මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ගෝල්ෆේස් අරගලයට වක්‍රව උඩගෙඩි දුන්නා – කොමසාරිස්වරු ඉල්ලා අස්වීමට හේතු කියයි
Posted on April 15th, 2023

Lanka Lead News

මානව හිමිකම් කොමිසමේ සාමාජික කොමසාරිස්වරු තිදෙනෙකු, භික්ෂූන් වහන්සේ නමක්ද ඇතුළුව, ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දීමක් කරමින් තවදුරටත් සභාපතිනිය සමග වැඩකළ නොහැකි බවට සඳහන් කිරීම පිළිබඳව ‘ලංකා ලීඩ්‘ එක් කොමසාරිස් වරයකු ඇමතීය.

මේ වෛද්‍ය නිමල් කරුණාසිරි මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සභාපතිනිය කොමසාරිස්වරු සමග සාකච්ඡාකර සාමූහික තීන්දු ගන්නේ නැහැ. හිතුවක්කාර විදිහට තමාගේ පෞද්ගලික මතයට අනුව වැඩ කරනවා. ඒක පනතට පටහැනියි. අප ඒ බව පෙන්වා දුන්නාට ඇහුම්කන් දුන්නේ නැහැ.

පසුගිය අරාජික සමයේදී පොලිසියට මානසික බාදක පනවලා නීති විරෝධී ක්‍රියා බොහෝමයක් කරන්න ඇය කටයුතු කළ බව ඉතා පැහැදිලියි. සමහර ප්‍රභල නීතිඥවරු සහ නීතිඥ සංගමයත් ඒ ආකාරයට කටයුතු කළා.

ඒ නිසා පැහැදිලි වෙනවා ඇය එසේ ක්‍රියාකරන්නේ පෞද්ගලික හිතුවක්කාර කමකට වඩා පොදු වුවමනාවක් අනුව බව. අපට එහෙම සැක හිතෙන්නේ පසුගිය කාලයේදී අනාවරණය වුනා අමෙරිකාවේ USAIO සහ NED කියන සංවිධාන ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයේ විවිධ කටයුතු වලට අරමුදල් ලබාදුන් බව”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress