විදුලි බල ජාලය ඉන්දියාවට ගැට ගැසීමට සහ ත්‍රිකුණාමල සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවට
Posted on January 15th, 2023

Lanka Lead News

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය එස්. ජයශංකර් මහතා ලබන බ්‍රහස්පතින්දා(19) ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව වාර්තාවේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තුළ ශ්‍රී ලංකා රජය සමග අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

ඉන්දියාව සමග ලංකා විදුලිබල මණ්ඩලයේ ජාල සම්බන්ධ කිරීමට අදාල ව්‍යාපෘතියක් සහ ත‍්‍රිකුණාමල සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ගිවිසුම් මෙසේ අත්සන් කිරීමට නියමිත බවද රජයේ අභ්‍යන්තර වාර්තා පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress