දැනට පවතින නීති රාමුවට සංශෝධන ගෙන ඒමේදී ළමුන්ගේ ආරක්ෂාවට තිබෙන ආවරණය ඉබේම අහෝසි වෙනවා – ශර්මිලා ගෝනවෙල
Posted on April 20th, 2023

උපුටා ගැන්ම Lanka Lead News

දැනට පවතින 365, 365 (a) නීති රාමුවන්ට සංශෝධනයන් එකතු කිරීමේදී 1995 අංක 22 පනත යටතේ හඳුන්වාදුන් සංශෝධනයන් ස්වයංක්‍රීයව අහෝසි වන බවත්, ඒ අනුව ළමා අපයෝජන, අපරාධ ආවරණය ස්වයංක්‍රීයව අහෝසි වන බවත් සමාජ ක්‍රියාකාරිනීයක හා නාගරික මන්ත්‍රීවරියක වන ශර්මිලා ගෝනවෙල මහත්මිය පවසයි.

මේ පිළිබඳව ඇය පළකර ඇති අදහස් පහළින් දැක්වේ.

දැනට පවතින 365 ,365 (a) නීති රාමුවන්ට සංශෝධනයන් එකතු කිරීමේදී 1995 අංක 22 පනත යටතේ හඳුන්වාදුන් සංශෝධනයන් ස්වයංක්‍රීයව අහෝසි වනු ඇත. මෙම සංශෝධනයන් පිළිබඳ මනා දැනුමක් ඇති විද්වතුන්ගේ මතයට අනුව ළමා අපයෝජන, අපරාධ ආවරණය ස්වයංක්‍රීයව අහෝසි කරයි.

දැනට පවතින නීති වලට අනුව වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම පුද්ගලයෙකු වයස අවුරුදු 16 අඩු වූ දරුවකුට පවතින 365 අනුව අස්වාභාවික ක්‍රියාවන්” සිදු කරන්නේ නම් එය බරපතළ අපරාධයක් වන අතර දඬුවම් ලැබිය හැකි වරදකි. තවද 1995 අංක 22 දරණ දණ්ඩනීති සංග්‍රහය සංශෝධන පනත මගින් දඬුවම් වැඩි කරන ලද අතර ඊට අමතරව ළමා අපචාර සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ දෙවැනි වගන්තිය ලෙස අර්ථ දක්වා ඇත.

කිසිදු විටක කෙනකුගේ වෙනස් වෙනස්” අභිමතයන් හෝ වෙනස් වෙනස්” ලක්ෂණයන් ඇති ප්‍රජාවකට ඇති එම වෙනස අභියෝගයක් වීමට හෝ අත් විඳීමට ඇති අයිතිය ඇහිරීමට මා කිසිවිටෙක දායක වන්නේ නැත.

අවශ්‍යතාවයන් හා අභිමතයන් සුරැකීමට නීති රාමු සම්පාදනය කිරීමේදී තවත් යහපත් අරමුණකින් රැකගත යුතු කොටසකගේ අයිතීන් හා ආරක්ෂාව අභියෝගයට ලක් වන්නේ නම් ඒ ගැන අවධානය යොමු නොකිරීමට හෝ පෙනි නොසිටීමට මාහට කිසිසේත්ම නොහැක.

එය තවත් අයෙකුගේ ප්‍රකාශන අයිතියක් යැයි අන් අය විසින් පිළිගැනීමට තරම් සංවේදී වනු ඇතැයි මා විශ්වාස කරමි.

තවද මා 2022 , මාර්තු මස සිට කිසිදු පක්ෂයක් සමග සම්බන්ද නොවු බව බහුතරයක් දන්නා කරුනක් වුවද මාගේ අදස් පළකිරිම පක්ෂක් සමග සම්බන්ද කර හුවා දැක්විමට ගන්නා බාල ක්‍රියාව හෝ උත්සහය පිලිබදව දරුවන් වෙනුවෙන් පෙනිසිටිමේ අයිතියක් ඇත්තේ තමන්ටම පමණක්යයි සිතනා ඇතැමුන් පිලිබදව ඇත්තේ කණගාටුවටක් පමණි.

මා පෞද්ගලිකව හෝ මා නියෝජනය කරන සංවිධානය විසින් දරුවන් වෙනුවෙන් ලබාදී ඇති දායකත්වය/ මැදිහත්වීම ප්‍රශ්න කර තිබුනත් මේ ඒ සදහා ප්‍රතිචාර දැක්විමට සුදුසු අවස්ථාවක් යැයි නොසිතුවත්, නැවුම්ව නගන හඩක් වුවද යහපත් දෙයක් වෙනුවෙන්නම් එය පිළිගැනිමට තරම් අපි නිහතමානී විය යුතුය.

පවතින නීතියක් මඟින් දරුවන්ට ලැබිය යුතුම වූ ආරක්ෂාව හා ආවරණය ගිලිහී යනවා නම් එය අනාගතයේ ලබාගැනිමට තැත් කරන දේට වඩා වැඩි දෙයක් අපිට අහිමි කරනවා ඇති බව මාගේ මතයයි.

මා විශ්වාස කරන්නේ දරුවන්ගේ අයිතිය රැකෙන මෙම නීති ආරක්ෂා කරමින් තවත් සුවිශේෂී ප්‍රජාවකගේ ආරක්ෂාව හා නිදහස තහවුරු කිරීම කළ යුතු බවයි. මේ උත්සාහය, මේ හඬ, ඒ වෙනුවෙන්!!

— ශර්මිලා ගෝනවෙල —

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress