ආගම හා ඊලම (Religion and Tamil separatism)
Posted on May 16th, 2023

C. Wijeyawickrema, LL.B., Ph.D.

(179) යාපනයේ ජනතාව පාගමනින් කන්කසන්තුරේ තිස්ස විහාරයට ආවේ ඇයි? – YouTube

හැඳින්වීම

සුද්දන් හා ඔවුන්ට බැලමෙහෙවර කර වාසි ලබාගත් කළු සුද්දන් විසින් <බුද්ධාගම කියන්නේ බොරුවක්> යයි ගෙන ගිය ප්‍රචාරය 1873 පානදුරා මහාවාදයෙන් පසු යටගියත්, 1930 ස් ගණන් වනවිට ක්‍රිස්තියානි බලවේග යලි හිස ඔසවන්නට විය. සිංහල භාෂාව, දෙමළ භාෂාවෙන් නිර්මාණය වුනාය, යනුවෙන් අසත්‍ය මතවාදයක්ද මේ කාලය වනවිට පැතිරෙමින් තිබුණි. (සිංහල භාෂාව,  තියඩෝර් G. පෙරේරා, 1932, vii පිටුව). දකුණු ඉන්දියානු ක්‍රිස්තියානි SJV චෙල්වනායගම් මැලේසියාවේ සිට පැමිණ GG පොන්නම්බලම් සමඟ එකතුවූයේද මේ කාලයේදීය. 1948 වනවිට රටේ දිය යටින් දිවූ ප්‍රශ්ණයක් වූයේ කැතලික් ඇක්ෂන් නිසා දළුලමින් ආ ආගමික ගැටුමය (බෞද්ධ බලවේගය, L. H මෙත්තානන්ද; 1956 බෞද්ධ තොරතුරු කොමිෂන් සභා වාර්තාව). මෙම ගැටුම සිංහල-දෙමළ භාෂා ගැටුමක් බවට  පෙරලීමේ ක්‍රියාවලියේදී (කුමණ්ත්‍රනය?)  එස්මන්ඩ් වික්‍රමසිංහ ප්‍රමුඛ ලේක් හවුස් පත්තර ආයතනයද එහි දායකත්වය නොමසුරුව ලබාදුන්නේය (පුවත්පත් කොමිෂම් සභා වාර්තාව 1964).

දෙමළ බෙදුම්වාදයට දැන හෝ නොදැන 1935 සිටම  ඊනියා ජාත්‍යන්තර මාක්ස්වාදීන්ද, කෙලින්ම ක්‍රිස්තියානි පල්ලියද, අනුබල හා උඩගෙඩි දුන්නේය. එක් පල්ලි නිකායකට අනුව ප්‍රභාකරන් මානව වාදියෙක්ම විය (humane?). ක්‍රිස්තියානි පල්ලිවල පහත් කුලවල යයි සලකන යාපනේ දෙමළ ජනයාට ඉඳගන්නට වූයේ බිම හෝ බංකුවලය. ඒ අස්සේ හින්දු කෝවිල් මෙම කුලවල ජනයා නිසා අපවිත්‍රවනවා (caste pollution) යන කතාව අදටත් පවතී. මේ ජනයා සිංහලයින්ගෙන් නොව දෙමළ වෙල්ලාලයින්ගෙන් බේරාගත යුතුය යන සටනට අරුන් සිද්ධාර්ථ් නම් තරුණයා මැදිහත්වී සිටී. කරමින් සිටී.

ඒ කාලයේ සිට යුගෝස්ලේවියාවේ මතුවෙමින් තිබූ කොසොවෝ වෙනම රාජ්‍යයක් වැනි හෝ ඉන්දියාව සමඟ එකතුවීමේ සටනක් ලෙස හෝ චෙල්වනාගම් විසින් ආරම්භකල ගමන දෙමළ ජනයාටත් රටටත් මහා විනාශයක් කලේය. දන්නා හැම සෙල්ලමක්ම දමා මේ වනවිට ඉතිරිවී තිබෙන්නේ විග්නේශ්වරන්ගේ දෙමළ බෞද්ධයා කතාවත්, ශිව ලිංග පහක් දිවයිනට වැඩම කලාය යන කතාවත් පමණය. මේ <දෙමළ බෞද්ධ> නටබුන් මත දැන් ශිව ලිංග තැබීමේ ව්‍යාපාරය විග්නේශ්වරන්ගේ ව්‍යායාමය විහිළු බවට පෙරලා ඇත. ඊටත් වඩා විහිළුව වන්නේ මේ ව්‍යාපාරය කරට ගෙන ශිව ලිංග උස්සාගෙන එන්නේ ලෝගු දාගත් ක්‍රිස්තියානි බෝන් අගෙන් පාදිලිලා වීමය!

බෞද්ධ-හින්දු ගැටුමක් ඇතිකරවා ගෙන UNO-R2P හරහාවත් ඊළමකට මඟ පාදාගැනිම සුමන්තිරන් ප්‍රමුඛ ඊළම්කාරයින්ගේ උත්සාහය වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් ඔවුන්ව රවට්ටනවා යයි ඔවුන් සිතයි. තමන්ට හැකි උපරිමයෙන් රනිල් ඔවුන්ට සහාය දෙනබව ඔවුන්ට නොපෙනේ.  

ලංකාවේ බෞද්ධ විහාරවල වන්දනා අවකාශයෙන් (sacred space) සියේට 10-20 අතර ප්‍රමාණයක් වෙන්වී තිබෙන්නේ හින්දු දෙවි-දේවතාවියන්ටය.  එහෙත් ශිව දෙවියන් ආශ්‍රිත පුරුෂ ලිංගය හා ස්ත්‍රී යෝනි පාදය සඳහා ඉඩක් එහි නැත. පුල්ලෙයාර් දේව පිළිම වෙනුවට (හෝ විෂ්ණු හෝ ගණදෙවී) ශිව ලිංගම අරගෙනම ක්‍රිස්තියානි පාදිලිලා හා සුමන්තිරන්ලා යෑම අභිරහසක් වැනිය. ඉන්දියාවේ හින්දු මූලධර්ම වාදීන් දෙන්නෙක් යාපනේට පැමිණ මෙම ලිංග තැබීමට පුරාවිද්‍යා ස්ථාන 74 ක ලැයිස්තුවක් සදාගෙන ඇතිබව වාර්තාවිය. ආගමික ගැටුමක් ඇති කිරීම TNA හා ඊලම්කාරයින්ගේ උපායක් බව පෙනෙන්නේ කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරය අළුත්වැඩියා කිරීමට විරුද්ධව හා එහි වෙසක් උත්සවයට විරෝධය පෑමෙන්ය. තායිලන්තයෙන් වැඩමකල භික්ෂූන්  ත්‍රිකුණාමලයේ ගාන්ධි වෙරළේ කරන්නට ගිය උපසම්පදා (ලංකාවේ සියම් නිකාය පිහිටුවීම සමරමින්) උළෙල කඩාකප්පල් කිරීමෙන්ය. මෙම කැත ක්‍රිස්තියානි වැඩේට විරුද්ධව නැඟී සිටින්නේ යාපනේ චේ ගුවේරා ලෙස හැඳින්විය හැකි අරුන් සිද්ධාර්ථ් නම් දෙමළ බෞද්ධ තරුණයාය.

මිනිස් ශරීරය හා බුදු දහම

බුද්ධාගම්කාරයින්වත්, බුදුදහමට අනුව වත්, ශරීරය අනවශ්‍ය ලෙස නිරාවරණය කර ආගමික කටයුතු කරන්නේ නැත. හින්දු ආගම මීට වෙනස් වන්නේ ඔවුන් කෝවිල් යන්නේ <දර්ශන්> (to see, not worship, වැඳීම නොව දැකීම) සඳහා වීම වියහැකිය. දෙතිස් කුණපයෙන් පිරි මිනිස් ශරීරය පිරිසිදුව තබා ගැනිමට වැඩි දෙයක් බුද්ධ සාශනයේ කියා නැත. මධ්‍යම ප්‍රතිපදාවට අනුව අවස්ථාණුකූලව පෘත්ගජන පංචස්කන්ධ යම් යම් දේ අඩුවැඩි වශයෙන් කරයි (පංචකල්යානී තරඟ?). සතිපට්ඨාන (සිහිය පිහිටුවා ගැනීම) භාවනාවට අනුව දවස් නවයක් තුල මළ මිනියකට වෙනදේ බලා වටහා ගන්නේය (කරවල කෑල්ලක් සේ වේලුන සිය ආච්චිගේ ශරීරය අළුත් ඇඳුමින් සරසා වාර්ෂිකව එය ඔසවාගෙන යන සමාජයක් ගැන නැෂනල් ජෝග්‍රෆික් සඟරාවේ තිබූ පින්තූර මා දැක ඇත).

අක්ෂිදාන සංගමය ලංකාවෙන් ආරම්භවීම පුදුමයක් නොවන්නේ මෙවන් ආකල්පයක් නිසාය. යළි මළවුන්ගෙන් නැගිටීමක් සඳහා භූමදානය මිස ගිනිතැබීම නොකලයුතුය යන ප්‍රශ්ණයක් බෞද්ධයින්ට කොරෝනා කාලයේදී මතුනොවීය. ඉන්දියාවේ බොම්බාය ප්‍රදේශයේ එක්තරා පර්සි ගෝත්‍ර විසින් මළ මිනී උස කුළුණක තබා කුරුල්ලන් ඒවායේ කුණු මස් කා ඇටකටු ඉතුරුවු පසු, ඒවා එකතුකර පහලට ගෙනැවිත් කුඩුකර පෝර වශයෙන් පසට මිශ්‍ර කරන්නේය.

කුඩා ගැහැණු ළමයින්ගේ ලිංගික අවයව වලට කැපුම් කෙටුම්, මැහුම් දැමීම් අදටත් ලෝකයේ සමහර රටවල සිදුවේ. ගැහැනු ළමයින්ගේ පතුල් කුඩා කිරීම සඳහා කුඩා සපත්තු දමා හිරකිරීම මෑතක් වනතුරුම චීනයේ සිදුවිය. ලංකාවේ හින්දුන් වේල් කරත්තය කටුවලින් පිටේ හමට ඈඳා ඇදගෙනයාම, ඉරකායේ සමහර ආගමික සැමරුම් වලදී ලේ ගලන තුරු කසයකින් පිටට ගසා ගැනීම මෙන්ම, ජේසු තුමාට දුන් වදය මතක් කිරීමට කටු ඔටුන්නක් හා කුරුසය ඇනගසා ගෙන ගෙනයාම ක්‍රිස්තියානි ලබ්ධිකයින්ද ශ්‍රද්ධාවෙන් කරයි. යුදෙව්, ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම් වල මෙන් නොව වෛද්‍ය හේතුවක් මිස නොවේ නම් පිරිමි ලිංගයේ ඉදිරිහම කපා දැමීම බෞද්ධයින් විසින් කරන්නේ නැත. මගේ සීමිත දැනුමට අනුව බෞද්ධ සූත්‍රයක ස්ත්‍රී යෝනිය ගැන සඳහන් වන්නේ බමුණන් උපදින්නේ මහා බ්‍රහ්මයාගේ (ක්‍රිස්තියානි ඒබ්‍රහම්?) හිසෙන් නොව ස්ත්‍රියගේ යෝනියෙන් බව පෙන්වාදුන් අවස්ථාවේ පමණය.

ලංකාවට වැඩම කල ශිව ලිංග පහ

මෙවන් පසුබිමක් යටතේ ඒබ්‍රහම් සුමන්තිරන් නම් ඒබ්‍රහම් ආගමක් අදහන දේශපාලකයා කොළඹ සිට ගොස් මහජන මුදලින් සපයන පොලිස් ආරක්ෂාව යටතේ ක්‍රිස්තු පූර්ව සියවස් වල සිට පැවත එන බෞද්ධ විහාරයක නටබුන් මත ශිව ලිංගයක් තබා සිය උඩුකය  නිරුවත් කරගෙන කරන්නේ කුමක්ද?

මෙය ඊළම්කාරයින් වියරු වැටී දැන් ගෙනයන ආගමික ගැටුමක් ඇතිකිරීමේ උත්සාහයකි. දෙමළ බෞද්ධයෙකු වශයෙන්, යාපනේ පහත් කුලයේ යයි සළකන ජනයාගේ එකම කට හඬ වශයෙන්, ප්‍රහාකරන් කල විනාශයට විරුද්ධව අදටත් කතාකරන අයෙකු වශයෙන්, දෙමළ ජනයාට සිංහල පන්ති පවත්වන, RAW ඔත්තුසේවය යාපනේ ඇති ඉන්දියන් තානාපති කාර්යාලය හරහා යාපනේ කරන දේවල් එලිදරව් කරන අයෙකු වශයෙන් හා සිංහල ජනතාවගේ සහයෝගය ලබන, 13-A එපා යයි කියන අයෙකු වශයෙන් අරුන් සිද්ධාර්ථ් විසින් සුමන්තිරන් ප්‍රමුඛ ඊලම් නඩයට එල්ල කර ඇති අභියෝගය ඉදිරියේ සුමන්තිරන්ලාට කල හැකි එකම නිවට ක්‍රියාව මෙය පමණය. හින්දු විග්නේෂ් හෝ කතෝලික රාසමාණික්කම් කොළු ගැටයා වෙනුවට මුදුනා වන්නට සුමන්තිරන් දෙමළ ජනයා මීට සම්බන්ධ කරගන්නට හදන්නේ දෙමළ බෙදුම් වාදයට, ඊළම් ජරමරයට පක්ෂවන උතුරේ දෙමළ චන්ද පදනම සීඝ්‍රයෙන් හේදී යන පසුබිමකය.

මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනයට පෙර ලංකාවේ සිටි දෙමළ බෞද්ධයින් ගැන  කතාකරණ, හැමවිටම වාගේ නළලේ අළු තවරාගෙන සිටින, විග්නේශ්වරන් විසින් ලංකාවට ගෙනා ශිව ලිංග පහක් ගැන සඳහන් කරන්නේ බුදුහාමුදුරුවන් තෙවරක් ලංකාවට වැඩියා යන කතාවට ගැලපෙන අන්දමටය (Colombo Telegraph Oct 1, 2020). ඔහුගේ මේ පහට පොලොන්නරුවේ තුබුණු ශිව දේවාල දෙක ඇතුලත් කර නැත. ඊට හේතුව මේ දේවාල වලට යටින් තිබුණේ පුරාණ බෞද්ධ විහාර වල නටබුන් බව සොයා ගැනීම විය හැකිය (රාමාගේ උපන්බිම යයි සලකන ඉන්දියාවේ අයෝධ්‍යාවේ බැබ්‍රි මස්ජිද් මුස්ලිම් පල්ලිය විනාශ කිරීමට (1992 දෙසැම්බර්) පසුව කල කැනීම්වලදී  එහි යටින් තිබී හමුවුනේ බෞද්ධ විහාරයක නටබුන්ය. මෙය 1861 දී ඇලෙක්ෂැන්ඩර්  කනිංහැම් විසින්ද එලිදරව් කලේය). ඇත්ත වශයෙන් බලනවිට විග්නේශ්වරන් මේ ලිංග පහේ කතාව පවා විකෘතිකර ඇත. ජන ප්‍රවාදයේ එන්නේ රාමා විසින් රාවණා මැරීමේ පාපයෙන් මිදීම සඳහා මුන්නේස්වරම් ශිව දේවාලයට ගියවිට තව ශිව ලිංග කෝවිල් හතරක් සදන ලෙස ශිව දෙවියන් රාමාට නියෝග කලා යනුවෙනි.

දෙමළ පුත්තු හා සිංහල දූලා

මෙම දීර්ග විස්තරය ලියුවේ පාඨකයින්ගේ දැණුම වැඩිකරදීම සඳහාය. මෙවැනි කරුණු ලිවිමට බොහෝ අය අකමැතිය. අද රටේ පවතින ගැටළු ඉදිරියේ ක්‍රිස්තියානි සුමන්තිරන්ලා හදන්නේ ආගම් ප්‍රශ්ණයක් මතුකර ඔවුන්ට නැතිවී යන චන්ද පදනම රැක ගැනීමටය. මේ සඳහා ශිව දෙවියන් පාවිච්චිකිරීම අශීලාචාර ක්‍රියාවකි. සමහරවිට මීට පුද්ගලික හේතුවක්ද තිබිය හැකිය. විග්නේශ්වරන්ගේ පුත්තු දෙන්නාමත්, සුමන්තිරන්ගේ පුතාත් ලිංගික වශයෙන් සිංහල ස්ත්‍රීන් තුන්දෙනෙකු හා බැඳී ඇත. මෙය හරියට හිට්ලර්ගේ පුතා යුදෙව් ස්ත්‍රියක් බැන්ඳා වගේය! මේ නිසා මේ බෙදුම්වාදී ඊලම් පියවරුන් දෙන්නාම එක්තරා මානසික ආතතියකින් පෙලෙනවා විය හැකිය. මීට කලින් දෙමළ පෙඩරල්කාරයින් කලේ අරුන් සිද්ධාර්ථ් වැනි සිංහලයින් සමඟ මිත්‍ර අයව දෙමළුන්ගේ ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීමය. දැන් ඔවුන්ට එය කල නොහැකි අරුන්,  පහත් කුලවල යයි කියන යාපනේ සියේට 60 ක් පමණ දෙමළ ජනයාට සිදුවන අසාධාරණකම්, වෙනස්කම් වලට විරුද්ධව පෙනී සිටින නිසාය.

කර්නල් රත්නප්‍රිය බන්දු හා යාපනේ ජනයාගේ කඳුළු

යුද හමුදාව මෙම ජන කොටසට කල සේවයට අරුන් විසින් දේශපාලන මුහුණුවරක් දී ඇත. අරුන් පාර්ලිමේන්තුවට ඒම නැවැත්වීමට යාපනේ වෙල්ලාල පිරිස් ශිවලිංගය හා බෞද්ධ පන්සල් විරෝධය යොදා ගනිමින් යාපනේ පීඩිත හා හිරිහැරයට ලක්වූ ජනතාව රැවටීමට කරණ උත්සාහය, වහල් ක්‍රමය පවත්වා ගන්නට සටන් කල ඇමෙරිකාවේ වහල් හිමියන් යුද්ධය පරාද වෙමින් යද්දී යුද හමුදාවට බැඳෙන ලෙස සිය වහළුන්ට කල ආයාචනයට සමානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress