පාසැල් හැරයන දරුවන් පිළීබදව නිසි දත්ත වාර්තාවක් කඩිනමින් සකස් කිරීම අත්‍යාවශ්‍යයි..- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on May 9th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

 අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  2023.05.08 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීය.

පාසැල් හැරයන දරුවන් පිළීබදව පැහැදිලි තොරතුරු නොමැතිව එම දරුවන්ගේ  අනාගතය පිළිබඳව නිසි වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි ගැටලුවක් ඇතිවන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

 සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන්ව විවිධ හේතූන් මත පාසැල් හැරයන දරුවන්ට ඉදිරි අධ්‍යාපනයක් නොමැති  වුවහොත් ඔවුන්ගේ පෞද්ගලික දියුණුව මගහැරී යෑම මෙන්ම සාමාජීය ගැටලු නිර්මාණය විමටද හේතු විය හැක. සාමාන්‍ය පෙළ දක්වා හෝ උසස්පෙළ දක්වා පාසැලේ ලියාපදිංචි වී සිටි දරුවන් පාසල හැරයාමේදි ඒ පිළීබඳ  ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වාර්තාගත වීම අත්‍යවශ්‍ය කරුණක් බව ද මෙම දරුවන් විභාගය නොකර හැරෙන මාර්ගය කුමක්ද, එසේ සිදුකරන්නේ කුමන හේතුවක් මතද යන්න සොයා බැලීම අනිවාර්ය බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.  

මෙරට අධ්‍යාපනය නැංවීමටත් තරුණ පරපුර තාක්ෂණයෙන් පිරිපුන් කිරීමටත් විදේශ ආධාර ඇතුළු සියලු දේ ලැබෙන නමුත්  අවශ්‍ය දත්ත පද්ධතිය සම්පූර්ණ කිරීමට නොහැකි වීමෙන් එම වැඩසටහන් ක්‍රියාත්මක කළ නොහැකි තත්වයක් උද්ගතවිය හැකිය.මේ හේතුවෙන් පැසැල් හැරයන දරුවන් පිළිබඳ  දත්ත වාර්තා කිරීම කඩිනමින් අරඹන්නැයි  අග්‍රාමාත්‍යවරයා විසින්  මෙහිදී රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

පාසල් දරුවන්ගේ වෙසක් සුබ පැතුම් පත් නිර්මාණ ප්‍රදර්ශනය සහ අනුර දහනායකගේ සම්මානිත මුර්ති ප්‍රදර්ශනය මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

 මෙම අවස්ථාවට බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය, බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සලෝචන ගමගේ, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂී වල්පොල ඇතුළු රාජ්‍ය නිලධාරීහූ සහභාගී වූහ.

 අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress