කොවිඩ්-19 එන්නත්වල හානිකර ප්‍රතිඵල පිළිබඳ තොරතුරු ජනතාවගෙන් වසං කිරීම
Posted on April 15th, 2023

අජිත් හේරත්

වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන අසත්‍ය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් එන්නත්වලින් සිදුවන හානි යටපත් කිරීමට උත්සාහ දරයි.

අනෙක් අතට ඔහුගේ තර්කය පදනම්ව ඇත්තේ අසත්‍ය සංඛ්‍යා ලේඛන මත බව පැහැදිලිව පෙනී යන දෙයකි. ඔහුගේ සංඛ්‍යා ලේඛන අනුව හෘදයාබාධවලින් දිනකට 450ක් පමණ දළ වශයෙන් මරණයට පත්වේ. ඒ් අනුව වසරකදී හෘදයාබාධවලින් මරණයට පත්වන සංඛ්‍යාව 450 X 365 = 164,250ක් විය යුතුය. නමුත් ලංකාවේ සියලු හේතුවලින් සිදුවන සමස්ත මරණ සංඛ්‍යාවවත් මේ දක්වා කිසිදු වසරක 164, 250 ඉක්මවා නැත. ශ්‍රී ලංකාවේ වාර්ෂික මරණ සංඛ්‍යාව ඉහළම අගයක් පෙන්වන ලද 2021 වසරේ දී සියලුම හේතුවලින් එනම් හෘදයාබාධ ද ඇතුළු සියළුම ලෙඩ රෝග, හදිසි අනතුරු, මිනිමැරුම් සහ සිය දිවිනසාගැනීම් ආදි සියලු හේතු අනුව වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 163,936 කි.
ඔහු එයට අමතරව අංශභාගය හේතුවෙන් දිනකට දළ වශයෙන් 100 දෙනෙකුවත් මරණයට පත්වන බව පවසා තිබේ. ඒ අනුව හෘදයාබාධ සහ අංශභාග හේතුවෙන් දෛනිකව මරණයට පත්වන සංඛ්‍යාව 550ක් විය යුතුය. එනම් මෙම රෝග දෙකෙන් පමණක් ශ්‍රී ලංකාව තුළ සිදුවන වාර්ෂික මරණ සංඛ්‍යාව දළ වශයෙන් 200,750 ක් (550 X 365) විය යුතුය. නමුත් ශ්‍රී ලංකා ඉතිහාසය තුළ කිසිදු අවස්ථාවක වාර්තාගත සමස්ත වාර්ෂික මරණ සංඛ්‍යාවවත් ලක්ෂ දෙක ඉක්මවා නැත.

ශ්‍රී ලංකාවේ ජනතාව වෛද්‍ය වෘත්තීය ගරුකටයුතු වෘත්තියක් ලෙස සළකමින් වෛද්‍යවරුන් කෙරෙහි දැඩි භක්තියකින් සහ විශ්වාසයකින් යුතුව ඔවුන් පවසන සියළු දේ කිසිදු සැකයකින් තොරව විශ්වාස කිරීමට හුරු වී සිටිති. එහෙයින් වෛද්‍ය වෘත්තියට ද නින්දා වන පරිදි කිසිදු අභියෝගයකින් තොරවම මෙවැනි බේගල් ඇද බෑමට ප්‍රියංකර ජයවර්ධන වැන්නන්ට අවස්ථාව ලැබී තිබේ.ඔහු හෘදයාබාධවලින් දෛනිකව සාමාන්‍ය වශයෙන් මිය යන සංඛ්‍යාව 450ක් ලෙසත් අංශභාගවලින් දෛනිකව මිය යන සංඛ්‍යාව 100ක් ලෙසත් දක්වා ඇත්තේ එලෙස අතිශයෝක්තියෙන් දක්වන ලද සංඛ්‍යාවන් තුළ mRNA එන්නත්වලින් සිදුවූ මරණ සංඛ්‍යාව යට ගැසීමේ අරමුණ සහිත බව මේ අනුව පැහැදිලි වේ.
කෙසේ වුව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේම වාර්තා අනුව 2020 වසරේදී ශ්‍රී ලංකාව තුළ හෘදයාබාධ වලින් මරණයට පත්ව ඇති සංඛ්‍යාව 26 304කි. (CORONARY HEART DISEASE). ඒ අනුව හෘදයාබාධ හේතුවෙන් දෛනිකව සිදුව ඇති මරණ සංඛ්‍යාව දළ වශයෙන් 72කට ආසන්න සංඛ්‍යාවක් විය යුතුය. ප්‍රියංකර ජයවර්ධන එමෙන් හත් අට ගුණයක් අතිශයෝක්තියෙන් දක්වා තිබේ.
ජනසංගණන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව විසින් පහත වසර සඳහා වාර්තා කර ඇති සමස්ත වාර්ෂික මරණ සංඛ්‍යාවන් මෙසේය.

වසරසමස්ත වාර්ෂික මරණ සංඛ්‍යාව
2017139,822
2018139,498
2019146,053
2020132, 431
2021163, 936

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress