පොලිස් බලතල නොදී ජනාධිපතිවරයකුට උතුරට යා නොහැකි නම් පොලිස් බලතල දුන් පසු කුමක් වේවිද? – අරුන් සිද්ධාර්ථන් අසයි (වීඩියෝ)
Posted on January 24th, 2023

Lanka Lead News

ජනාධිපතිවරයා පසුගිය දා උතුරේ කළ සංචාරයේදී එක්තරා දෙමළ පිරිසක් විසින් ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් මඩ වතුරෙන් නහවමින් සිදු කළ අමානුෂික විරෝධතාව තමන් දැඩි ලෙස හෙළාදකින බව යාපනයේ සිවිල් සංවිධාන කැදවුම්කරු අරුන් සිද්ධාර්ථන් සදහන් කරයි.

මෙම ක්‍රියාව සිදුකළේ සමස්ත උතුරේ ජනතාව නොවන බවත්, විවිධ දේශපාලන කණ්ඩායම්වල නියෝජිතයන් හා අතුරුදන් වූවන්ගේ ඥාතීන් ලෙස පවසන දේශපාලකයන්ගේ අතකොළු බවට පත්වූ පිරිසක් මෙම ක්‍රියාව සිදු කළ බවත් ඔහු පවසයි.

මෙය ඔවුන් විසින් සිදුකළේ ව්‍යාපාරික වුවමනාවකින් බවද, එයින් යැපෙන කණ්ඩායම් මේ සිදුවීම පිටුපස සිටින බවද ඔහු හෙළි කරයි.

පොලිස් බලතල නොදී ජනාධිපතිවරයකුට උතුරට යාමට නොහැකි නම් පොලිස් බලතල දුන් පසුව දකුණේ කිසිවෙකුටත් උතුරට යාමට නොහැකි වන බවයි අරුන් සිද්ධාර්ථන් පෙන්වා දෙන්නේ.

https://www.facebook.com/plugins/video.php?height=476&href=https%3A%2F%2Fwww.facebook.com%2Fjaffnacivilsocietycentre%2Fvideos%2F878916016568062%2F&show_text=false&width=401&t=0

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress