සජිත් ඇතුළු තුනක් ඉදිරි පෙල තනි කර සියළු දෙනා ආණ්ඩුවට…?
Posted on April 4th, 2023

lanka C news

විපක්ෂයේ ඉදිරිපස අසුන් පෙලේ සජිත් ප්‍රේමදාස මහතා සහ තවත් දෙදෙනෙකු පමණක් ඉතිරි වෙද්දී අනික් සියලුම දෙනා ආණ්ඩු පක්ෂයට එකතු වනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

මේ පිළිබඳව කොළඹ ප්‍රදේශයෙන් නිවසක දීර්ඝ සාකච්ඡාවක් එම මන්ත්‍රීවරුන් පිරිස විසින් සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

කෙසේ වෙතත් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ සමගි ජනබලවේගයේ කිසිවෙකු ආණ්ඩුවට එක් නොවන බවයි.

එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමගි ජන බලවේගයේ කිසිවකු හෝ ආණ්ඩුව පැමිණියහොත් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සූදානම්දැයි අභියෝග කල නමුත් ඔහු එම අභියෝගය පාර්ලිමේන්තුවේ දී භාරගත්තේ නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress