා. ඒක කළොත් අයි. එම්. එෆ්. එකේ ප්‍රෝග්‍රෑම් එක අවුල් වෙයි’ කියනවා. ඒ නිසා ඒක නොකර ඉන්නවා. ‘අර ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහ ගේට්ටුව වහගෙන ඉන්න කට්ටිය යවන්නද හදන්නේ?’ කියලා අහනවා. ගෝඨාභය මහත්තයා කියනවා, ‘ඔව්’ කියලා. ‘ඒක කරන්න එපා. ඒක කළොත් අයි. එම්. එෆ්. ප්‍රෝග්‍රෑම් එක අවුල් වෙයි’ කියනවා. ආයේ ‘එහෙනම් කමක් නැහැ. නොකර ඉන්නම්’ කියනවා. ‘ජුලියා නෝනා’ එදා එක පැත්තකින් රටේ ජනාධිපතිව පාලනය කළා. අනිත් පැත්තෙන් අරගලය පාලනය කළා.

https://www.facebook.com/100044567280397/videos/4055140604711831/?so=watchlist&rv=video_home_www_playlist_video_list

https://www.facebook.com/plugins/video.php?height=476&href=https%3A%2F%2Fwww.facebook.com%2FWimalWeerawansa.sl%2Fvideos%2F4055140604711831%2F&show_text=false&width=476&t=0

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress