මසකට ලක්ෂ 14 ක මුදල් ඉපයීමේ අරමුණක් – සේපාල් අමරසිංහ තවත් සතියක් රිමාන්ඩ් (වීඩියෝ)
Posted on January 10th, 2023

උපුටා ගැන්ම  හිරු පුවත්

ශ්‍රී දළදා වහන්සේට අපහාස වන අයුරෙන් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහ ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවේ අද යළි නඩුව කැඳවූ අවස්ථාවේදීයි. <br /><br />විත්තියේ පාර්ශවයෙන් ඉල්ලා තිබූ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන තීන්දුව එදිනට නිකුත් කරන බවද මහේස්ත්‍රාත්වරයා එහිදී ප්‍රකාශ කළා.

සේපාල් අමරසිංහ විසින් දළදා වහන්සේට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකර ඇත්තේ, 172,000 ග්‍රාහකයන් පිරිසක් සිටින සිය සමාජ මාධ්‍ය පරිශීලකයන් හරහා එය බෙදාහරිමින් මුදල් උපයා ගැනීමේ අරමුණින් බවටයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට පෙන්වා දී ඇත්තේ.

ඔහු මෙම ගිනුම් මඟින් මසකට රුපියල් ලක්ෂ 14ක මුදලක් උපයා ඇති බවටද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළා.

මේ අතර සේපාල් අමරසිංහ විසින් සිදුකළ මෙම ප්‍රකාශය චේතනාන්විතව, දළදා වහන්සේට හෝ බුදුදහමට අපහස වන අයුරින් නොකළ බවට සේපාල් අමරසිංහ වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියා.

කෙසේ වෙතත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ සැකකරු පුරාවිද්‍යා අඥා පනත යටතේද වරදක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන බවයි.

“සේපාල් නිදහස් මාධ්‍යවේදියෙක් නොවෙයි- ඔහු ජාවාරම්කරුවෙක්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress