මේ රටේ වඩා වැදගත් සාධකය කම්කරුවාද ගොවියාද?
Posted on May 1st, 2023

ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර

1886 දී ඇමරිකාවේ චිකාගෝ නගරයේ සිදුවූ කම්කරු අරගලයක් සිහිකිරීමට අපේ දේශපාලඥයෝ අවුරුදු පතා කෝටි ගණන් වියදම්කොට පෙලපාලි පවත්වමින් පොර කති.නමුත් ජාතිය බිහිවුදා සිටම රටට කන්ට දුන් මඩ සෝදාගත් කල රජකමට වුවද සුදුසු සින්හල ගොවියා” මේ කාටවත් මතක්වන්නේ නෑ.

1886 මැයි 1 දා ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ සිදුවූ කම්කරු අරගලයක් සිහිකිරීම වෙනුවෙන් අද ලොව පුරා මැයිදින උත්සව පවත්වයි. ඒ අනුව අපේ රටේද සියලුම දේශපාලන පක්ෂ තරඟයට දිවයිනපුරා මැයි දින උත්සව පවත්වයි. මේ රටේ එය කම්කරු උත්සවයකට වඩා දේශපාලන පක්ෂවල බලය පෙන්වීමට උත්සාහ කරන වාර්ෂික නිරර්ථක සන්දර්ශනයක් බවට අද පත්ව ඇත. කෙසේ වුවද කම්කරුවන් වෙනුවෙන් දිනයක් නියම කොට තිබීම හොඳ දෙයකි.

එහෙත් මුලු රටටම බත්පත සහ අපේ අහාර සපයාදෙන ගොවීන්ගේ උතුම් සේවාවද අගයන වැඩ පිළිවෙලක් ‘මඩ ටික සෝදා ගත්විට රජකමට වුවද සුදුසු ගොවියා” වෙනුවෙන්ද එවැනි දිනයක් නොපැවත්වීම අපේ රටේ දේශපාලකයින්ගේ බන්කොලොත් භාවය සහ ඔවුන්තුල දේශප්‍රේමයක් නැති බව මැනවින් පැහැදිළිවෙයි.මුලු රටටම ආහාර වේල සපයාදී අප ජීවත් කරවණ ගොවියා ගැනද වාර්ශිකව එවැනි දිනයක් වෙන්කොට “ගොවියා රජා තමයි සින්හලේ” යන තේමාව යටතේ මේ වසරේ සිටහෝ ගොවීන් වෙනුවෙන්ද උපහාර දක්වන වැඩපිළිවෙලක් ආරම්භ කරන මෙන් මම  යෝජනා කරමි දැනට එසේ නොකරණුයේ ගොවින් රතු කමිස නො අඳින නිසාද . එසේ නැතිනම් කම්කරුවන්මෙන් ඔවුන් පොලු මුඟුරු අරගෙන සටන් පාට කියමින් පෙලපාලි නොයන නිසාද. එසේත් නැත්නම් සින්හල ගොවීයා හැමදාම අන්ධ භක්තියෙන් දේශපාලන පක්ෂ වලට චන්දය දෙන නිසාද.

මේ නිසා මේ රටේ බහුතර ජනතාව වන එසේම ජාතියට බත සපයන  ගොවි ජනතාවද මඩ සෝදාගෙන දේශපාලකයින් වෙනුවෙන් නොව රට වෙනුවෙන් සහ ජාතිය වෙනුවෙන් සටනට බැස රජවිය යුතු කාලය දැන් පැමිණ ඇතැයි මම සිතමි.

ලබන වසරේ සිට හෝ “සමස්ථ ලන්කා ජාතික ගොවි දිනයක්” ප්‍රකාශ කිරීමට මේ රජයට වත්, යටත් පිරිසෙයින්, ගරු අගමඇති තුමාගේවත් අවධානය යොමුවේවායි  මම ප්‍රර්ථනා කරමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress