ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් රටට ලැබෙන සහයෝගය ගැන දේශපාලන කෝණයෙන් නොබලා අපි එකතු වෙලා කටයුතු කළ යුතුයි
Posted on January 9th, 2023

තිසර සමල් – අනුරාධපුර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇමරිකානු ඩොලර් බිලියන 2.9කට සීමා කරන ප්‍රකාශ සිදු කරන්නේ IMF හි ක්‍රියාකාරිත්වය ගැන නොදන්නා කණ්ඩායම් විසින්…මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.9කට සීමා කරන ප්‍රකාශ සිදු කරනු ලබන්නේ IMF හි ක්‍රියාකාරිත්වය ගැන නොදන්නා කණ්ඩායම් විසින් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය අමාත්‍ය වරයා මෙසේ ප්‍රකාශ කර සිටියේ අද දින (08) අනුරාධපුර ප්‍ර‌දේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ එහි ගෝලීය මෙහෙයුම්, ඒ අනුග්‍රහය හරහා රටේ මුල්‍ය විනය සහ මුල්‍ය කළමනාකරණය, යළිත් ආර්ථික අර්බුදයක් ඇති නොවන බවට සහතික වීම, බැංකු ක්‍රමයේ විශ්වසනීයත්වය අමතක කළ නොහැක.  ඒ නිසා මේ වගේ වෙලාවක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් රටට ලැබෙන සහයෝගය ගැන දේශපාලන කෝණයෙන් නොබලා අපි එකතුවෙලා කටයුතු කළ යුතුයි.” ඔහු වැඩි දුරටත් එහිදී පැවසීය. 

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ මේ වසරේ මුල් කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය රජය අපේක්ෂා කරන බවයි. 

අපි නිල ණය හිමියන්ගෙන් සහතිකය ලබා දීමේ අවසන් අදියරේ ඉන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනවා. මේ රටට පමණක් නොව තවත් රටවල් රැසකට මේ සහයෝගය ලබා දී තිබෙනවා.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග අප විසින් ගෙන තියෙනවා. මේ වසරේ පළමු කාර්තුව තුළදී අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට හැකි වනු ඇතැයි අපට විශ්වාසයි. ඒ සඳහා අප විසින් බොහෝ දේ නිරාකරණය කර ඇත.  හදුනාගත් ගැටළු පිළිබඳව අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම අපි මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කර ඇත. 

අපගේ ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මුල්‍ය සහතික ලබා ගැනීමේ අවසන් අදියරේ අප මේ වන විට කටයුතු කරමින් සිටිමු. ඒ අනුව ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවට සහතික වී ඇත.”  රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress