ඉන්දියානු ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමේ තවත් ඉදිරි පියවරක් – බලශක්ති සුරක්ෂිතතාව ඉන්දියාව අතට – ජයශංකර් ගිවිසුම අත්සන් කිරීමට ලංකාවට එයි
Posted on January 15th, 2023

Lanka Lead News

ශ්‍රී ලංකාවේ ආර්ථික ආපදාව යොදා ගනිමින් ඉන්දියාව විසින් දියත්කර ඇති අත්පත්කර ගැනීමේ මෙහෙයුමේ තවත් එක් පියවරක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව ඉන්දියාවේ අනුකම්පාවට යටත්කර ගැනීම සදහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගිවිසුමක් අතසන් කිරීමට ඉන්දියානු බලපෑමක් සිදුවන බව වාර්තා වේ.

ඒ අනුව ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සදහා ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වේ.

ඒ අනුව ඉන්දියාවේ විදුලි පද්ධතියට ශ්‍රී ලංකාවේ පද්ධතිය සම්බන්ධ කෙරෙනු ඇත.

එම ක්‍රියාවලියේ දිගුව ත්‍රිකුණාමලය ආශ්‍රිත ආයෝජන කලාපය ඉන්දියානු සමාගම් විසින් අත්පත් කර ගැනීමය.

ඒ සදහා අවබෝධතා ගිවිසුමක් සකස්කෙරෙන බවද වාර්තා වේ.

ඉන්පසුව ‘එට්කා‘ ගිවිසුම අතසන් කිරීම සහ ඉන්දියානු රුපියල හා ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම ආදියට අදාළ ගිවිසුම් අත්සන් කිරීම සදහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පැත්තෙන් එකගතාව පළ වී ඇති බවද වාර්තා වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress