වඩුන්නාගල බෞද්ධ පුරාවිද්‍යා භූමියේ සිදුවන්නේ කුමක් ද? – ගවේෂණාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)
Posted on May 11th, 2023

Lanka Lead News

වව්නියාව දිස්ත්‍රික්කයේ නැදුන්කර්නි ප්‍රදේශයේ නයිනමඩු රක්ෂිත භූමිය තුළ පිහිටා ඇති වඩුන්නාගල බෞද්ධ පුරාවිද්‍යා භූමියේ පුරාවිද්‍යාත්මක සාක්ෂි විනාශකරමින් එම ස්ථානයේ හින්දු ශිවලිංගයක් තැන්පත් කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීම පිටුපස ඇති සත්‍ය කතාව සොයා පසුගිය දා ‘අනාගතය අපි‘ සංවිධානයේ ගවේෂණයක් සිදුවිය.

මෙම ගවේෂණයේදී අදාළ ස්ථානය පිළිබඳව ඉපැරණි බෞද්ධ පුරාවිද්‍යා සාධක රැසක් හමු වූ බවත්, වඩුන්නාගල පුරාවිද්‍යා භූමිය සතු ඓතිහාසික බෞද්ධ පදනම එම සාක්ෂි හරහා හෙළිවන බවත් එම සංවිධානයේ ඉසුරු ප්‍රසංග මහතා පවසයි.

මෙම ස්ථානයේ ඓතිහාසික පසුබිම ක්‍රි.පූ. 2 වැනි සියවස දක්වා දිවෙන බව H.C.P බෙල් මහතා හා සෙනරත් පරණවිතාන මහතා හෙළිකර ඇති බවද, පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ද මෙහි බෞද්ධ උරුමය පැවසෙන සාක්ෂි බොහෝමයක් සොයාගෙන ඇති බවද, ඉසුරු ප්‍රසංග මහතා පෙන්වා දෙයි.

වර්තමානයේ උතුරු හා නැගෙනහිර පළාත්වල සිදුවෙමින් පවතින බෞද්ධ පුරාවිද්‍යාත්මක උරුමයන් සංහාරය කිරීම හුදු ආගමික ගැටුමක් නොවන බවත්, මෙය උතුරේ දෙමළ දේශපාලකයන්ගේ දේශපාලන වුවමනාවක් මත සිදුකරමින් පවතින ක්‍රියාවලියක් බවත් මෙම ගවේෂණයේ දී පැහැදිලි වූ බවත් ඒ මහතා පවසයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…

https://www.facebook.com/watch/anagathaya.api.srilanka/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress