අරගලයේ සැඟවුනු කතාව එළියට දැමීමෙන් අමෙරිකානු පිල්ලි ටික කලබල වෙලා – විමල්ගේ සැඟවුණු කතාවට චෝදනා කළ අයට ජයන්ත සමරවීරගෙන් පිළිතුරු (වීඩියෝ)
Posted on April 30th, 2023

 Lanka Lead News

විමල් වීරවංශ මහතා විසින් රචිත අරගලයේ සැඟවුණු කතාව කෘතිය එළිදැක් වූ පසු මෙරට සිටින අමෙරිකානු පිල්ලි ටික කලබලයට පත්වී ඇති බවත් මෙරට අමෙරිකානු තානාපතිනිය ද කෘතිය එළිදැක්වූ විගසම එය ඉංග්‍රීසියට පරිවර්තනය කරගනිමින් කියවා ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

විමල් වීරවංශ මහතා විසින් රචිත අරගලයේ සැඟවුණු කතාව කෘතිය සම්බන්ධයෙන් එල්ල වී ඇති විවේචන පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වා ඒම චෝදනා සදහා පිළිතුරු ලබාදීමට ජයන්ත සමරවීර මහතා අද(30) කටයුතු කළේය.

එහිදී අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා,

විමල් වීරවංශ මහතාගේ මේ කෘතිය සම්බන්ධයෙන් අද ජාතික වශයෙන් විතරක් ජාත්‍යන්තර වශයෙන් දේශපාලන ලෝකය විශාල ලෙස කැලඹීමයකට ලක්වෙලා තියෙනවා. මේ කෘතිය පිළිබද කලබලයට පත්වුණු ඇමෙරිකානු තානාපතිනිය ජුලී වැන්ග් මෙක ඉතාම වේගයෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කරගෙන මෙය ප්‍රබන්ධයක් කියලා කියනවා. ඊට පස්සේ ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆෙන්සේකා මහත්තයා පාර්ලිමේන්තුවේදි පරල වෙලා මඩ ගහන්න පටන් ගන්නවා. ඒ් වගේම අපි දැක්කා පාඨලී චම්පික රණවක මහත්තයාත් මේ ගැන කතා කරනවා. තව අපි ඊයේ දැක්කා අරගලයේ නීතිඥයෝ ද මොකක්ද කියන කට්ටයක් කියනවා, අරගලයට ආවේවත් නැති විමල් වීරවංශ මොනවද අරගලය ගැන දන්නේ කියලා. අපි කයනවා විමල් වීරවංශ අරගලයේ හිටියේ නෑ තමයි ඒ්ක හරි අපි මේ පොතේ ලියලා තියෙන්නේ අරගලය ඇතුලේ කුඩාරම්වල වෙච්ච දේවල් හරි ඒකේ ඇතැම් නායකයින් හෝටල්වල කාමරවල කරපු දේවල් දේවල් හරි රෑට රෑට තැන්තැන්වල සිද්ධවෙච්ච දේවල් හරි නෙවෙයි”

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress