වර්තමාන ශ්‍රී ලාංකීය සමාජය ඔබට කියා දෙන පාඩම හොදින් වටහා ගන්න.
Posted on January 2nd, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

වර්තමාන සමාජය ගැටළු වලින් බරිත බව ඔබ අප හැමදෙනාම එකාවන්ව පිළිගන්නා කරුණකි. ගැටළු ඇති කරන්නෙත් මිනිසුන් වෙන අතර, ඒ ගැටළු නිසා විදවමින් පිඩාවට පත්වෙන්නේද මිනිසුන්මය. ගැටළු ඇති කරන මිනිසුන්ට වගේම පිඩා විදින මිනිසුන්ටද මේ අර්බුදයෙන් මිදීමේ මගක් නොදකමින් එකිනෙකාට දොස් පවරමින්, සමාජය තව තවත් විනාශයේ දිසාවටම සමාජය මෙහෙය වමින් සිටි. මෙසේ සිදුවෙන්නේ ඇයි ? මේ අර්බුදයන්ට විසදුමක් ඇත්තෙම නැද්ද? මේ සම්බන්දව අපි මදක් කතා කරමු.

මිනිසත් බවය ලබාගෙන සිටින අප ඒ තත්වයට පැමිණීම, ආරම්භ කරන්නේ, වානර පරම්පරාවට ප්‍රවිෂ්ඨ වීමත් සමගය. පෙර සිටි සත්ව භවයන්ගෙන් මිදී, සරලම, වානර භාවයට ප්‍රවිෂ්ඨ වූ අවස්තාවේ සිට වානර අවදීන් පහක් පසුකොට අද ඔබ ගතකරන මිනිසත් භාවයට පැමිණි ආකාරය චාර්ල්ස් ඩාවින් විසින් ලොවට හෙළිදරව් කොට ඇත..

පළමු වානර අවස්ථාවේ සිට දෙවන අවස්ථාවට ප්‍රවිෂ්ඨවිම තෙක්,, වසර මිලියන 20ත් පමණ කාලයක්, වදුරෙකු ලෙස ගත කල මේ වත්මන් මිනිහා, වදුරෙකු ලෙසම අවුරුදු මිලියන 20ක්‌ම ගත කරමින් සිදුකලේ කුමක්ද? යන ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක් වන අතර එයට ඇති පිළිතුර, මේ වත්මන් සමාජය තුල සිටින මිනිසාගේ, ඇදගෙන සිටින සළුපිලි ඉරා මේ සමාජයේ සැබෑ තත්වය හෙළිදරව් කරයි. මේ කරුණ සියල්ලන්ටම අවබෝධ කරගත හැකි කරුණක් නොවන අතර, එය අවබෝධ කර ගැනීමට උගත්කම, බුද්ධිමත්කම හා ප්‍රඥාව තිබීම ඉතා වැදගත් බව කිව යුතුමය.

වදුරු අවදියට අවතීර්ණ වූ පළමු වදුරා ප්‍රාථමික වදුරෙක් වන අතර වසර මිලියන 20ක් පුරා එම අවදියේ ගත කල පසු, සුපිරි වදුරෙක්  බවට පත්වී නව අවදියකට සමත්වීමේ වරම් ලබා ගනී. වදුරා බිහිවී වසර මිලියන 20කට පසු ඒ දෙස බලන විට එවකට සිටි බුද්ධිමත්ම සත්වයා වන වදුරා ඒ තත්වයට පත්වෙන්න පරම්පරා ලක්ෂ 4ක් හරහා නිර්මාණය වී ඇති බව ඉතා පැහැදිලිය. නමුත් එදා සිටි ඒ වරු සමාජය තුල පරම්පරා ලක්ෂ 4කම ගතකල වදුරන් මෙන්ම වරු සමාජයට ප්‍රාවිශ්තවී දිනක් ගත කරන වදුරන්ද සිට ඇත.

එදා මෙන්ම අදද වදුරන් ඇත.මේ වරු පරපුර තුලද අද දිනයේදී වරු අවදියට සපැමිණි වදුරන් මෙන්ම  පරම්පරාලක්ෂ 4ක් තුල සිටි වදුරන්ද ඊට අඩු පරම්පරා ගණනක් ඉපිද ඇති වදුරන්ද සිටි. නමුත් අපිට බාල වදුරා කවුද? ඇති දක්ෂ බුද්ධිමත් වදුරා කවුද යන්න වටහා ගැනීමට හැකියාවක් නැත. ඒ සියලු වදුරන්ම ස්වරුපයෙන් එකම ආකාරයේ හැඩතල ඇති බැවිනි.

මේ වනවිට මිනිසා බිහිවී වසර ලක්ෂ 3ක් ගතව ඇති බව නවීන විද්‍යාව පවසයි. එසේ නම් මේ වනවිට බලවත්ම බුද්ධිමත්ම හා ප්‍රඥාවන්තම මිනිසා මිනිස් පරම්පරාවන් 3000ක් තුලින් බිහිව සිටි. ඒ ආකාරයටම අද ඊයේ මිනිස් බාවයට අවතිර්නාවූ මිනිසුන්ද සිටි. සමාජයට මේ සියලුම මිනිසුන් දිස්වන්නේ එකම ආකාරයටය. නමුත් මේ මිනිසුන් සියලු දෙනාම එකම ආකාරයේ සුදුසුකම් ලබා ඇති අය නොවේ.  ගැටලුව ඇත්තේ මෙතනය. එබැවින් අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා කියන බුදු වදන පිලි පදින්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress