උග්‍ර පිළිකා නාශක ඖෂධ හිඟයට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටීම.
Posted on January 11th, 2023

සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.

කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා
සෞඛ්‍ය අමාත්‍ය,
සෞඛ්‍ය අමාත්‍යාංශය,
385, සුවසිරිපාය
පූජ්‍ය බද්දේගම විමලවාංශ නාහිමි මාවත
කොළඹ – 10.

ඇමතිතුමනි,

උග්‍ර පිළිකා නාශක ඖෂධ හිඟයට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටීම.

මහරගම අපේක්ෂා රෝහල ඇතුළු වූ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන පෙළේ රෝහල් 15 ක පමණ පිළිකා රෝගය සඳහා බහුලව භාවිතා කරනු ලබන අත්‍යවශ්‍ය පිළිකා නාශක ඖෂධ වර්ගවල උග්‍ර හිඟයක් ඇත. මේ වන විට වෛද්‍ය විද්‍යවේ දියුණු ප්‍රතිකාර ක්‍රම මගින් සුව කළ හැකි පිළිකා වර්ග ගණනාවක් ඇත. එසේ වුවත් එම ප්‍රතිකාර නියමිත් කාල සටහනට අනුව ලබා නොදීමෙන් අපේක්ෂිත සාර්ථකත්වය අත්පත් කරගත නෙහෙැක එහෙත් අද වන විට බොහෝ පිළිකා රෝගීන්ට නියමිත කාල සටහනට අනුව ප්‍රතිකාර කිරීමට නොහැකි වීම නිසා එම රෝගීන් දහස් ගණන් ජීවිත දැඩි අවදානමකට ලක්වී ඇත. උක්ත්‍ කාරණය පිළිබඳ ඔබගේ කඩිනම් අවධානය යොමුකොට පිළිකා රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ අදාල රෝහල්වලට ලබා දීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,
වෛද්‍ය ජයන්ත බණ්ඩාර
ලේකම්
සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress